ෆේස්බුක් දැමූ පුද්ගලයා මෙන්න

කොරෝනා ඇඳිරිනීතිය කාලය තුළ ‘නිල්චිත‍්‍රපට’ නරඹා තමන්ගේ ජංගම දුරකථනයෙන් මුහුණුපොතට මුදාහල නගර සභා ආරක්ෂකයාට නඩුපවරා මුදලින් රු. 5000.00 ක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපමත, දැඩි සේ අවවාදකර කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් විසින් නිදහස්කර තිබෙනවා.

තමන්ගේ රාජකාරි ස්ථානයේ ඇසැබි චිත‍්‍රපට නැරඹු නගර සභා ආරක්ෂකයාට එරෙහිව නඩු විභාගය 2021.01.21 දින කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ දී පැවැත්වීමට නියමිතයි.

කුරුණෑගල ප‍්‍රධාන බස්නැවතුම්පල භුමියේ ආරක්ෂක අංශයේ රාජකාරියේ යෙදී සිටි (අවු 24) නගර සභා ආරක්ෂකයා පසුගිය 05 දින රාත‍්‍රි කාලයේ තමන් සතු ‘පෙන්ඩ‍්‍රයිවර්’ භාවිතාකර රූපවාහිනි යන්ත‍්‍ර මගින් මෙසේ නිල් චිත‍්‍රපටි නරඹා තමන්ගේ ජංගම දුරකතනයෙන් ඔහුගේ යහළුවන්ට නැරඹීමට මුහුණුපොතට මුදාහැර තිබුණා.

කුරුණෑගල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු උ.පො. ප කරුණාරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *