sachini’s revealed

“බදිනකල් මට පරිප්පුවක් වත් හදාගන්න පුළුවන් කමක් තිබුන්නෑ”. සචිනි නිපුන්සලා (Sachini Nipunsala) අලුතින් පටන් ගත්ත ජීවිතේ හිතුවට වඩා ගොඩක් වෙනස් කියලා කිව්වා.

පවුලේ තනි ළමය විදියට දෙමාපියන් එක්ක ඉද්ලා දැන් බිරිඳක් විදියට වගකීම් වැඩි බවත්, ඒ වෙනසට කැමති බවත් කිව්වා.

පෙම්වතා සැමියා වුනද වෙනසක් නැති, විනෝදෙන් ඉන්න ජෝඩුවක් කියලයි දැනගන්න ලැබෙන්නේ.

“මම කෑමට බීමට, ඇදුම් අදින්න ගන්න ලෝබ නෑ. ගෙදරට අවශ්‍යයම කරන දේවල් වලට ලෝබ නෑ. නමුත් ඕනවට වැඩී කියලා හිතෙන දේවල් මම කරන්නෑ.

මම සාමාන්‍ය පවුලක කෙනෙක්. පවුලට කරන්න වගකීම් තියනවා, අනාගතේට, මට හම්බකරන හැම සතේම වටිනවා.

ඒ පැත්තෙන් මම ලෝබයි, මම ෆැන්සි දේවල් වලට ලොකු කැමැත්තක් නෑ. මට හිතෙන්නේ ඒක බොරු වැඩක් කියලා. ඒනිසා වෙඩින් එක චාම් විදියට ගත්තා” යනුවෙන් ද ඇය කිව්වා.

අලුත් ෆැෂන් වගේම ඇය කරන වැඩ වලටත් සැමියා උදව් කරන බවයි ඇය කිව්වේ. “ගොඩාක් කටු කාලා මේ ෆීල්ඩ් එකට ආවේ.

ගොඩක් වෙලාවට කලාකරුවන්ගේ දරුවන් ඉදිරියට ආවට අපිට පෝලිමේ ඉඳලා එන්න වුණේ. මම තුන වසරේ පටන් ගත්ත ගමනක් තමයි මේ වෙද්දී ඇවිත් ඉන්නේ.”

🖊 සටහන : නිශී හේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: