සමල්කාට වැඩියෙන්ම ආදරේ කරන පියුමි

අද අපි කතා බහට එකතුවෙන්නේ දඟකාර හැඩකාර සුන්දර යුවතියක් සමගයි. ඇගේ නම පියුමි ශ්‍රීනායක. ආදරණිය චරිතයක් වූ ඇය ගැන නම් අද නොදන්නා කෙනෙක් නැති තරම්. මියුසින් වීඩියෝ හරහා තිරයට ආ ඇය අතිශයින් ජනප්‍රියත්වයට පත් වූවා වගේම ඉන්පසු ටෙලි තිරයටත් මුහුණදීම ඇය තීරණය කළා. සිය කළා කටයුතු හා පුද්ගලික ජීවිතය පිළිබඳවත් අයත් සමග අපි සුහද කතා බහක නියැලුනා. අපි ඇයත් සමග කල කතා බහේ මුලින්ම ඇසුවේ මේ දිනවල ජීවිතය කොහොමද කියලා.

මම දායක වුනු ටෙලි නාට්‍ය තුනක් මේ දිනවල විකාශනය වනවා. ඊට අමතර හිත කොනිත්තන ආදරේ කියන කියන මියුසිනක් වීඩියෝ එක ගැනත් ගොඩක් දෙනෙක් කතා බහ වෙනවා. ඒ වගේම තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ ගීතයකට මේ දිනවල කවුරුත් හඳුනන්ගෙන ඉන්නේ. ඉතින් මේ දිනවල ඒ වඩාත් එක්ක ජිවිතේ සතුටින් කාලය ගත කරනවා. මම රංගන කටයුතු වල යෙදෙන්නේ විනොදෙට නෙවෙයි ඒ තමයි මගේ රැකියාව මගේ හීනෙ, රංගනයට මගේ හිතේ කැමැත්තක් තිබ්බේ අද ඊයෙක නම් නෙවෙයි. පොඩි කලේ ඉදන් මම ගොඩක් අසාවෙන් තමයි රංගන ජිවිතයට ආසා කලේ. උසස්පෙළ දක්කවා මම ඉගෙනගත්තා. උසස්පෙලට කලේ වාණිජ අංශයෙන්. එත් මට නම් ඕනේ වුනේ කළා අනශයෙන් ඉදිරියට යන්න තමයි. රංගනය නර්තනයට මම කළා ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් උදවු උපක්‍ර ලබාගත්තා. එහෙම තමයි අද ඉන්න තැනට ආවේ.

අපි කතාබහ වෙනමමපැත්තකට හැරුනා. අපි මීලග ඇසුවේ ඇයගෙන් ඇය ළඟ පුසෝ කියක් ඉන්නවද කියලා. දැනට නම් 4දෙනෙක් ඉන්නවා. දවසින් දවස ඉතින් හරියටම කියන්න බෑ වැඩිවෙන වෙලාවල් තියනවා. මොකද කොහේ හරි යද්දී අසරණ වුන පුසෙක් දැක්කොත් ගෙදර අරගෙන එනවා. පොඩි කාලේ මට තාත්තා පුස් පැටියෙක් ගෙනත් දුන්න. එයට මම නම දාලා තිබ්බේ කළු කියලා. එය කලුයි. එයා නම් දැන් නෑ. එයා ගොඩක් හුරතල් නෑ මොකද එය පිරිමි පුසෙක්. එයා තමයි හැබැයි මගේ පලවෙනි සුරතලා. දැන් ඉන්න පුසෝ හතරදෙනටා මම නම් දාලා තියනවා. තැඹිලි පාට එකෙක් ඉන්නවා එයාගේ නම තමයි තැඹිලි. එයා මම ගෙනාවේ පාරේ ඉඳලා. තව පුසෙක් කොහෙන්දෝ අපේ ගෙදරට ඇවිල්ලා එයා ටිකක් මහතායි මම එයට කියන්නේ තඩිච්චී කියලා. තව පුසෙක් ඉන්නවා එයාගේ නම සමල්කා. අමතක වුනා තඩිච්චිට පැටියෙක් ඉන්නවා එයා ගොඩක් කෙට්ටුයි චුටියි එයට නම් මම කියන්නේ චුටි කියලා.

මේ අයාගෙන වැඩියෙන්ම ආදරේ කාටද කියල තමයි මම මීලගට අයාගෙන ඇසුවේ. එයාගේ උත්තරේ උනේ සමල්කා කියලා. මොකද එයාගේ අම්මත් හරිම කීකරුයි. කියන දේ හොඳට අහනවා. එයාගේ අම්ම මගේ අඟ උඩම තමයි නිදාගන්නේ. ඒ හින්දා වෙන්න ඇති දැන් මන් එයාගේ පැටියටත් ගොඩක් ආදරෙයි. මම වැඩිපුරම කැමති සමල්කට.

ඇයි ඒ පුසට සමල්කා කියල නම දැන්මේ. මම ඉස්කෝලෙ යන කාලේ මගේ හොඳම යාළුවා සමල්කා. එයා දැන් රට ඉන්නෙ. එයාව මතක් වෙන්න තමයි පූසාට සමල්කා කියලා නම දැම්මෙ. එයාගේ අම්මට ලෙඩක් තිබුණා. එයාට විටමින් ඌණතාවය තිබුණු නිසා ඩොක්ටර් කිව්වා එයාට පැටව් හදන්න දෙන්න එපා කියලා. ඉතින් මම ගෙදර ඉන්නෙ නැති වෙලාවට මෙයාව හිර කරලා යන්න බැහැනෙ. අනික මෙයාව ඔපරේෂන් කරන්නත් බෑ. එයාට සිහිය නැති කළාම ආයේ සිහිය එන්නෙ නෑ. ඊටපස්සේ කොහොම හරි පැටව් දෙන්නෙක් ලැබුණා. ඒ හින්දා තමයි එයා මැරුණේ. දැන් ඒ ලෙඩේ මෙයාටත් තියෙනවා. මෙයත් වැනි වැනි තමා එහාට මෙහාට යන්නේ. මෙයාට හැමදාම විටමින් දෙනවා. එයා මම නැතිව ඉන්නෙම නෑ. පැය 24න් පැය 12ක්ම මාත් එක්කයි ඉන්නෙ. ඕවා තමා සමල්කාගේ විස්තර.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *