Anusha’s Secret

අනූෂා දමයන්ති කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ගොඩාක් ජනප්‍රිය නිලියක් කියලා අපි හැමෝම දන්නවනේ.

පසුගිය කාලෙත් අනූෂා ගැන එක එක කටකතා පැතිරුණා. දේශපාලන වේදිකාවේ පවා දැක්ක අනූෂා පස්සෙ ඡන්දෙ ඉල්ලන්න යනවා, අනූෂා දමයන්ති හා රන්ජන් විවාහ වෙලා, ඒ ජායාරූප පෙළ වගේ එක එක කට කතා පැතිරිලා ගියානේ.

මේ හැම එකකදිම නිහඬ වෙලා හිටපු අනූෂා දැන් මෙහෙම කතාවක් කියනවා.

එයා මේ දවස්වල දකින ගොංම ආතල් එක තමයිලු මාධ්‍ය හරහා එයාට විරුද්ධව යන මඩ ප්‍රචාර. ඒවට වැටෙන කමෙන්ට් බලද්දි මිනිස්සු කොයි තරම් මෝඩද කියලත් හිතෙනවාලු. මේ ලෝකේ මිනිස් වෙස් ගත් වසලයොත් ඉන්න නිසා ඒවා එයා වැඩිය ගණන් ගන්නේ නෑලු.

සමහර අය කමෙන්ට් කරන්නේ තවත් සමහර අයගේ කීමට කියලා හිතෙද්දි නම් ඉතින් තවත් අතල් එකක් තමයිලු.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළ රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධිය ගැන ලොකු කතාවක් අනූෂා දන්නවා. නමුත් අනූෂා ඒකට උත්තර දෙන්න ගියෙ නෑ කියලයි කියන්නේ. ඒ සිද්ධිය ගැන පැති කිහිපයකින් කතා කරන්න තිබුණත් නිහඬව ඉන්න එක තමයිලු වඩාත් සුදුසු.

ආදරය ගැන පැතිර ගිය එක එක කතාවලට උත්තර දුන්න අනූෂා කියන්නේ එයාගේ ආදරය දැන් අවුරුදු 10ක් විතර පරණයි කියලා. ඒ වගේ පෙම්වතෙක් ලබන්න එයා ගොඩාක් වාසනාවන්තයිලු. තාමත් එක විදිහටම ආදරය කරන අනූෂගෙ ආදරවන්තයාව ළඟදීම විවාහ කර ගන්නා බවත් ඇය කියනවා. ඒ ආදරය ආතල් එකට කරන එකක් නෙමෙයිලු.

තවදුරටත් විවාහය කල් දාන්නේ නැතුව මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම විවාහය සිදු වෙනවා කියලයි අනූෂා කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *