ඔබේ සාර්ථකත්වයට ලබාදෙන උපදෙස

සාර්ථකත්වය යනු අප හැමෝගෙම ජීවිතේ ලොකුම බලාපොරොත්තුව.එයට ලොකු කුඩා කියා බලපෑමක් නෑ.වයස් බේදයක් නැතුවම මිනිසුන් ලෙස අපි හැමෝම ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට දිවා රෑ වෙහෙසෙනවා.නොකා නොබී ඉතුරු කරනවා.හැකි උපරිමයෙන් මහන්සි වෙනවා.නමුත් අප කෙතරම් උත්සහ කළත් අපිට අපි බලාපොරොත්තු වෙන තරම් සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට නොහැකි වෙන අවස්ථා තියෙනවා.එවන් අවස්ථා වල අපි මානසිකව වැටෙනවා.අපිට ජීවිතේ හැම දෙයම එපා වෙනවා.

සමහර විට ඊළඟ උත්සාහයේදී ඔබ සාර්ථක වීමට වුවද ඉඩ තිබෙන්නට පුළුවන්.නමුත් මානසිකව වැටී සියල්ල එපා වී ඇති නිසා අපි නැවත උත්සහ නොකරයි.මෙය අපි බොහෝ දෙනෙක් ජීවිතයේ අත්විඳින සරල යථාර්තයක්.නමුත් අපි නොදන්නවා වුණාට අපේ මේ සාර්ථකත්වය ළඟා වීමෙන් වලක්වන්නට බොහෝ විට හේතු වෙන්නේ අප සතු පෞරුෂ්‍යත්වයේ,ජීවන රටාවේ ලක්ෂණ ආදී දුර්වලතා.

අන්න ඒ නිසා මේ පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට ජීවිතයේ සාර්ථකත්වය වලක්වන්නට හේතු වන්නේ මොනවද ඒවා මග හරවා ගන්නේ කෙසේද කියා ඔබට අවබෝධයක් ලබාගත හැකි සරල පරීක්ෂණයක් ඔබ වෙත ගෙන එන්නයි අද අපි සුදානම් වෙන්නේ.කාඩ්පත් වලින් ඔබ කැමතිම කාඩ්පත තෝරාගන්න.ඒ අනුව ඔබගේ සාර්ථකත්වය වළක්වන්නේ කුමක්ද කියා හඳුනා ගන්න උත්සහ කරන්න.

කාඩ්පත අංක 1-

ඔබව සාර්ථකත්වයෙන් වළක්වන්නේ ඔබේම එක පෞරුෂ ගුණාංගයකි.එනම් ඔබ සියල්ල ඔබට අවශ්‍ය පරිදි පාලනය කිරීමට උත්සහ කරයි.එය එසේ නොවූ විට ඔබට අවශ්‍ය දෙය සිදු නොවූ විට ඔබ නැවත නැවත එයම ඉටු කරගැනීමට උත්සහ කරයි.නොපසුබට උත්සාහය යනු අනිවාර්යෙන්ම යහපත් දෙයක්.නමුත් ජීවිතයේ අපිට සෑම දෙයකම පාලනය කල නොහැකියි.සෑම දෙයකටම සුදුසු කාලයක් ඇත.එයයි ලෝක ස්වභාවය.එනිසා ඔබ අපේක්ෂා කල පරිදි දේවල් සිදු නොවේ නම් ඔබ අත් හරින්න.ඔබේ සැහීමකට පත් නොවීමේ ගතිය දුරු කරගන්න.ඉවසීමෙන් හා විශ්වාසයෙන් යුතුව බලා සිටින්න.ස්වභාවයෙන්ම ඔබට අවශ්‍ය දේ අවශ්‍ය කාලයේදී ලැබෙනු ඇත.ඒ වෙනුවෙන් කල යුතු දේ සිදු කර තබන්න.නමුත් බලෙන් ලබා ගැනීමට උත්සහ නොකරන්න.

කාඩ්පත අංක 2-

ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට බොහෝ සෙයින් බාධා කරන ලක්ෂණය වන්නේ සංවිධානයක් නොමැතිකමයි.ඔබට අවශ්‍ය ගැලපෙන දේ ඔබට තෝරාගත නොහැක.ඔබට දැන් ඕනෑ කරන දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් ඊළඟ මොහොතේ අවශ්‍ය වෙයි.ජීවිතයේ ඔබේ අරමුණ ඔබ තවමත් හරියාකාරව හඳුනාගෙන නොමැත.ඔබ ඔබේ වටිනා කාලය වැය කරන්නේ ඔබට කිසිසේත්ම ඵල ප්‍රයෝජනයක් නැති මිනිසුන් හා ක්‍රියාවන්,කාර්යයන් වෙනුවෙනි.මේ නිසාම ඔබට වටිනා අවස්ථාවන් බොහොමයක්ම ඔබ නොදැනුවත්වම වැළකී ඇත.එනිසා ප්‍රථමයෙන්ම ඔබ ඔබගේ ජීවිතය ඔබේ මනස විශ්ලේෂණය කරන්න.ඔබට අවශ්‍ය දේ,අනවශ්‍ය දේ ප්‍රමුඛතා පිළිවෙලක් සකසාගන්න.ඔබේ ජීවිතයට යම් ඉලක්කයක් අරමුණක් ඇති කරගන්න.අනතුරුව ඒ වෙනුවෙන් කැප වෙන්න.එවිට ඔබේ ජීවිතය සාර්ථක වේ.

කාඩ්පත අංක 3-

ඔබේ සාර්ථකත්වය වලක්වන්නේ ඔබේ අවිනිශ්චිතතාවයයි.ඔබට යම් තීරණයක් ගැනීමට බොහෝ කාලයක් ගත වේ.යමක් ඔබට අවශ්‍ය වූ විට ඒ වෙනුවෙන් කැප වෙන්නේ කෙසේද,ලබා ගැනීමට ඔබ කල යුත්තේ කුමක්ද,අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල ආදී ලෙස කුමන දෙයක් ගැනවත් නිශ්චිත අදහසක් තීරණය කිරීමට ඔබට අසීරුය.එනිසා සැම විටම ඔබේ මනස ගොඩනගන්න.අවශ්‍ය දේ ගැන පමණක් සියුම්ව අවධානය යොමු කරන්න.වැනෙනසුලු ගතිය ඉවත ලා ස්ථිර නිවැරදි තීන්දු තීරණ වලට එළඹෙන්න.එවිට ඔබේ සාර්ථකත්වයේ දොරටු විවර වෙනු ඇත.

කාඩ්පත අංක 4-

ඔබේ සාර්ථකත්වය වලක්වන්නේ ඔබේ උඬගු ගති ස්වභාවයයි.ඔබ සැම විටම සිතන්නේ ඔබ අන් අයට වඩා උසස් කියාය.ඔබ ගැන ඔබ ආඩම්බර වෙන අතර අහංකාර ලෙස සිතයි.කටයුතු කරයි.ආත්මාර්ථකාමී බවද ඔබේ පිරීහීම සඳහා බලපායි.මේ හේතුවෙන් සියල්ලෝම ඔබෙන් ඈත් වෙන අතර ඔබගේ ජීවිතයේ සතුට සැනසුමද ඔබ වෙතින් පලා යනු ඇත.එනිසා නිරහංකාර පරාර්ථකාමී පුද්ගලයෙකු වන්න.සැමටම ගරු කරන්න.එවිට ඔබේ සාර්ථකත්වය ළඟා වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *