Giridevi is the turning point in my tele acting

ශලනි තාරකා (Shalani Tharaka) කියන්නේ ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියන්, නිවේදිකාවක්. ඉතින් ඇගේ ඡායාරූප ගැන නිතරම සැලකිලිමත් වන ප්‍රේක්ෂකයන් ට ඇගේ අලුත් ම ඡායාරූප එකතුව අලුත් අත්දැකීම්මක් ලබාදෙනු නොඅනුමානයි.

කන්, නාසය පමණක් නොව තොල් පවා විද, මුදු දමා සිටින ඇය ඇග පුරා ටැටූ සහිතව වගේම වෙනස් විදිහේ කොණ්ඩා මෝස්තරයකිනුත් අපිට දැක ගන්න ලැබුණා.

මේ දිනවල විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යේ නතාෂාගේ චරිතය සමඟ බොහෝදෙනාගේ කතාබහට ලක්වන ඇය රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කරන කිදුරි චිත්‍රපටයේ රූගතකිරීම් කරන බවත් කිව්වා.

ගිරිදේවි ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගැන ඇය කිව්වේ මෙහෙමයි. ”ගිරිදේවි කියන්නේ මගේ ටෙලි නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂය කියලා මට දෙගිඩියාවක් නැතුව කියන්න පුළුවන්.

එය පොලොවෙ පයගහලා ඉන්න, අව්වට වැස්සට පීඩාවිදින පංතිය ගැන ලෝකයට හොඳ පණිවිඩයක් දෙන නිර්මාණයක්”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: