අවුරුදු ගාණක් තමන්ට සේවය කරපු සේවකයාට පුදුම හිතෙන තෑග්ගක් දුන්නූ ජැක්ලින්

ජැකලීන් ෆර්නැන්ඩස් කිව්වම හැමෝම දන්න දේ තමයි ඇය ලංකාවට නෑකම් කියන වග.

අද දවසේ බොලිවුඩයේ සුපිරි තරු අතරේ ඉහළින්ම වැජඹෙන් මේ සුන්දර තරුණිය ගැන කාලෙන් කාලයට විවිධ කටකතා එහෙමත් නිර්මාණය වෙනවා.

මෑත කාලයේ ඒ විදිහට සමාජ මාධ්‍ය උණුසුම් කළ පුවතක් වුණේ, සල්මන් හා ඇය අතර සම්බන්ධයක් ඇති බවට පැතිරුණු රාවයයි.

කොහොම වුණත් ජකලීන් රංගන ශිල්පිනියක් විදිහට අතිසාර්ථක බව තමයි බොහෝ විචාරකයින් වුණත් සඳහන් කරන්නේ.

මර්ඩර් 2, රේස්.. වගේ චිත්‍රපටවල ඇගේ සුවිශේෂි රංගනයින් දැකගන්න පුළුවන් වුණා. එපමණක් නොවේ, සිංහල සිනමාවට නැවුම් අත්දැකීමක් එක් කළ “මැතිව්” චිත්‍රපටයෙත් ඇය ආන්දෝලනාත්මක රංගනයක් නිරූපණය කළා.

හොඳයි දැන් මේ අපි කියන්න හදන්නේ ඇගේ නිර්මාණ කටයුත්තක් ගැන නම් නෙවෙයි.

පසුගිය දවසක ඇය ඇගේ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට අපූරු තෑග්ගක් ලබා දීලා තිබුණා. ඒ මෝටර් රථයක්.

දුෂෙරා උත්සවයක් අතරතුර මුම්බායි හිදී ජැකලින් විසින් මේ ත්‍යාගය සේවකයාට පිරිනමා තිබුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

විශේෂත්වය වුනේ ඇය මේ අවස්ථාවට සහභාගි වෙලා තිබුණේ පොලිස් නිලධාරිවරියක් විදිහට සැරසීගෙනයි.

රූගත කිරීමක් අතරතුර ජැකලින් මෙසේ පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. ඇය මීට පෙරත් මෙවැනිම පරිත්‍යාගයක් කර තිබුණු අතර එම මෝටර් රථයට හිමිකම් කියූවේ ඇගේ වේශ නිරූපණ ශිල්පියායි.

තමන් වෙතට සමීප කාර්ය මණ්ඩලයට ඉතා කාරුණිකව සැලකීම යන ගුණාංගය ඇය තුළ තියෙන බව කවුරුත් කියනවා.

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ජැකලින්ගේ පළමු චිත්‍රපටයේ පටන්ම, මෙම සේවකයා ඇය හා රැඳි සිටින බවයි.

මෑතකදී ජැකලින් ඇගේ ඉන්ස්ටග්රෑම් හි අනුගාමිකයින් මිලියන 46ක් ඉක්මවා ගොස් වාර්තා අතරට ද එක් වුණා.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *