they in trouble ??

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට සහ ජනප්‍රිය රංගන ශිල්පීනි තමන්නාට එරෙහිව ඉන්දියානු උසාවියක නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ, ඔවුන් විසින් අන්තර්ජාලය හරහා මුදල් ඔට්ටු තබමින් සිදු කරන ක්‍රීඩාවන් ප්‍රවර්ධනය කිරීමට එරෙහිවයි.

සූර්යප්‍රකාශ නමැති පුද්ගලයෙකු විසින් මෙම නඩුව ගොනු කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කියා සිටියේ.

අදාළ ක්‍රීඩාව හරහා විශාල ප්‍රමාණයක් පරාජයට පත්වූ නිතීෂ් නමැත්තෙකු පසුගියදා චෙන්නෛහි පිහිටි සිය නිවස තුළ සියදිවි හානිකරගැනීමත් සමඟ මෙම ක්‍රීඩාවට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් එරට තුළ ආරම්භ වුණා.

මේ වනවිට දේශපාලන පක්ෂ ඇතුළු බොහෝ සිවිල් සංවිධාන මෙම යෙදවුම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින් පෙත්සම් ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස් පෙන්වා දෙන්නේ, තරුණයින්ට ආදර්ශමත් විය යුතු උදවිය මෙවැනි ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සිදු නොකළ යුතු බවයි.

ඉන්දිය මාධ්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: