වෙස් පෙරලුණු ප්‍රේම කතා

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මේ වන විට විවහ අය. නමුත් අතීතයේ එනම් ප්‍රවීණ කලාකරුවන් මෙන් නෙවෙයි දැන් ඉන්න පිරිස. ඒ අය බොහෝ විට විවාහය ගෙවී වසරක් යෑමට පෙරම තමන්ගෙ කසාදය කටුගා දමනව.

බොහෝ විට දැන් කලා කරුවන් දික්කසාද වුන ගමන්ම වගේ නැවතත් තවත් කසාදයක් කරගන්න පෙලබිලා තියෙනව. මේ වන විට කලා ක්ෂේත්‍රය තුල මේ වගේ දේවල් සාමාන්‍යකරණයට ලක්වෙලා කිවුවොත් හරි, මොකද ඒක දැන් දැන් අපි කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් නිසා.

වැදගත්ම කාරණාව තමයි කලාකරුවන් කියන්නෙත් අපි ඔබ වගේම සාමාන්‍ය ජන කොටසක් කියන එක. මොකද අද සමාජයේත් පෙරට වැඩිය දික්කසාද බොහොමයක් සිදුවන නිසාවෙන් උසාවි වලට නිදහසක් නැති වෙන්න දික්කසාද නඩු තියෙන බව අහන්න දකින්න ලැබෙන තොරතුරු වලින් දැනගන්න ලැබෙනව.

කලා කරුවන් ටත් මෙහෙම වෙනස් වෙන්න සාධාරණ හේතු තියෙන්න පුලුවන් ඒ ගැනත් අපි සමාජයක් විදියට හිතන්න වෙනව. කොහොම වුනත් අපි අද කියන්න යන්නෙ පළමු විවාහයෙන් වෙන්වී නැව්ත විවාහ වූ හා විවාහ වෙන්න ඉන්න කලා කරුවන් ගැනයි.

වොල්ගා කල්පනී

ඇය දියනියෝ, රැස් ව්හිදෙන ජීවිතේ, අගුරු සිත්තම් වැනි රූපවාහිණී නාට්‍ය තුලද සිත තාම සොයනවා, අවලංගු කාසියක් වැනි මියුසික් වීඩියෝ තුලින්ද පුන්චි තිරයේ හා වෙනත් මාධ්‍යයන් ගෙන් ප්‍රෙක්ෂකයන් අතරට එන සුරූපී යුවතියකි.

කලකට ඉහතදී විවාහ වුණු වොල්ගා සහ හර්ෂන බෙත්මගේ මෑත කාලයෙදී එම විවාහයෙන් වෙන්වී ඇති අතරම නැවත විවාහයක් අපේක්ෂාවෙන් පසුවෙයි.

ඇය යම් යම් මාධ්‍ය ඔස්සේ ද සමාජයට මෙම ඇතිවූ දික්කසාදය ගැන කරුණු දක්වා ඇති අතර, මැය නැවත විවාහ වීමට බලාපොරොතු වන්නේ බිනෝෂ් පීරිස් සමග බව ඇය පවසා සිටියි.

උපේක්ෂා ස්වර්ණමාලි

ඉතාමත් කෙටි කාලයක් තුළ නිළියක් විදිහට ජනප්‍රියත්වය ලබා ගත් මැය, අයි.ට් .එන් නාලිකාවේ ප්‍රචාරය වුනු පබා ටෙලිනාට්‍ය තුළින් ජනතාවගේ හද තුළට දැඩිසේ කාවැදුණු නිළියකි.

ඉන් පසු කලාවෙන් මදකට ඈත් වුනු මැය ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද තෙරී පත්විය. පාර්ලිමේන්තුව​ට යෑමත් සමඟ ඇගේ විවාහ ජීවිතය යම් දෙදරීම​කට ලක් වුණ බව දැනගන්නට ලැබුණි.

ඇගේ පෙර සැමියා මහේෂ් චමින්ද ඇයට පහර දෙන බවට ඇය පොලිසීයේ පැමිණිල්ලක් කර ඇති නමුත්, ඇතැම් අය පවසන ආකාරයට ඇගේ දේශපාලන වෙනස්කම් වලට ඒ පුද්ලයාගේ බලපෑම ඇතිවූ බව කියයි.

පසුව ඔහුගෙන් දික්කසාදය ලබා ගත් උපේක්ෂා මේ වන විට සිය දෙවැනි විවාහයෙන් මවක් වී දරු සුරතල් විදිමින් සිටීයි.

අතුල අධිකාරි

අතුල සහ සමිතා කියන්නේ ලංකාවෙ ඉතාමත් ජනප්‍රිය ගායක යුවලක් බව අපි කවුරුත් දන්න දෙයක්. මොවුන් දෙදෙනා ශ්‍රී ලාංකික සංගීතයට බෙහෙවින් දායක වුන යුවලක්.

තාරුකා පෙලින් එහා, සැනසෙන් නැලවෙන්න්න සුදෝ, සඳපානක් සේ ඇවිදින්, තරහෙන් අහක බලා, වැනි කලකට පෙර ගායනා කල ගීත පවා අදත් රසවිදිය හැකි ප්‍රමිතියක තිබෙන බව පැවසිය යුතුමයි.

කෙසේ වෙතත් සම්තා සහ අතුල දරුවන් දෙදෙනෙක් සිටින යුවලක්. මොවුන් දෙදෙනා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වී වසරකට පසුව එකිනෙකා හදුනාගෙන ඇත. පසුව ප්‍රේම සම්බන්ධතාවයෙන් මාස 8ක් ගතවූ පසු විවාහ වී ඇත.

නමුත් අතුල හෝ සමිතා මොවුන් දෙදෙනාගේ විවාහය බිදීගිය හේතුව තවමත් සමාජයට හෙලිකර නැහැ. සමිතා මාධ්‍යට පවසා ඇත්තේ “නොගැලපීම් නැතිවුණා නම් මම තවමත් අතුල එක්කයි ඉන්නේ” යනුවෙනි.

කොහොම වුනත් සමිතා නැවත විවාහ නොවූ ඇතර අතුල අධිකාරි තවත් කෙනක් හා එනම් අමායා සමග විවහ විය. මීට වසර හත අටකට පෙර මේ දෙදෙනා විවහ වුණු අතර ඒ දෙදෙනාට දියණියක ලැබිණි. ඒ දියණියටද මේ වනවිට වයස අවුරුදු 7ක් මපණ වේ.

අමායා අධිකාරි

අතුල අධිකාරි සමග නිරූපිකා අමායා විවාහවී කලක් ගතවුවත් ඔවුනගේ මංගල උත්සවයක් වෙනම ගෙන තිබුනේ නැත. මහනුවර අමායා හිල්ස් හෝටලයේදී ඔවුනගේ විවාහය උත්සවාකාරයෙන් පැවැත්වූ බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා විවාහ වී කලක් ගතවූ පසු යම් යම් නොගැලපීම් හේතුවෙන් වෙන් වීමට සිදුවී ඇති බව සඳහන් වේ. අමායා පවසා ඇති අන්දමට, අතුල නිවසට පැමිණෙන්නේ නැතිව සංගීත වැඩ කරමින් ස්ටුඩීයෝ වල නතරවී කලකිරුණු අමුතු ජීවිතයක් ගත කරන බවයි.

අතුල 53 වියේ පසුවන අතර අමායාගේ වයස 30ක් වේ. කෙසේ වෙතත් අමායා අතුල හා නීතියෙන් වෙන් නොවීම හර්ෂ යන තැනැත්තෙකු හා සබඳතාවයක් පවත්වා ඇත.

මේ පිළිබඳව අතුලද දැනුවත් බව අමායා පවසා ඇත. එමෙන්ම හර්ෂ සහ අමායා යන දෙදෙනාහටද දරුවෙකු සිටීයි. ඒ අමායාගේ දෙවෙනි දරුවා වන අතර පළමු දරුවා අතුලගේ සහ අමායාගේ දරුවෙකි.

මේනකා පීරිස්

මේනකා පීරිස් නව පරපුරේ දක්ෂ නිළියක් වන අතර ඇය මීට වසර ගණනාවකට පෙර නෝර්වේ රාජ්‍යයේ ජීවත් වුණු ශ්‍රී ලාංකිකයෙකු වුණු අමර් නැමැත්තෙක් සමග විවාහ වී ඇතිබව සඳහන් වේ.

ඇය පවසා ඇත්තේ තමන් කලා ජීවිතයට සමු දී ඔහුත් සමඟ ජීවත් වන බව වන නමුත් ඉන් ටික කලකට පසුව නැවතත් ඇය තනිවම ලංකාවට පැමිණ ඇත.

පසුව ඇය පෙර විවාහයට සමුදී නැවත කලා ක්ෂෙත්‍රයේ රංගණ ශිල්පියෙකු වන රනිල් කුලසිංහ සමග විවාහ විය. රනිල් කුලසිංහ මේනකා හමුවූ ආකාරය පවසා ඇත්තේ මේ අයුරිණි :

“මේනකාව හදුනගන්න ලැබෙන්නේ අහම්බෙන්.එක දවසක මම මගේ යාළුවෙකුට දුරකථන ඇමතුමක් දුන්නා.ඒ කාලේ මම රඟපෑ ටෙලි නාට්‍ය ජනප‍්‍රිය වෙලා මා ගැනත් කතාබහ තිබුණා.එතැන හිටිය අය මාව අගය කරලා මට සුබ පැතුවා.මේනකත් මට සුබ පැතුවා.ඊට පස්සේ මම ඒ මිතුරා හමුවෙන්න ගිය දවසකදීත් මේනකාව මට හමුවුණා.පස්සේ දවසක යාළුවෙකුගේ වුවමනාවකට ගිය තැනකදී අපි පන්සලකදීත් මුණ ගැහුණා. ඔය විදිහට අපි යාළුවෝ වුණා.”

නෙහාරා පීරිස්

නෙහරා ගේ පළමුව විවාහය නිර්මාල් වන අතර ඔවුන් අවුරුදු දෙකක් ආලය කර විවාහ වූ බව පවසා ඇත.

මොවුන් දෙදෙනාගේ දෙමාපියන් මෙම විවාඅහයට මුලින් විරුද්ධ වූ බවද, ඊට හේතුව දෙදෙනා අතර නොයෙකුත් ප්‍රශ්න ඇතිවූ හේතුවෙන් යැයි කියා තිබේ.

දිනෙන් දින ගැටලු වැඩිවීම නිසා දෙදෙනා වෙන්වී දික්කසාද වීමට හේතුවී ඇත.

මුතු කිරිල්ලී ටෙලිනාට්‍ය රඟපෑ නෙහාරා හට එහිදී මේනක මුන ගැසුන බවත්, දෙදෙනා බොහොම ලගින් ඇසුරු කල බවත් කිය්නව.

ගෙදර ඇතිවූ ප්‍රශ්ණ බෙදා ගැනීම හෙතුවෙන් දෙදෙනා මිතුරුවී ඇති අතර පසුව එය විවාහයක් දක්වා ඇතිවූ සබඳතාවයක් වුනා.

මේනක රාජපක්ෂ

මේනක රාජපක්ෂ සිය බිරිඳ වූ විරන්ගනී ට වඩා වයසින් අවුරුදු 3ක් බාල වන අතර ඔවුන් විවාහ වී තිබෙන්නේ 2008 වසරේ දී බව පැවසේ.

මේනක ඇයගෙන් දික්කසාද වීමට හේතුව ලෙස අධිකරණයට දක්වා ඇත්තේ තම බිරිඳ නපුරු බවත් එකට ජීවත් වීමේදී ඔවුන් අතර නිතරම අඬදබර වන බවත්ය.

මොවුන් වෙන්වන විට දෙදෙනාට දාව දියණියක්ද සිටි අතර, නඩු තීන්දුවෙන් දියණිය මවට පැවරූ බවත්, නඩත්තු සදහා මේනක සියලු වියදම් දියණිය වෙනුවෙන් දැරියයුතු බවටත් පවසා ඇත.

පසුව මේනක පෙර විවාහයෙන් වෙන්වීමෙන් පසු නෙහාරා පීරිස් සමඟ නැවත යුගදිවියකට එලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *