Saranga & Dinakshi @ Road

ලංකාවේ ඉන්න කලා තරු අතරින් අතිශය ජනප්‍රිය යුවළක් වුන සාරංගගෙත් දිනක්ෂිගෙත් ආදර කතාව මේ වෙද්දී රහසක් නෙමෙයි. කොහේ ගියත් මොනවා කලත් ගොඩක් වෙලාවට මේ දෙන්නව දකින්න ලැබෙන්නේ එකට. දෙන්නා එකට නැති වෙලාවක් දැක්කොත් ඉතින් හරිම කලාතුරකින් තමයි. කොහොම වුනත් හරිම විනෝදකාමී චරිත දෙකක් වුන මේ ආදරණිය යුවළ පහුගිය දවසක හරි ලස්සන වැඩක් කරලා තිබුනා.

සාරංගත්- දිනක්ෂිත් විනෝදයට බර දඟකාර යුවළක් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සමාජ මාධ්‍ය හරහා ඔවුන් දෙන්නා එක්ක එකතු වෙන ප්‍රේක්ෂකයන්ට නම් ඒක අමුතු කතාවක් නෙමෙයි. මොකද ගොඩක් වෙලාවට මේ දෙන්නා නටන දඟලන කෑ ගහන වීඩියෝ ඕන තරම් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරනවා.

මේකත් ඒ වගේම අපූරු නැටුමක් ගැන කතාවක්. මීට ටික දවසකට කලින් දිනක්ෂි එයාගේ යූ ටියුබ් චැනල් එකේ හරි අපූරු වීඩියෝ එකක් දාලා තිබුනා. මේ පහලින් තියෙන්නේ ඒක. මේ වීඩියෝ එක අරගෙන තිබුණේ කොහෙද කියලා පැහැදිලි අදහසක් ගන්න බැරි වුනත් මේක කාර්නිවල් එකක් වගේ දෙයක් වෙන්න ඕන කියන අදහස වීඩියෝ එක බලද්දී ඔයාටත් එයි. වටපිටාවේ ගොඩක් සෙනග පිරිලා. හැමතැනම වගේ ඉන්නේ තරුණ කෙල්ලෝ කොල්ලෝ. පසුබිමින් හරි අපූරු සංගීතයක් ඇහෙනවා. ඉතින් සාරංගයි දිනක්ෂියි නිකන් බලාගෙන ඉඳීවි කියලා ඔයාලා හිතනවද? නෑ ඒ දෙන්නා නටනවා. හරිම සැහැල්ලුවෙන් හරිම විනෝදයෙන් නටනවා. හැමෝටම පුදුමයි. කිසිම ආඩම්බරකමක් නැතුව හරි සරල විදහට සාමාන්‍ය තරුණ යුවළක් වගේ මේ දෙන්නා නටමින් විනෝද වෙනවා. මේ අතරේ ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා ෆොටෝ ගන්න කතා කරනවා. ඒ අතරේ මේ දෙන්නා පින්තූරවලටත් හරිම කැමැත්තෙන්ම ඉන්නවා. ආපහු නටනවා.

කොහොම වුනත් මේක වටේ ඉන්න අයටත් බලන් ඉන්න හරි අපූරු දර්ශනයක් නොවන්න ක්‍රමයක් නැහැ. ඒ අපූරු දර්ශනය ඔබටත් පෙන්නන්නයි අපේ කැමැත්ත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *