gayathri ‘s beauty tips

රංගන ශිල්පිනියක් ලෙස අපි මුලින්ම හඳුනාගත් ගයාත්‍රි ඩයස් (Gayathri Dias) පසුකාලීනව නිවේදිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිනියක් වගේම, ව්‍යාපාරික කාන්තාවක් බවටත් පත් වෙලා.

තරුණ වයස පසු කළ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් නමුත් ඇය මෙතරම් රූමත්ව සිටින්නේ මන්දැයි හැමෝටම ප්‍රශ්නයක්.

ඇය කියන විදියට “ලස්සනට ඉන්නේ හිත හොඳින්, හැමෝටම ආදරෙන් ඉන්න නිසා, ඒ වගේම අපේ පවුලෙනුත් එන එකක්. මගේ අම්මා තාම තරුණ පෙනුමට ඉන්නවා”.

ඒ වගේම “මම හරි ඉක්මනට විවාහ වුණා. විවාහවෙලා ගෙදර ඉද්දි කම්මැලි කමට තමයි රූපලාවණ්‍ය හදාරන්න ගත්තේ. පස්සේ දන්නෙම නැතුව රූපලාවණ්‍ය ශිපිනියක් වුණා. හැම කාන්තාවක්ම මොකක් හරි වැඩක යෙදෙන්න ඕන” යනුවෙන් පැවසූ ඇය කාන්තාවන් දිරිමත් කළා.

ඇය දන්න දේ තුළින් ඇය අද ව්‍යාපරික ලොවේ ඉදිරියෙන් සිටින බවත් කිව්වා. තරුණ කාලයේ ලස්සනට ඇදීම පැලදීමත් ඇය අගය කළා.

ඇය කිව්වේ ඇයට ගෙදරින් චෝදනා නෑ කොච්චර කාර්‍යයබහුල වුවත් දරුවන්ට උදේට, දවල්ට ආහාර සකසා ගෙදරින් එන බවයි.

ඒවගේම මව පියා රංගනයට සම්බන්ධ වුවද දරුවන් රංගනයට එන එකක් නෑ කියලයි ඇය කිව්වේ. “මම හීනෙන් පවා රඟපෑවත් දරුවන් එහෙම නෑ”.

ඇය කෙතරම් වෘත්තීන් වල නිරත වුවත් රංගන ශිල්පිනියක් කියනවට වඩාත්ම කැමති බවයි කිව්වේ. මොකද ඇයට සියලු දේ කිරීමට ශක්ත යක්වෙලා තියෙන්නේ රූපණය නිසා.

🖊 සටහන : නිශී හේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: