bachchan’s family………….

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වූ බොලිවුඩ් සුපිරි නලු අමිතාබ් බච්චන්ගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන්ට ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මේ වන විට මුම්බායි නුවර නනවාති රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මහාරාශ්ඨ‍්‍ර ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය රාජේශ් ටෝපේ ප්‍රකාශකර ඇත්තේ බච්චන් පවුලේ අනෙක් සාමාජිකයන් වන ජයා බච්චන් සහ අයිශ්වර්යා රායිගේ පී සී ආර් පරීක්ෂණවල වාර්තා අද දිනයේ ලැබීමට නියමිත බවයි.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අතුරින් ලොව තුන්වන තැනට මේවන විට පැමිණ සිටින ඉන්දියාවේ ඊයේ දිනය තුල පමණක් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 27114ක්.

එරට සමස්ත ආසාදිතයන් ගණන 850358ක් ලෙසටයි සටහන් වන්නේ.

මරණ 22687ක් සිදුවී ඇති අතර ඊයේ දිනයේ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව 519ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: