Another one from austrailia

නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා තැබූ සාර්ථක පියවරක් පිළබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවනවා.ඒ නව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් චීනයෙන් පිටතදී නිපදවීම හරහායි.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදුකළ විශේෂ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව කොරෝනා වෛරසයට සමාන වෛරසය නිපදවා තිබෙනවා.

එම විද්‍යාඥයන්ගේ අරමුණ වී ඇත්තේ මෙම නව සොයාගැනීමේ තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදාගනිමින් වෛරසයට සාර්ථක ප්‍රතිකාරයක් කඩිනමින් සොයාගැනීමයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ කොරෝනා වෛරසය පාලනය කිරීමේදී මේ වනවිට අත්කරගෙන ඇති ඉහළම සාර්ථකත්වය මෙය බවටයි.

මේ අතර මීට පෙර චීන විද්‍යාඥයන් පිරිසක් විසින් මේ හා සමාන පරීක්ෂණයක් ආරම්භ කලද එයට ඉහල සාර්ථකත්වයක් කරා ළඟාවීමට හැකිවූයේ නෑ.

මේ අතර ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් එක්ව නිර්මාණය කළ මෙම වෛරසයට ප්‍රතිජීවක ඖෂධයක් නිපදවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *