ශනුද්‍රි ප්‍රියසාද් දුන්න උත්තරේ

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ නවපරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තනයටත් ඇය උපන් හපන්නියක්.

විවිධ විලාසිතාවලින් කාගේත් සිත් වසඟ කරන ඇගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

ශනුද්‍රිගේ උපන්දිනය සමරන්න සිය පවුලේ පිරිස සමග කොළඹ පිහිටි සුපිරි හෝටලයක ඊයේ දිනයේ රාත්‍රී කෑම මේසයක එකට එකතු වුණා.

මේ අතර ශනුද්‍රිගේ මිතුරු මිතුරියන් පිරිසක් විසින්ද උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.

ඇගේ උපන්දිනය දවසේ ඇගේ නවතම තොරතුරු දැනගැනීමට අපි ඇයට කතාකරා එහිදී ඇය පැවසුවේ මෙවැනි කතාවක්.

ලොකු අක්කනම් දැන් විවාහ වුණානේ නංගිට පෙම්වතෙක්නත් හොයාගත්තොත් නරකද ?

මම හිතන්නේ මට ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒකත් තව ටික කාලයකදි වෙයි. බලමු දැනට ඉතින් ඔය යන විදිහට යනවා.

ඔයාගෙත් ලස්සන ටැටූ එකක් තියෙනවා අපි දැකලා තියෙනවා. ටැටූ කලාව ගැන ඔයාගේ අදහස ව‌ගේම මිනිස්සු දරණ මතය ගැන ශනුද්‍රිට මොකද හිතෙන්නේ ?

සමාජයෙන් මම ටැටූ ගහලා තියෙන එක ගැන තියෙන මතය නම් මට ඇත්තටම අදාල නැහැ. එක එක අයට එක එක අදහස් තියෙනවා. ප්‍රශ්ණයක් නැහැ එයාලට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද මගේ අම්මයි තාත්තයි දන්නවා. එයාලා කැමතිනම් මම ඒක කරනවා. අපි ජීවත්වෙන්නේ ආර්ට් එක්ක. ඉතින් ඒකත් ආර්ට් එකක් කියලා දන්නේ නැති මිනිස්සු තමයි ඒක ප්‍රශ්ණයක් කරගෙන තියෙන්නේ. ඒක එක අතකින් කලාවක් ඉතිං මම හිතන්නේ ප්‍රශ්ණයක් නැහැ ටැටූ එකක් ගහන එක.

අදාළ ඡායාරූප පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *