Sl Actress bdy ………….

රුක්ෂානා දිසානායක (Rukshana Disanayaka) කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක්.

නර්තන විශය උපාධිය සඳහා හැදෑරූ ඇය, නර්තන පාසලක් මේ වනවිටත් පවත්වාගෙන යන අතර නැටුම් ගුරුවරියක් ලෙස පත්වීම ලබාගෙන සේවය කරන්නත් ඇය බලාපොරොත්තු වන බව කිව්වා.

ටෙලිනාට්‍ය 5ක පමණ රංගනයෙන් දායක වී සිටින ඇය නව නිර්මාණ 4ක් ඉදිරියට විකාශනයවේ යැයි ද පැවසුවා.

නීල පබළු, නෝපාර්ක් වගේ ටෙලිනාට්‍ය හරහා ආදරය දිනාගනිමින් සිටින ඇය පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා.

කලා ක්ෂේත්‍රය බොහෝදෙනෙක් ඇයට උපන්දින සුභ පැතුම් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නෑ.

ඇයගේ සහෝදරයා සහ පවුලේ අය එකතුවෙලා ඇයට අපූරු උපන්දින සාදයක් සූදානම් කරලා තිබුණා. මෙම උපන්දින සැමරුමේ ඡායාරූප රැසක් සමාජ ජාලා වලටද එකතු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: