trasfer to her……….

ළමුන් අපයෝජනය කළ ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටි රූපවාහිනි පසුතල නිර්මාණ ශිල්පියා පිළිබඳ විමර්ශණය කරන මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිණිය ලෙසයි.

පසුගියදා කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලය සිදුකළ සැකකරු පළායන අවස්ථාවේදී ඔහු අල්ලා පොලිසියට බාර දෙනු ලැබුවේද මෙම පොලිස් නිලධාරිණිය වන අතර පසුව ඇයට පොලිස්පතිවරයා විසින් මුදල් ත්‍යාගයක්ද පිරිනමනු ලැබුවා

ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටි රූපවාහිනි පසුතල නිර්මාණ ශිල්පියෙකු වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු කුඩා දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ සහ ජායාරූප ගෙන ඇමරිකාව ඇතුළු රටවල් 05ක විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

54 වන වියේ පසුවන මොහු විවාහ වී පසුව දික්කසාද වූවෙකු බවට අනාවරණය වී ඇති අතර 2012 වසරේ සිට අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පිරිමි ළමයින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මනාලෙස ඉංගී‍්‍රසි උච්චාරණය කළ හැකි සැකකරු කුඩා දරුවන්ට ඉංගී‍්‍රසි පන්ති පවත්වා ඇති නමුත් අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් මෙම පුද්ගලයාට ඒ සඳහා විශේෂ සුදුසුකමක් තිබී නොමැති බවට හෙළි වී තිබෙනවා.

ඔහු විසින් අපයෝජනයට ලක් කර ඇති කුඩා දරුවන් තුන්දෙනෙකුගෙන් පොලිසිය මේ වනවිටත් ප්‍රශ්ණ කර ඇති අතර එම දරුවන්ගේ දෙමව්පියන් ඉංගී‍්‍රසි පන්ති සඳහා තම දරුවන් සැකකරුගේ නිවසට ඇරලවා ගොස් ඇති නමුත් වැඩිදුර සොයාබැලීම් සිදුකර නැහැ.

තවද සැකකරු කුඩා ළමයින්ගේ නම් වලින් ෆේස්බුක් ගිණුම් විවෘත කර විවිධ පුද්ගලයින් සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවයි ඔහුගේ පරිගණක පරීක්ෂා කළ පොලිසිය අනාවරණය කර ගත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: