Even in Sri Lanka living together is wrong Wearing a dress is also wrong

අමායා අධිකාරි (Amaya Adikari) කියන්නේ ලංකාවේ සුප්‍රකට නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම තවත් අවස්තාවක නිවේදිකාවක්.

ලාබාල වයසකින්ම අතුල අධිකාරිගේ (Athula Adikari) දෙවන විවාහයේ බිරිඳ වූ ඇයට ඔවුන්ගේ ම දියණියක් ඉන්නවා.

තාමත් විවාහක වුවත් අතුල අමායා දෙදෙනා වෙන්ව ජීවත් වන බවත් අමායා තම පෙම්වතා සමඟ ආදරයෙන් සිටින බවත් නොරහසකි.

දෙවෙනි වතාවටත් මව් පදවිය ලබන ඇය කියන්නේ “මව් පදවිය තමයි මේ ලෝකේ තියන සුන්දරම සහ හොඳම පදවිය” කියලා.

කෙසේවෙතත් තම පෙම්වතා සමඟ විවාහ නොවන බව කියන ඇය වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ living together හිටියත් වැරදී, ඇඳුමක් ඇන්දත් වැරදී යනුවෙන් ද පැවසුවා.

ඇය පවසන්නේ අතුල අසනීපයක් වූ විට බලාගන්න ඇය සිටිය යුතු බවයි. අතුල ද අවබෝධයකින් සිටින යෙක් නිසා ඇගේ ආදර සම්බන්ධයට ඔහුගෙන් බාදාවක් නෑ කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: