සල්ලි කීයක් දුන්නත් මම සුදානම් නෑ

ටෙලි නාට්‍යය හා ගීත රූප රචනා බොහෝමයක දැක ඇති යොවුන් කලා ශිල්පිනියක් ලෙස දිනු රත්නායක හැඳින්විය හැකිය. ඇය ඉතා කෙටි කාලයක් ඇතුලත ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම මේ වනවිට නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටි. දිනුගේ ජායාරුප පෙළක් පසු ගියදා අන්තර්ජාලය තුල උණු කැවුම් සේ එහෙ මෙහෙ සැරිසරනු ලැබුවා ඒ පිළිබද දිනු කියපු කතාව මෙන්න

වර්තමානයේ ගොඩක් නිරූපිකාවේ ඇග නිරාවරණය වන ඡායාරූප වලට පෙනී ඉන්නවා. ඔබත් ඒ රැල්ලට දැන් හුරුවෙලාද?

ඒක රැල්ලක් නෙමේ. ඒක බලන පුද්ගලයාගේ කෝණය අනුව වෙනස් වෙනවා. මම එය දකින්නේ කලාත්මක නිර්මාණයක් ලෙස පමණයි.
නිරූපිකාවක් විදිහට අද ඔබ පැමිණි ගමන ස්ථාවර වෙලා තියෙනවාද?

මම නිරූපන කටයුතු වල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට. මේක මගේ වෟත්තිය නෙමෙයි. ඒ හින්දා නිරූපිකාවක් විදිහට මම ස්ථාවරද නැද්ද කියලා දන්නේ නැහැ.

සිරුරේ අඩක් පේන ඡායාරූපවලට හිටියාම ජනප්‍රිය වෙන්න පුළුවන් කියන මතයේ ඔබ ඉන්නවාද?

නැහැ. මම හිතන්නේ හැකියාව, කැපවීම, උනන්ඳුව හා හොඳ හැඩරුවක් තිබිය යුතුයි කියලා. ඒ දේවල් තියෙනවා නම් ඕනා කෙනෙක්ට මේ ක්ෂේත්‍රය තුළ සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම ජනප්‍රිය වෙන්නත් පුළුවන්.
මෑත කාලයේ ඔබ පෙනී හිටි ඡායාරූප රාශියක් ජනප්‍රිය වුණා නේද?

ඔව්. මෑතකදී කල සිදු කල නිර්මාණ ගොඩක් ජනප්‍රිය වුණා. කොහොමත් මම කළ හැම කලා නිර්මාණයක්ම ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය වුණා කියලා මම හිතනවා.

නිරූපිකාවෝ අද ඉක්මණින්ම ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා. ඒ ඇයි?

තියන තරගකාරීත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ ඉක්මනින් ඉදිරියට යන්න. ඒ නිසා මම එහි වරදක් දකින්නේ නැහැ. අපි හැමෝම කැමතියි ජනප්‍රිය වෙන්න. නමුත්, මගේ අදහසක් නැහැ ඉක්මන් ගමනක් යන්න. මොකද, ඉක්මන් ගමන කෙටියි කියලා කතාවක් තියෙනවා නේ. මම කැමතියි මගේ ගමන හෙමින් යන්න. ඒ වගේම මිනිස්සුන්ට දැනෙන හොඳ නිර්මාණ විතරක් භාර අරගෙන කරන්න.

ඇග නිරාවරණය වන ඡායාරුපවලට පෙනී හිටින්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවාද?

කොහොත්ම නැහැ කියක් දුන්නත් මම ඇග නිරාවරණය වන ජායාරූප වලට පෙනී සිටින්න අකමැතියි. මුදලට වඩා මට මගේ ගෞරවය වටිනවා.

නිරූපිකාවක් විදිහට ඔබ යම් සීමාවක සිටිනවාද?

ඇත්තෙන්ම ඔව්, මම වැඩක් භාරගනිද්දි බොහෝ දේවල් හොයලා බලනවා. වැඩේ කරන්නේ කවුද, ඇඳුම් පැළඳුම් මොනවද වගේම මේක මට ගැළපෙනවාද? මේකෙන් මට යම් හානියක් වෙනවාද කියන වගේ දේවල් මම හොයලා බලනවා. හැමදේටම මම සල්ලි මුල් කරගන්න කෙනෙක් නෙමෙයි. අපි හොඳට හිටියොත් තමයි අපිට හොඳ පිළිගැනීමක් තියෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *