තීරණාත්මක මොහොත ගැන යළිත් ආවර්ජනය කළ හැටි

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම මෙන්ම දක්ෂ නිලියක් තමයි ප්‍රියංකා චොප්රා කියන්නේ.

මේ වන විට බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ද ජනප්‍රිය චිත්‍රපටි රැසකටම රංගනයෙන් තම දායකත්වය ලබා දුන් ඇයට ලොව වටා ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරය හිමි වෙනවා.

කෙසේවෙතත් 2000 වසරේදී Miss World කිරුළ පැලඳු බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා එම අවස්ථාවේ මුහුණු දුන් අපුරු සිද්ධියක් පිලිබදව මෑතකදී ආවර්ජනය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මේ එම තීරණාත්මක මොහොත ගැන ඇය පැවසූ අදහස් කිහිපයක්

” 2000 වර්ෂයේදී මම ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට සමත් වුණා . එම අවස්ථාවේ මම ඇදසිටි ඇදුම මට ඉතාමත් තදින් තිබුනා. කෙසේනමුත් අවසාන තීරණාත්මක මොහොතේ මම ටිකක් අවිනිශ්ෂිත බවකින් සිටියේ. අවසානයේ ජයග්‍රහණය කරන විට මම දහඩිය දමමින් සිටියේ.

කෙසේනමුත් එම මොහොතේ මගේ ඇඳුමේ පටිය සම්පුර්ණයෙන්ම ගැලවෙන්න පටන් ගත්තා. එම අවස්ථාවේ මම ගොඩක් අපහසුතාවයට ලක්වුණා.

එවිට මම සිදු කළේ මගේ ඇදුම ඉහලට ඔසවා ගැනීමයි. ඒ වෙලාවේ මිනිස්සු හිතුවේ මම namaste ලෙසට ඔවුන්ට ආචාර කිරීමට සැරසෙන බවයි. නමුත් ඇත්තටම සිදුවුයේ මම මගේ ඇදුම ඉහලට ඔසවාගෙන සිටීමයි . ඒ අවස්ථාවේ මම ගොඩක් අපහසුතාවයට ලක්වුණා ” යනුවෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *