he remeber me……….vinu

විනූ සිරිවර්ධන (Vinu Udani Siriwardhana) කියන්නේ දක්ෂ, සුරූපී, හුරුබුහුටි රංගන ශිල්පිනියක් වගේම, නිවේදිකාවක්. ඇය පසුගිය කාලයේ නිවෙසටම වෙලා හිටියත් දැන් කලා කටයුතුත් එක්ක කාර්යයබහුල වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

ඒ වගේම අලුත් ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබිලලු. ඇය පොතක් එළිදක්වන්න අදහසක් ඇති බව කියා තිබෙනවා.

අත්හදාබැලීම් කිරීමට ඇති කැමැත්තත්, ඇයගේ අත්දැකීම් අනිත් අය එක්ක බෙදාගැනීමටත් තියන කැමැත්ත නිසා තමයි ඇය මනෝවිද්‍යාව මූලික කරගෙන පොතක් ලියන්න හිතලා තියෙන්නේ.

බිතුසිතුවම් ටෙලිනාට්‍යයේ දිනේවාගේ චරිතය නිසා ඇය බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රතිචාරත් ඇයට ලැබෙනවාලු.

අලුත් චිත්‍රපට දෙකක් තිරගත වීමට ඇතත් ඒවා මේ වසරේදී තිරගත නොවෙනු ඇති බවත් ඇය කිව්වා.

සුනිල් ආරියරත්නගේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ ගරු රංගයකට එක් වෙන්න ඇයට අවස්ථාව ලැබිලා. ඔහු ඇයට චරිතයට ආරාධනා කර තිබෙන්නේ “දිව්‍යාංගනාවක් අවශ්‍ය වුණාම ඔබව මතක් වුණා” කියමින්ලු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: