එයාට තමයි මම වැඩියෙන්ම ආදරේ

ඇය කවුරුත් හඳුනන්නේ චුටි මැණිකේ කියලා. ඇගේ නම තමයි ශලනි ප්‍රනාන්දු. සුරතල් සතුන්ට අසීමිත ලෙස ආදරය කරන ඇය අද කාලේ කවුරුත් හඳුනන්නේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයෙන් ඔබ බලාසිටින චුටි මැණිකේ තමයි. ඇය සතුන්ට ගොඩක් අසයි කියල අපිට දැනගන්න ලැබුනා. අපි අයත් සමග පුංචි කතා බහක නිරත වුනා.

 

අපි මුලින්ම ඇයගෙන ඇසුවේ කැමතිම සතා කවුද කියලා. පොදුවේ හැමෝටම අසා කරන ඇය ප්‍රකාශ කලේ වැඩියෙන්ම කැමති බල්ලාට කියලා. මම පොඩිකාලේ පුසෝ ලේන්නු හාවෝ ගිරවු වගේ ගොඩක් අය හැදුවා. ඒත් මම දැන් නම් වැඩියෙන්ම කැමති බල්ලන්ට. එයාව ගේ ඇතුලේ හුරතලේට හදන්න පුළුවන් නිසා මම දැන් එයාලට කැමතියි. අද මගේ ලග බල්ලෝ 3දෙනෙක් ඉන්නවා. රොට් වයලට් 2යි, ඉන්ග්ලිෂ් රිට්රිවර් කෙනෙක් ඉන්නවා. රෝට් වයලට් අම්මා – ජෙනී. රොට් වයලට් පැටියා – බ්රුනෝ. ෂේක් – ඉන්ග්ලිෂ් රිට්රිවර්. අපේ අම්මයි අයියයි මමයි තුන්දෙනාම කැමති ෂේක්ට තමයි අනිත රොට්වයලට් දෙන්න ටිකක් සැර නිසා. ඒ වුනාට ඉතින් ම අමෙ තුන්දෙනාටම කැමතියි.

ශලනි ඔයාගේ මේ සුරතලුන් කරන නරක පුරුදු නැද්ද. අම්මෝ ඕනේ තරම් තියනවා. ජෙනී මට මුණගැසුනේ ඊට මාසා 6කට විතර කලින්. එයා ටිකක් වසයි. එයා පොඩි කාලේ ඉදන්ම නෙවෙයි මම හැදුවේ ඒක වෙන්න ඇති. ජෙනී වැඩියෙන්ම ආදරේ අයියට හැබැයි ඉතින් කන්න බොන්න දෙන්නේ නාවන්නේ මමයි අම්මයි තමයි. සමහර දවස් වලට මම අයියව අවදි කරන්න අතින් අදිනවාවෙලාවේදී ජෙනි කන්න පනිනවා. එයා හිතන්නේ මම අයියට ගහනවා කියලා. එයාගේ නරක පුරුදු ඒ වගේ තමයි. කොහොම වුනත් මන් එයාලට ආදරෙයි. කොච්චර රෑ වෙලා ආවත් මමයි අම්මයි එයාලට ගොඩක් වෙලා ඉන්නවා. අපි කොච්චර මහන්සි වුනත් එයාල දැක්කම ඒ මහන්සිය නැතිවෙලා යනවා. අපිට කොහොම වැඩ තිබ්බත් අපි මෙයාල ගැන නොබලා නම් ඉන්නේ නෑ. උපන්දිනේට නම් ලොකුවට සමරන්නේ නෑ. ලොකු කෙක් කෑලක් ගෙනත් දෙන්න කන්න.

ඔයා සුරතල් සතුන් ඇති කරන්න කැමතියි. ඔයාගේ අනාගත ස්වාමි පුරුෂයා සුරතල් සතුන්ට අකමැති වුනොත්. මම ඇත්තටම හොයාගන්නේ මම වගේ සතුන්ට ආදරේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම එයා සතුන්ට අකමැති වුණත් කැමැති කෙනෙක් වෙන්න ඕනා. මම විවාහවෙලා ගියාට පස්සේ බල්ලෝ තුන් හතර දෙනෙක් හදනවාමයි. මෙයාලව නම් අපේ අම්මා අරන් යන්න දෙන්නේ නැතිවෙයි. මොකද අම්මාත් මෙයාලට ආදරේ නිසා. හැබැයි මම කොහොම හරි වෙන කට්ටියව හරි ගන්නවාමයි.

ඔයාලට දුටර යන්න වුනොත් මෙයාලව දාලා යන්නේ කොහොමද. අපේ ගෙදරට එහා පැත්තේ ගෙදරක නැඟී කෙනෙක් ඉන්නවා. අපේ බල්ලෝ කාටවත් හිලෑ නෑ එයට විතරයි බලාගන්න පුළුවන්. කොහේ හරි යන්න වුනත් අපි එයාලට දීලා යනවා. සතුන්ට පැටවූ හම්බවෙන්නේ නැතිවෙන්න ගොඩක් අය බෙහෙත් විදිනවා. ඒක නම් ඇත්තටම පවු. මොනවා වුනත් එයාලා කැමති අම්මා කෙනෙක් වෙන්න. එයාලට බෑනේ ඕක කරන්න එපා කියලා. අඩුම තරමේ එයාලට අම්ම කෙනෙක් වෙන්න ඉඩදෙන්න ඕනේ. මම හිතන්නේ එහෙමයි.

ඔයා වගේ සුරතල් සතු හදන අයට ඔයා කියන්න කැමති දෙයක් තියනවද. ඉස්සෙල්ලාම කියන්න ඕනේ ආදරයෙන් හදන්න බැරිනම් සත්තු හදන්න ගන්න එපා. මගේ අයියයි, අම්මයි, මමයි තුන්දෙනාටම අදාළ ඒ නීතියයි. සත්තුන්ට කතා කරන්න බෑ. එයාලට බඩගිනියි කියලා කියන්න බෑ. මට රිදෙනවා කියලා කියන්න බෑ. ඒක නිසා මම කියන්නේ පොඩි කාලේ විතරක් හුරතල් කරලා ලෙඩක් එහෙම හැදුනාම එයාලාව කොහෙට හරි ගිහිල්ලා දානවා නම් කවදාවත් කිසිම සතෙක් හදන්න එපා. ජෙනී, බෲනෝ, ශ්‍රේක් තුන්දෙනාට කලින් අපේ ගෙදර තව බල්ලෝ දෙන්නෙක් හිටියා. එයාලව අපි ගෙනාවේ පොඩි කාලයේදීමයි. එයාලා මැරෙන කොටත් අපේ ගෙදරමයි හිටියේ. එයාලා මැරුණේ අපේ අම්මාගේ අත්දෙක උඩමයි. එදා නම් මාර දුකක් දැනුණේ. ඒක නිසා මට කියන්න ඕනේ මෙයාලාව ආදරයෙන් හදන්න බැරිනම් හදන්න එපා කියලයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *