Weird Fish……………….

මිනිස් දෙතොල් සහ දත් පිහිටා ඇති මත්ස්‍යයෙකුගේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැලේසියානු ධීවරයෙකු විසින් මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

“මෙම මාළුවාගේ දෙතොල් මාගේ දෙතොල්වලට වඩා උණුසුම්ව තිබේ” යනුවෙන් ඔහු එම ඡායාරූප සමග සටහනක් ද තබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සත්ත්ව විද්‍යාඥයින් අවධාරණය කර සිටියේ, මෙය සංස්කරණය කරන ලද ඡායාරූප බවයි.

මෙවැනි මත්ස්‍යයින් වර්ග 40 ක් පමණ සිටින බවයි මැලේසියානු ධීවරයින්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ ඡායාරූපය සාමාජ මාධ්‍ය තුළ අධික ලෙස සංසරණය වීමත් සමඟ, විශාල මීම්ස් ප්‍රමාණයක් ද නිර්මාණයවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: