නදුනි රණසිංහ මාධවට හමුවූ හැටි කියයි

ටෙලි නාට්‍ය නළුවෙකු හා නිවේදන ශිල්පියෙකු වන මාධව විජේසිංහ මිට දින කිහිපයකට පෙර යුග දිවියට පිරිසුනා. ඒ තමයි වෛද්‍යවරියක් වන නදුනි රණසිංහත් සමහයි. මේ යුවල අතර ඇති සම්බන්දයට ටෙලි නාට්‍ය නළු සාරංග දිසසේකරගේ යම් සම්බන්දයක් ඇති බවට අපිට මේ වන විට දැනගන්නට ලැබුනා. කඩවසම් රංගන ශිල්පී සාරංග දිසාසේකර නෑදෑ දියණියක් තමයි නදුනි කියල කියන්නේ. ඒ වගේම තමයි මිට පෙර 2014 වසරේ පැවති සාරංග උමලියා විවාහ උත්සවයේදී සරංගගේ පාර්ශවයෙන් එක් වුනු එම විවාහ මංගල්‍යයේ දෙවැනි මනමාලිය ඇය ලෙසයි අපිට දකින්නට ලැබුනේ. කෙසේ නමුත් ඇය දෙවන මනමාලිය වන අවස්ථාවේ සරංගගේ දෙවන මනමාලයා හැටියට පෙනී සිටියේ මාධව විජේසින්හයි. ඉතින් මේ විවාහ මංගල්‍ය දවසේ තමයි මේ දෙන්නගේ පළමු හමුවීම සිදුවෙලා තියෙන්නේ. කොහොම නමුත් ඒ දිනවල නදුනි රණසිංහ චීනයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිටි බවයි අපිට වැඩි වශයෙන් දැනගන්න ලැබුනේ. චීන විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගැනීමෙන් පසුව වසර හයකට පසුව තමයි මාධවත් සමග මේ ආකාරයට විවාහ ජීවිතය පැමිණ තිබෙන්නේ. කෙසේ නමුත් මේ විදියට විවාහ ජීවිතය එළඹුණු නදුනි රණසිංහට හා දක්ෂ කඩවසම් රංගන ශිල්පී මාධව විජේසිංහට ඔවුන්ගේ ඉදිරි යුග ජීවිතය සාර්ථක ගමනක් වෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

මත්තේගොඩ ගමෙන් එලිය ආ මධ්වගෙන් අපි ඔහු ගැන විමසීමක් කලා. ජනප්‍රිය චරිතයක් වුනු මාධවගේ සම්පුර්ණ නම හරින්ද්‍ර මාධව විජේසිංහයි. නමුත් හැමෝම ආදරේට කියන්නේ මාධව කියල තමයි. ලගම හිතවතුන් මධු කියලත් කියනවා. මහරගම ධර්මාශෝක සහ මාධ්‍ය මහා විද්‍යාලය මෙන්ම කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මාධව අද වන විට කවුරුත් හඳුනා ප්‍රවීන මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු කරනවා.තාත්තා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ අතර, මාධවගෙ අම්මත් රාජ්‍ය සේවයේ නිරත වුණා. මාධවගෙ එකම අයියා විවාහකයි. ඒ විදියට ඔහුගේ පවුලේ විස්තර ගැන සඳහන් කළ මාධව තම පුංචි අම්මා ගැනත් මතක් කරන්නම කිව්වා. අවුරුදු 5දී තමයි මම මුලින්ම රගනයට මුහුණදෙන්නේ. අශෝක හඳගම මහතාගේ චන්දකින්නරී චිත‍්‍රපටයේ ළමා චරිතයක් ලැබුණා. සවර්ණා මල්ලවාරච්චි සහ හේමසිරි ලියනගේ ප‍්‍රවීන රංගශිල්පීන් දෙදෙනා මව පියා ලෙස එහි රඟපෑවා. ඉන්පසුව වෙළෙඳ දැන්වීම් වලට දායක වෙන්න ලැබුණා. මේ අතරවාරයේදී කලාභූමි ආයතනයේ ශිෂ්‍යයකු ලෙසත් කටයුතු කළා.

එහි සිටියදී ලක්ෂ්මන් විජේසේකර සර් සහ මංජුලා මිස්ගෙන් ලැබුණු සහයෝගය ඉහළයි. ඔවුන් නිසා මට අවස්ථා බොහොමයක් ලැබුණා. ලූම්බිණි විද්‍යාලයට උසස්පෙළට ඒමට පෙර, ප‍්‍රාථමික අංශයේ සිටිය දී නිවේදන කටයුතු එහෙමත් කළා. පාසලේදී කලා අංශයේ යමක් වේ නම් නිතරම මගේ නම කියැවුණා. කලාවේ ගමන පටන් ගත්තේ ඒ විදියටයි. උසස් පෙළ කරන කාලයේදී ටී.වී. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහන මෙහෙය වන්න ලැබුණා. එහිදී චතුරාණි අබේසුන්දර මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉහළයි

අපි හැමෝම දන්නා චරිතයක් විදියට මාධව විජේසිංහ ඔහුගේ ජිවිතයේ විශේෂ අවස්ථාවකට මුහුණ දී තිබෙනවා. ඒ තම විවාහ ජීවිතය වෙනුවෙන් වෛද්‍යයවරියෙකු තෝරා ගැනීමයි. මේ ඔබ දකින්නේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ලබාගත් විශේෂ චයරුප කිහිපයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *