strong reply by her..

පිටිපස්සෙ මරණයක් තියන්, ඉස්සරහ ආදරයක් එක්ක ඇවිළි ඇවිළි යන ‘ඇවිලෙනසුලුයි’ ෆිල්ම් එක මේ දිනවල ලංකාව පුරා තිරගත වෙනවා. කොරෝනා අර්බුදයෙන් පස්සෙ මුලින්ම ෆිල්ම් හෝල්වලට එන ‘ඇවිලෙසනසුලුයි’ අවුළුවන්න ගත්ත උත්සාහය ගැන එහි ප්‍රධාන චරිතය වන සමනලී ෆොන්සේකා, සතිඅන්ත පුවත්පතකට මෙසේ තොරතුරු කියා තිබුණා.

වෙනස්ම වැඩකට අතගැහුව නේද?චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ චින්තන ධර්මදාස. ඔහුත් සමඟ මම කලින් වැඩ කීපයක් කරල තිබුණ. හැඳුනුම්කම, යාළුකම මත ඔහු මට කිව්ව ෆිල්ම් එකක් තියෙනව කරමු කියල. ඊට පස්සෙ මේ ගැන ගොඩක් කතාබහ කරද්දි මට තේරුණා මේක වෙනස්ම වැඩක් කියල. එහෙම වැඩකට සම්බන්ධ වෙන්න මට තිබුණ ආසාවත් එක්ක තමයි මම මේ වැඬේට කැමැති වෙන්නෙ.

ඔබ කලින් රඟපෑ චරිතත් එක්ක මේ චරිතය හාත්පසින්ම වෙනස්?මීට කලින් මම කරපු හැම වැඩකම මුල, මැද, අග එකිනෙකට සම්බන්ධ කතාවක් තිබුණ චිත්‍රපට තමයි කරල තිබුණෙ. හැබැයි මේ චිත්‍රපටයෙ මම කරන චරිතය එකපාරට අහසින් කඩන් පාත්වුණ චරිතයක් වගේ එකක්. මේ චරිතයට කිසිම ඉතිහාසයක් නෑ, අනාගතයක් නෑ. එක මොහොතක් විතරයි ඒ චරිතයට අහුවෙලා තිබුණෙ. ඉතින් එහෙම චරිතයක් චිත්‍රපටය තුළ ඉදිරියට අරගෙන යන්නෙ කොහොමද කියන කාරණය ගැන මට ලොකු අභියෝගයක් තිබුණ. අධ්‍යක්ෂවරයත් එක්ක මේ පිළිබඳ සෑහෙන්න කතා කරල තමයි චරිතය සාර්ථකව කරන්න පුළුවන් වුණේ.

චිත්‍රපටයේ රූගත කිරීම් පවා සිදුවෙන්නෙ වෙනස්ම ආකාරයකට?ඔව්. මේ ෆිල්ම් එක ‘රෝඞ් ත්‍රිලර්’ කියන වර්ගීකරණයට අයත් ෆිල්ම් එකක්. අපි මේ ෆිලිම් එක ෂූට් කළේ හම්බන්තොට. ඒ කාලය ඉතාමත් කර්කශයි. මේකෙ ගොඩක් තියෙන්නෙ පරන කාර් එකක් ඇතුළෙ කරපු ෂූට් එකක්. කැමරාව කාර් එකට හයි කරල අධ්‍යක්ෂවරයවත්, කැමරා අධ්‍යක්ෂවරයවත් නැතුව අපි දෙන්නටම තමයි මේ වැඬේ ගොඩදාන්න වුණේ. එක සීන් එකක් වැරදුණොත් කාර් එක ආයි මුල් තැනටම අරන් ඇවිත් ආයි මුල ඉඳලම ෂූට් කරන්න වුණා. හම්බන්තොට කැලෑවක් ඇතුළෙ රෑ ෂූට් කරනකොට අලිගෙන් පවා කරදර වුණා. ඒ වගේ ලොකු අපහසුතා ටිකක් එකක් තමයි මේ වැඬේ කරන්න වුණේ.

අනෙක් ප්‍රධාන චරිතය රඟපාන ශ්‍යාම් ප්‍රනාන්දු සමඟ ඔබ චරිතය ගොඩනගාගත්තේ කොහොමද?ශ්‍යාම් කියන්නෙ වෘත්තීමය රංගන ශිල්පියෙක් සහ ඉතාම හොඳ මනුස්සයෙක්. වැඩක් කරද්දි එයා ඉතාමත්ම හොඳ සගයෙක්. අපි මීට පෙර ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය ඇතුළුව වැඩ කීපයක් කරල තියෙනව. ඉතින් අපි අතර කලින් වැඩත් එක්ක හොඳ අවබෝධයක් තිබුණ කොහොමද වැඩ කරන්න ඕනෙ කියල. ඔහුගෙ තිබුණ අත්දැකීමුත් එක්ක අපි සාකච්ඡා කරල තමයි අපේ චරිත ගොඩනගාගත්තෙ. ඉතින් මගේ චරිතය සාර්ථකව කරගෙන යන්න ඔහුගෙන් ලැබුණෙ විශාල සහයෝගයක්.

චිත්‍රපටයෙදි ඔබ දුම්වැටි පාවිච්ච කරන දර්ශන සඳහා පෙනී ඉන්නව?ඔව්. මම රඟපාන්නෙ චරිතයක්. ඒ චරිතයට එහෙම දෙයක් අවශ්‍ය නම් මම අනිවාර්යයෙන් නිළියක් වශයෙන් ඒ දේ ලබාදෙන්න ඕනෙ. එතැනදි ගෑනියෙක්ද සිගරට් බොන්නෙ, පිරිමියෙක්ද සිගරට් බොන්නෙ කියන කාරණය මට වැදගත් නෑ. කවුරුවත් පිරිමියෙක් සිගරට් බිව්වට ඔය ප්‍රශ්නය අහන්නෙ නෑ. කාන්තාවක් සිගරට් එකක් බීම තමයි මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. අපි හිතන්න ඕන ඇයි ඕක ගැහැනිය කියන තැනට ලඝු කරල තියෙන්නෙ කියල.

මේ චිත්‍රපය ‘වැඩිහිටියන්ට පමණයි’ කියල ලේබල් වෙන්නෙ කොහොමද?ඇත්තටම ඒක කොච්චර සාධාරණ තීරණයක්ද කියල මටත් හිතාගන්න බෑ. මොකද මේ චිත්‍රපටයෙ වැඩිහිටියන්ට පමණක් සුදුසුයි කියල කියන්න තරම් කිසිම දෙයක් නෑ. මේක නිර්මාණකරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මේකෙන් වෙන්නෙ මේ වගේ නිර්මාණ කරන්න ඔවුන් අධෛර්යමත් වෙන එක.

චින්තන යටතේ වැඩකරන්න ලැබීම ඔබට කොහොමද දැනුණෙ?චින්තන යාළුවෙක් විදිහටත්, අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ඉතාමත් නිවිච්චි පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණ ඇතුළෙ මට රංගන ශිල්පිනියක් විදිහට රැඳෙන්න තියෙන අවකාශය ඉතාමත් වැඩියි. අනිත් එක ඔහු ධනාත්මකව තමයි හැමදේම දිහා බලන්නෙ. ඒක අපිටත් වැඬේ කරගෙන යන්න ලොකු උදව්වක් වුණා. අපේ අදහසුත් එක හා සමාන නිසා කතාබහ කරල හොඳ අවබෝධයකින් වැඬේ කරගෙන යන්න පුළුවන් වුණා.

‘ඇවිලෙනසුලුයි’වලට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?ඇත්තම ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබෙනව මේ වෙනකොට. අපි හිතන්නෙ නැති පිරිස් පවා මේ වෙලාවෙ චිත්‍රපට ශාලාවට ගිහිල්ල අපේ ෆිල්ම් එක බලල අපිට ප්‍රතිචාර පවා දක්වල තිබුණ. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනව මට ලැබෙන ප්‍රතිචාර ගැන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: