A baby in Wuhan

ලෝකයක් කැළඹූ කොරෝනා ජීවිත සිය ගණනක් බිලි ගනිද්දි, තවත් 10,000ක් අඩපණ කර තිබෙන පුවත, මේ වනවිට මුළු ලෝකයේම අවධානය දිනාගත් පුවතක්.

එහි ඇතැම් දර්ශණ දකින විටදී පවා අපිට ඇතිවෙන්නෙ මහත් කම්පනයක්. වූහාන් හි දී ඇරඹූණු මේ මහා ඛේදවාචකය මේ වනවිට ලෝකයේ රටවල් බොහෝමයක ව්‍යාප්ත වී අවසන්.

කෙසේ වෙතත්, කොරෝනා සමඟ අන්තර්ජාලය උණුසුම් කරමින් විවිධ වීඩියෝ සංසරණය වෙමින් පවතිනවා.

මීට පැය කිහිපයකට ප්‍රථම මෙසේ මුදා හැරී වීඩියෝවක සටහන් වන්නේ කොරෝනා වැළඳුණු ළඳරුවෙකු ආරක්ෂිතව වෙනමම රඳවා ඇති ආකාරයයි.

මෙම වීඩියෝ පටය පිළිබඳව සවිස්තාරත්මක තොරතුරු සඳහන් නොවුණත්, එම අවස්ථාවේ වෛද්‍යවරයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු මෙම දරුවා දැක සංවේදී වන අයුරු වීඩියෝවේ දැක්වෙනවා.

ලොව පුරා පිරිස් මෙම වීඩියෝව හුවමාරු කරගනිමින් එම දරුවාට නිරෝගී සුව පතන්නේ එය එතරම් සංවේදීජනක නිසාවෙනුයි.

තමාට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම නොදැන මේ ළඳරුවා ඒ මේ අත බලන අයුරු දකින ඔබේ ඇස්වලටත් කඳුළක් උනාවී.

ලොවක් හැඬවූ එම සංවේදී වීඩියෝව පහතින් බලන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *