New one in china……..

චීනය දෙසට ලෝකයේම අවධානය යොමු වූයේ “කොරෝනා ව්‍යාප්ත වූයේ චීන රාජ්‍යය කේන්ද්‍ර කරගෙන” වීම නිසා යි.

මේ සම්බන්ධයෙන් චීනයට දැඩි චෝදනා එල්ල වූ අතර, මේ වන විටත් ලොව පුරා පර්යේෂකයින් මෙම වෛරසයට ප්‍රතිකර්මයක් සොයමින් සිටිනවා.

මූලික අධ්‍යයනවලදී මෙය වවුලන්ගෙන් ව්‍යාප්ත වන්නට ඇති බවයි පැවසුනේ. (චීනය සත්ත්ව ආහාර බහුලව ගන්නා රටක් වීම හුවා දක්වමින්.)

නමුත් ඇමරිකාව වැනි බලවත් රටවල් චීනයට සෘජුවම චෝදනා කරමින් කියා සිටියේ කොරෝනා යනු චීනයේ තවත් “බාල නිෂ්පාදනයක්” බවයි.

චීනයේ දෙදහස් ගණනක් වුනු මරණ සංඛ්‍යාවද පසුව සංශෝධනය වීම මේ සැකය තවත් තහවුරු වන්නට ඉවහල් වුනා.

ඒ අතරතුර වෛරස් 1500 ගණනකට අධික සංඛ්‍යාවක් ඇති චීන වෛරස් බැංකුවද වහා පරීක්ෂා කළ යුතු බවට ඇමරිකාව සඳහන් කළා. (මේ සඳහා තවමත් අවස්ථාව ලැබී නැහැ.)

මෙය චීනයේ නිපැයුමක් බවට හෙළි කරන සාක්ෂි පවා ඇමරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම මේ වන විටත් ලෝකයේ බලවතා වන අරමුණින් චීනය, කොරෝනාවලට “එන්නතක්” නිපදවීමේ කටයුතු සිදු කරන්නේද අතිශය රහසිගතවයි.

නමුත්.. මෙම සියලු චෝදනා චීනය ප්‍රතික්ෂේප කරන අතර, තමන්ට චෝදනා කරනවා වෙනුවට “කොරෝනා පාලනය කරගන්න” යනුවෙනුයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇත්තේ කොරෝනා වෙතට නොවේ.

තවත් ලෝක වසංගතයක් ලෙසින් ව්‍යාප්තව යා හැකි බවට සැක කෙරෙන නවතම වෛරසයක් ගැන චීන මාධ්‍ය පසුගිය දිනෙක ලොවට අනාවරණය කළා.

පසුගිය ජූනි මාසයේදී මේ අනතුරු ඇඟවීම චීනය ලෝකයට දැනුම් දුන් අතර මෙය “සූකර උණ රෝගයක්” බවයි ඔවුන් සඳහන් කරන්නේ.

‘ජෙනොටයිප් 4’ හෙවත් ‘G4’ ලෙස නම් කර ඇති නව සූකර උණ මාදිලිය ජානමය වශයෙන් පැවතෙන්නේ, 2009 දී වසංගතයක් ලෙස ව්‍යාප්ත වුනු H1N1 සූකර උණ මාදිලියෙන්ම බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

2009 දී ව්‍යාප්තව වූ එම වෛරසය, මිනිස් ජීවිත 284,000කට එහා බිලි ගත්තා.

කොරෝනාවලට සමානකම් කියන මෙම “සූකර උණ” රෝගය ඉතාමත් වේගයෙන් මිනිසුන් අතර බෝ විය හැකි බව සඳහන්.

කෙසේ වෙතත් බොහෝ පිරිස් චෝදනා කරන්නේ, චීනය දැන් දැන් මේ භයානක අවදානම් සහගත වෛරසය ගැනත් කොරෝනාවට කළා සේම “අවධානයක් නොදී සිටීමේ” ක්‍රියා පිළිවෙත අනුගමනය කරන බවයි.

උගුර, පෙනහළු ආදියට හානි පමුණුවන මෙම වෛරසය ඌරන් සමඟ වැඩ කරන පුද්ගලයින් 10 දෙනෙකුගේ එක් අයෙකුට ආසාදනය වී ඇති බවට එරට විශ්ව විද්‍යාල පර්යේෂකයින් තොරතුරු අනාවරණය කරනවා.

කොරෝනා මෙන් නොව තරුණ පිරිස් මේ සඳහා ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවයි එම විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් පෙන්වා දෙන්නේ.

“මම රෝගයක් ගැන කලබල වෙනවනම් ඒ හුඟක් කලාතුරකින්, නමුත් මේක මහා භයානක එකක්..” බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකු මේ ගැන අනතුරු අඟවා තිබුනේ එලෙසිනුයි.

කෙසේ වෙතත්… බොහෝ විද්‍යාඥයින් “අපෝ මේක මේ පොඩි වෛරස් එකක්” යනුවෙන් නොසලකා හැර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

By Lakshan
මූලාශ්‍ර Dailymail , The Sun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: