Dinakshi revealed about saranga

කොරෝනා නිසා මාස තුනක්ම නිවාඩුවේ ඉඳලා අතරමඟ නතර කරපු කලා කටයුතු නැවත පටන් ගත්තා. කොරෝනාවෙන් පස්සේ අලුත්ම වැඩකට අත ගැහැව්වා. ‘අකුරු මැකී නෑ’ කියලා වෙනස්ම විදිහේ ටෙලි නාට්‍යයක්. මේක කසුන් නරේන්ද්‍ර අයියා අධ්‍යක්ෂණය කරන හිරු නාලිකාවේ නිෂ්පාදනයක්. මේ ටෙලි නාට්‍යයේ මම නිරූපනය කරන්නේ වින්ද්‍යා කියන ගුරුවරියකගේ චරිතයක්. තවත් අලුත්ම ටෙලි නාට්‍යයකට දායක වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

‘අකුරු මැකී නෑ’ වින්ද්‍යා ගැනත් කතා නොකරම බැහැ.ගුරුවරියකගේ චරිත මම මීට පෙර අවස්ථා කිහිපයකම කරලා තියෙනවා. පුංචි දරුවෝ එක්ක වැඩ කරන්න ලැබුණේ ගොඩාක් කාලෙකින්. අම්මෝ දඟ මලු ටිකක් එක්ක තමයි මේ දවස්වල වැඩ කරන්නේ.

කැමරාව ඉස්සරහ හැමදාම සාරංගගේ පෙම්වතිය වුණ දිනක්ෂිට ඔන්න ප්‍රේමණීය ආරාධනය නිල වශයෙන්ම ලැබුණා?
ආරාධනාව නම් පිළිගත්තා. සාරංගත් මමත් දැන හඳුනාගෙන නම් අවුරුදු 10ක් විතර වෙනවා. ආදර හැඟීමක් ඇතිවෙලා නම් අවුරුදු දෙකක් විතර. මේ දේවල් අපි දෙන්නම ලොකු අනාගත බලාපොරොත්තු එක්ක පටන් ගත්ත දේවල් නෙමෙයි. මම කොහොමත් එන විදිහට ජීවිතය භාර ගන්න කෙනෙක්. එයාට හිතෙන්නෙ ඇති දැන් විවාහයට හොඳම කාලේ කියලා.

මේක ජීවිතේ ගත්ත හොඳම තීරණය කියලා ඔබ හිතනවද?සහකරුවෙක් තෝරගන්නවා කියන්නේ ජීවිතේ හොඳට හිතලා බලලා ගන්න ඕන තීරණයක්. හොඳ මනුස්සයෙක් නම් මට ආදරේ නම් මගේ අදහස්වලට ගැලපෙනවා නම් මම හොයන්නේ එච්චරයි. සියයට සීයක් හැම අතින්ම ගැලපෙන මිනිස්සු මේ ලෝකේ කොහේවත් නෑ. නොගැලපෙන දේවල් ගලපගෙන ජීවත් වීමයි වැදගත්. මේ තීරණය හරිද වැරැදිද කියලා මට අද තීරණය කරන්න බැහැ. මම තීරණ ගන්නේ ඒ වෙලාවට සුදුසුයි කියලා හිතෙන දේත් එක්ක. දුක සැප බෙදා ගන්න තීරණය කරද්දි ඒක රෝසමල් යහනාවක් වගේ වෙන්නේ නැහැ. ඒක තේරුම් අරන් ජීවත් වෙන එක තමයි තියෙන්නේ. හැමදේම එන විදිහකට භාරගන්න සූදානමින් තමයි මම මේ තීරණය ගත්තේ. මම කවදාවත් නොදකින අනාගතයක් ගැන හීන දකින්නේ නැහැ.

දැන් විවාහයට ලෑස්තිද?තාම දින වකවානුවක් නම් නෑ. සාරංගයි මායි හිතාගෙන ඉන්නේ අපිට ආදරේ කරන කලා ලෝකේ කිහිප දෙනෙක් සහ හිත මිත්‍රාදින් ඇතුළු පවුලේ සමීපතම නැදෑයින් එක්ක ඒ ලස්සන දවස බෙදා හදා ගන්න. ඒත් මොන මොන ගැටලු ඉදිරියට මතුවේවිද දන්නේ නෑ. රටේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක. මේ වසරේ එක ගෙදරකට කූඩුවෙන්න තමයි බලාපොරොත්තුව.

නදීශා අතුකෝරළ-ලංකාදීප – සදැල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: