ඒ දෙන්නට ගැළපෙන වෙන දෙන්නෙක් නෑ

ලස්සනට පියකරුව ගලන ගඟක් කොයි තරම් නම් බාධක පහු කරන්නැද්ද? කොයි තරම් රළු ගල් පරවල හැපෙනවා ඇද්ද? ඒ කොයි තරම් බාධක, දුෂ්කර මාර්ග පහු කළත් ගඟ දිගටම ගලනවා. කාවින්ද්‍යා කියන්නෙත් ඒ වගේ ගල්පරවල හැප්පි හැප්පි බාධක මැද්දෙන් නිහඬව ගලන ගඟක්.

අම්මා තාත්තා කලාකරුවන් කියලා හැමදේම කඩාගෙන බිඳගෙන ගලන්නත් ඇයට උවමනාවක් නෑ. බොහොම පරිස්සමෙන් නිස්කලංකව ගලන කවීට හදිස්සියක් තියෙන බවකුත් පේන්න නෑ. මේ වෙනකොට කුළුදුල් චිත්‍රපටයෙන්ම රංගනයේ සලකුණක් තියන්න පුළුවන් වුණු ඇය හතු පිපෙනවා වගේ චිත්‍රපට නාට්‍ය ගොඩක එක දිගට පිපුණෙත් නෑ. අම්මගේ තාත්තගේ රීමේක් කරන්න කවර් කරන්න ගීත සිය ගාණක් තිබුණත් ඒ දේවල් ඉණිමඟක් කරගෙනත් නෑ.

ඒ නිසාම ඇය යන්නෙ ඉබාගාතේ අම්මා තාත්තාගේ කරෙන් යන්න යන වාෂ්පශීලී ගමනක් නොවෙයි කියලා අපිට හිතෙනවා. කුකුළගේ කරමලේ වගේ නිතර දෙවේලේ මාධ්‍යවල පේන්න නැති මෙන්න මේ කාවින්ද්‍යා පළමුවරට යූ ටියුබ් සාකච්ඡාවක් දෙනවා. ඇය ගැන ඇගේ විදිය, අම්මා තාත්තා මල්ලි ගැන එතනදි ගොඩක් දේවල් කියවෙනවා. ඒ හැම දෙයක් ඇතුළෙම අවුරුදු 24 කදි ඇය ජීවිතයට එකතු කරගත්තු මොකක් දෝ පරිණත බවක් තියෙනවා. අම්මා තාත්තා පුංචි කාලෙන්ම වෙන්වෙලා වෙන වෙනම පාරවල්වල යද්දි වගේම ඒ වටා ගෙතුණු කතන්දර නිසා එකතු කරගත්තු අත්දැකීම්වලින් ඇගේ ජීවිතේට ඒ පරිණතකම ලැබුණා වෙන්න ඇති.

අම්මයි තාත්තයි ක්ෂේත්‍රයේ යුගයක් බිහිකරපු ගායක යුගලයක්. ඒ යුගය නිමාවීම ගැන කවී මෙතනදි ලස්සන දෙයක් කියනවා. ඒ දෙන්නට ඒ දෙන්නා ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගේ හඬක් ගැළපෙන්නෙ නෑ. ඉතින් ඒ යුගය ඉවරුණු එක නම් අපරාදේ. ඇය එහෙම කියන්නෙ දුව විදියට නෙවෙයි. ඒ හඬවල් දෙකට ආදරය කරන පිටස්තරයෙක් විදියට. කොහොමත් කවීගේ ජීවිතේ අම්මට තියෙන්නෙ ලොකු ඉඩක්.

ඒ වගේම මල්ලිවත් මුළු ජීවිතේම කරගත්තු ඇය කියන කතාව සම්පූර්ණයෙන් මෙතනින් බලන්න පුළුවන්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *