kusal incident…………..

මගේ මහත්තයායි මායි එදා වේල හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. උදේ පාන්දර ඉඳලාම බස් එකේ රස්සාව කරලා කීයක් හරි හොයාගෙන ආපුවාම එකෙන් ගන්න බඩුවලින් තමයි අපේ බඩගින්න නිවුවේ. දැන් ඒ සේරම ඉවරයි.

මහත්තයාට මේ වෙච්ච දේ ගැන උදේ පාන්දරම දුරකථනයෙන් පණිවිඩය ලැබුණාම මට හිතාගන්න බැරිවුණා මොකක්ද මේ සිදු වුණේ කියලා යැයි පානදුර, හොරේතුඩුව ප‍්‍රදේශයේදී 05 වැනිදා අලූයම 04.30 ට පමණ කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස් විසින් පදවනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයේ පාපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරේදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි කුඩාතෙල්ගේ නෙවිල් පීරිස් මහතාගේ බිරිඳ වන බලාපුවඩුගේ නිලන්ති මෙන්ඩිස් මහත්මිය (48) ඉතාම ශෝකයෙන් එසේ පැවසුවාය.

‘මහත්තයා රස්සාවට ගිහින් එනකං එයාගේ ලොකු පුතාගේ දරුවා ‘‘සීයා දැන්ම එයි ද’’ කිය කියා අහනවා. මොන්ටිසෝරි ගිහින් ආවාම සමහර දාට කියනවා සීයා බස් එකේ වැඩ කරනවා දැක්කා කියලා. ලොකු පුතාටත් හරිහමන් රස්සාවක් නෑ. එයාලාට යම් තරමකින් හරි පුළුවන් විදියට උදව් කළේ මහත්තයා තමයි. කිසිම කෙනෙක්ට වරදක් නැති අහිංසකව ජීවත් වුණ කෙනෙක් තමයි මගේ මහත්තයා. මේ ගෙදරට එන්න කලින් අපි හිටියේ ලෑලි ගහලා වටකර ගෙන හදාගත්තු පැල්පතක. කොරෝනා කාලේ ඉවරවේගන යනකොට ඉඩමේ අයිතිකාරයෝ කිව්වා වෙන ගෙයක් හොයා ගන්න කියලා. මහත්තයා කොන්දොස්තර වැඬේ කරලා හම්බ කර ගෙන එන කීයෙන් හරි ජීවත් වුණ අපිට වෙන තැනක් හොයා ගන්න කිව්වාම තරු පෙනිලා හිටියේ. ලොකු පුතා ණයක් වෙලා මෙහෙම හරි වැටිලා ඉන්න තැනක් කුලියට ගත්තේ. නැත්නම් මහත්තයාගේ මිනියවත් තියන්න තැනක් අපිට නෑ.

මියගිය නෙවිල් පීරිස් මහතා පානදුර, ගොරකාපොළ, ඥානසේන නාහිමි මාවතේ තාවකාලිකව පදිංචිව සිටි නිවසට අප යන විටත් ඒ මහතාගේ මිතුරන් වන බස්රථ රියැදුරු මහත්වරුන් මෙන්ම කොන්දොස්තර මහත්වරුන් මේ සිදු වූ විපත ගැන අසා විශාල පිරිසක් නිවසට පැමිණ සිටින ආකාරය දැක ගැනීමට හැකිවිය. සීයාට සිදු වූ දේ කුමක් දැයි කියා අදහා ගැනීමටවත් නොහැකිව මුණුපුරා වන විඳුණ වත්සුක පීරිස් (06) දරුවා නිවසේ පැත්තක ඇති පුටුවකට වී බලා සිටින ආකාරය දුටු නිවසට පැමිණ සිටි සියලූ දෙනාගේම නෙතට කඳුළක් ගලා ආවේය.

නෙවිල් පීරිස් මහතාගේ සොහොයුරකු වන කේ. එරික් පීරිස් මහතා තම වැඩිමහල් සොහොයුරාගේ වියෝව පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

අයියාගේ පුතාලා දෙන්නටත් ස්ථිර රැුකියාවක් නෑ. මේ වෙච්ච දෙයින් අයියාගේ පවුලේ කට්ටියටම කබලෙන් ළිපට වැටුණා වාගේ වැඩක් වුණේ. අනතුර වුණ දවසේ ක‍්‍රිකට් ගහන ඇක්සිඩන්ට් එක කරපු මල්ලිගේ තාත්තා ඇවිත් අපිට ගොඩක් චාටු බස් දොඩවලා ගියා උදව් කරන්නම් කියලා. අපි ගොඩක් අසරණ මිනිස්සු. ඒ නිසා අයියාට සිදු වූ දෙයට නීතියෙන් සාධාරණයක් ඉටුවේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මියගිය නෙවිල් පීරිස් මහතාගේ වැඩිමහල් සොහොයුරිය වන සුනීතා පිරිස් (74) මහත්මිය මෙසේ කීවාය.

මල්ලිට ඉන්න ස්ථිර ගෙයක් තිබුණේ නෑ. මල්ලි දිගටම කුලී ගෙවල්වල තමයි හිටියේ. ස්ථිර ලිපිනයක් නෑ කියලා කොරෝනා කාලේ ආණ්ඩුවෙන් දීපු රුපියල් 5000 ලැබුණේ නෑ. කොරෝනා කාලේ මල්ලිට රස්සාව නැති නිසා බොහෝම අමාරුවෙන් දුක සේ ජීවත් වුණේ. උදේ පාන්දරම නැගිටලා වැඩට යනවා. වැඩ කරන බස් එකට හරිම ආදරෙයි. බස් එක හෝදලා පිහදාලා දුම් අල්ලලා තමයි වැඩට යන්නේ. බස් එක අයිති කෙනාගේ ගෙදර තියෙන්නේ කොරළවැල්ලේ. පාන්දරම මල්ලි ඒ ගෙදරට යන්න තමයි බයිසිකලෙන් ගිහින් තියෙන්නේ. මල්ලි කලබල කෙනෙක් නෙවෙයි. බයිසිකලේ වුණත් බොහෝම හෙමින් යන්නේ. එහෙම කෙනාට වුණ දේ ගැන හිතාගන්න බෑ.

නෙවිල් පීරිස් මහතාගේ අවසන් කටයුතු ඊයේ (7 වැනිදා) සවස 3.00 පානදුර, ගොරකාන පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.

එස්.ඞී. අබේසිංහ – මහරගම, බණ්ඩාරගම ආර්.එ්.එස්. පේ‍්‍රමතිලක
Source – දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: