නව පරපුරේ නිළියක් භාවිත කරන මිලෙන් අධිකම මෝටර් රථයේ හිමිකාරිය

රංගන ශිල්පිණියක්, මෝස්‌තර නිරූපිකාවක්, නිවේදිකාවක් වගේම ගායිකාවක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් යුරේනි නොෂිකා කිව්වම අඳුනන්නැති කෙනෙකු නැති තරම්. නිතරම වගේ වෙනස් විදිහේ විලාසිතා වලින් මිනිසුන් අතර කතාබහට ලක් වෙන ඇය ලාංකේය නව පරපුරේ නිළියක් භාවිත කරන මිලෙන් අධිකම මෝටර් රථයේ හිමිකාරියයි. ඇය ගැන නවතම තොරතුරුයි මේ.


සිනමාවට ආරාධනා අඩු ඔබ වැඩිම මුදලක් අය කරන නිළියක් නිසාද?

ආරාධනා ලැබෙනවා නමුත් මගේ මිළ එක කිව්වම අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් දුවනවා. ඇත්තටම මම හිතන්නේ තමන්ගේ Demandඑක තමන් දන්නවා නම් මිලක් කියන්න බයවෙන්න ඕනේ නැහැ. අනික මට චිත්‍රපට මෙච්චරක හිටියා කියන්න රඟපාන්න අවශ්‍ය නැහැ.
චාම් විදිහට ක්ෂේත්‍රයට ආපු යුරේනි ජනප්‍රියත්වය වැඩි කර ගන්නද ඇග පෙන්නන ජායාරූප සදහා පේනී ඉන්නේ?

අවශ්‍ය අවස්ථාවට ගැළපෙන විලාසිතා කරනවා. කාලයත් එක්ක සිතුවිලි පරිනත වෙනවා. තරුණ කාලේ දැනුම අඩුකමකින් විලාසිතා කළාට දැන් බුද්ධිමත්ව සුදුසු විදියට විලාසිතා කරනවා. තමන්ගේ ශරීරය අනවශ්‍ය විදියට පෙන්නලා ඉන්න අය ප්‍රසිද්ධයි කියලා දන්නවා. බාගෙට ඇඳලා ගියත් මිනිස්සු කියන්නේ නිරුවතින් යනවා කියලා. ඒක පිටරටනම් සාමාන්‍ය දෙයක්. නමුත් ජනප්‍රියත්වය කියන්නේ වෙනත් දෙයක්. තමන් කරන චරිතවලට, වැඩවලට ආසාවෙන්, ගරුත්වය සහ ආදරය සමඟ වැඩකිරීම තමයි ජනප්‍රියත්වය ලෙස මම දකින්නේ.

ඔබට ඕනෑම ආකාරයේ චරිතයක් කැමරාව ඉස්සරහ රඟපාන්න පුළුවන්ද?

මම හිතනවා පුළුවන් කියලා. ඒ හැකියාව උරඟා බලන්න ඒ චාන්ස් එක ලැබෙන්න ඕනි. මම හිතනවා ඒක ඉස්සරට හම්බවෙයි කියලා.

අතීතයට ගිහිල්ලා වැරදුන තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුණොත්?

මම වැරදි වලින් හැදිච්ච කෙනෙක්. වැරදි තමයි මාව ශක්තිමත් ක්‍රේ. ඒ නිසා මම වැරදි හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මම වැරදිවලින් හොඳ කෙනෙක් වෙන නිසා අදත් වැරදි කරයි. ඒවායින් මනුස්සයෙක් හැදෙන එකයි වෙන්නේ.

ඔබ මිලෙන් අධිකම මෝටර් රථයක හිමිකාරියයි ඔබට දියුණු වෙන්න ඕන කියන අදහස හිතට ආවේ කොහොමද?

පුංචි කාලේදී ඉදන් අපිට හීන තියෙනවා. මටත් තිබුණා. ඒ කාලේ මං දැකපු පළමුවැනි හීනය තමයි කාටත් කරදයක් නොවී ජීවත් වෙන්න ඕන කියන එක. නිළියක් විමේ හීනය නම් තිබුණේ නැහැ. ඉස්සර මං පාරේ බස් එකේ යනකොට පාරේ යන වාහන දිහා බලාගෙන ඉන්නවා. අනේ මටත් කවදා හරි මගේම කියලා වාහනයක් තිබුණනම් කියලා හිතුණු වාර අනන්තයි. හැබැයි පොඩි පොඩි වාහන ගන්න නෙවෙයි මං ප්ලෑන් කරන්නේ. වී. අයි. පී. වාහනයක් ගන්න. අද ඒ හීනය හැබෑ වෙලා.

අද ඔබ පාවිච්චි කරන වාහනය මොකක්ද? ඒකෙ වටිනාකම?

මර්සඩිස් එස් එල් සී 180 කියන කාර් එක. ලක්ෂ එකසිය හතළිහයි.

කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහෙන්ද යුරේනිට මෙච්චර සල්ලි කියලා?

සල්ලි උපයන්න මැරීගෙන වැඩ කරන්න ඕන කියන මිථ්‍යාවෙන් අපි අතපයේ ශ්‍රමයෙන් රැකියා කරනවා. ඒත් මොළේ වෙහෙසවෙලා වැඩ කරන කීප දෙනායි ඉන්නේ. විද්‍යාඥයින් කියන පරිදි සියයට එකයි අපි මොළෙන් ප්‍රයොජනයට ගන්නේ. ඇත්තටම තමන්ට පුළුවන් නම් මොළෙන් වැඩ කරන්න ඉතා ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. ඒ සඳහා සැලසුම් ඕන තරම් තියෙනවා. අපේ උනන්දුව නැති එක තම්යියි ප්‍රශ්නෙ. ඔය බිල් ගේට්ස්ලා වැනි ලෝ ප්‍රකට කෝටිපතියෝ දියුණු වුණේ මොළේ පාවිච්චි කරලා.

ඔබ වාහනය සමඟ ඔබ පෙනී සිටින ඡායාරූපයකට අන්තිම පහත් ගණයේ කමෙන්ට් ඇතැමුන් එක්කොට තිබුණා?

සාර්ථකත්වයක් දකින්න බැරි මිනිස්සු කොහොමත් සාර්ථක අයට අකුල් හෙළනවා ඊර්ෂ්‍යා කරනවා. ඒ පීඩනය දරාගන්න බැරි තැන තමයි ඔය වගේ අදහස් එළියට එන්නේ. මං ඒ අයට අනුකම්පා කරනවා. තමන් තමන්ට ආදරය කරන්න පටන් ගන්න කවුරුත් දියුණු වෙනවා දැකලා පීඩනයෙන් ඉන්න් ඕනි නෑ. අනුන්ට ගහන මඩ තමන්ටම දවසක පෙරළා ලැබෙන බවත් මතක තියාගන්න.

විවාහය පිළිබඳ අදහසක් නැද්ද?

මගේ ජීවිතේ මට බොහෝ දේවල් ලැබුණේ පරක්කු වෙලා. මට හම්බුණ පළමු සම්මානේ ලැබෙන්නේ රඟපාන්න ඇවිල්ලා අවුරුදු දහයකට විතර පස්සේ. මිනිස්සු මගේ රංගන හැකියාවත් හරියටම දැක්කේ බොහෝ කල්ගත වෙලා. මං විශ්වාස කරනවා මගේ විවාහයත් එහෙම වේවි කියලා. මේ ලෝකේ මට ගැළපෙන හොඳම කෙනාව මට පරක්කු වෙලා ලැබේවි.

හැංගිලා ඉඳලා එකපාරට ඉස්මතු වෙන්නේ ජනප්‍රියත්වය ඉස්මතු කර ගන්නද?

ඕනෑම කෙනෙක් හැමතිස්සේම පේන්න හිටියම අගයක් නැතිවෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි හොඳ දෙයක් නම් කාලෙන් කාලේට ආවට කමක් නැහැ කියන දේ. හැම තිස්සෙම ඉන්න ඕනේ නැහැ ජනප්‍රියත්වය රැඳෙන්න. කරන වැඩේ හොඳ නම් අනිවාර්යෙන්ම කාලයක් ගිහිල්ලා ආවත් ඒ වැඩේ ප්‍රේක්ෂකයන්ට මතක හිටිනවා. ජනප්‍රියවෙන්න දඟලන්නේ නෑ මම.

දියුණු වෙන්න හීන දකින තරුණ අයට යුරේනිට මොනවද කියන්න තියෙන්නේ?

මිනිස් ආත්මයක් ලෙහෙසියෙන් ලබන්න බැහැ. ඒකට පින්කරලා තියෙන්න ඕන. එහෙම ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයෙන් නිසියාකාරව ඵල නෙලා නොගෙන විඳව විඳව ජීවත් වෙන්න එපා. තමන්ට ටාර්ගට් එකක් තියා ගෙන ධනාත්මකව හිතලා අභියෝග බාරගෙන තමන්ගේ දක්ෂතාවයන් හඳුනා ගන්න. එතකොට දියුණුව තමන් සොයා ඒවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *