hashini guruge…………..

පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණු නවක නිරූපණ ශිල්පිනිය තමයි හෂිණි’ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ටෙලි නිර්මාණ කිහිපයකටම දායක වී තිබෙන හෂිණි ඉදිරියේදී සිනමා නිර්මාණයක් සඳහාත් දායක වීමට නියමිතයි’ ඉතින් හෂිණිව සාරවිට කතාබහකට එකතු කරගන්න අපි හිතුවේ මේ විදිහටයි’

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම හෂිනි ගුරුගේ’ මගේ ගම පොළොන්නරුවේ’ නමුත් දැන් පදිංචි වෙලා ඉන්නේ පෑළියගොඩ’ මම නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩ කරනවා’

නිරූපණයට එකතු වෙන්නේ කොහොමද?

මම ොටෝෂූට් වලට ගොඩක් ආසයි’ ඉතින් ොටෝෂූට් ලෝව් කරලා ොටෝෂූට් හරහා ක්ෂේත‍්‍රයට ආවා’ ඊටපස්සේ මට රංගනයට එකතු වෙන්න අවස්ථාවන් ලැබුණා’ එතකොට මම රංගනය පිළිබඳව ඉගෙනගත්තා’ දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ක්ෂේත‍්‍රයේ වැඩ කරන්න පටන් අරගෙන’

දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කියමු?

හිරු නාලිකාවේ ටෙලි ෆිල්ම්වලට සම්බන්ධ වුණා’ ඊට අමතරව නෝ පාරකින්” සල්මල් ආරාමය කියන ටෙලි නාට්‍ය දෙකටත් රංගනයෙන් දායක වෙලා තිබෙනවා’

පහුගිය දවස්වල ෆොටෝෂූට් ගණනාවක් හරහා ඔබට විශාල ජනප‍්‍රියත්වයක් ලැබුණා නේද?

ඔව්’ මම කරන වැඩ හරි වෙනස්’ සමහර අය ගොඩක් කැමතියි’ ඒත් තවත් අය අකමැතියි’ හැමෝම කරන දේ නැතුව වෙනස් දේවල් කරන්න ආසයි’ ගොඩක් අය හොඳ කියනවා’ බැනුම් අහපු අවස්ථාත් තියෙනවා’ ඒවාත් අහගෙන ඉන්නවා’ මට යාළුවෝ නැහැ’ ඒ නිසා කවුරුත් මට එක එක ඒවා කියන්නේ නැහැ’ හොරෙන් කියන දේවල් ගැන නම් මම හිතන්නේ නැහැ’

අඩනිරුවත් නිර්මාණවලට දායක වෙන්න බයක් දැනෙන්නේ නැද්ද?

කලින් නම් බයක් තිබුණා’ ක්ෂේත‍්‍රය ගැන දන්නේ නැහැනේ ඉතින්’ මම ජාත්‍යන්තර ෆොටෝෂූට් බලලා දේ දේවල් අධ්‍යනය කරලා දැනුමක් එකතු කරගත්තා’ ඒ හරහා ඒ පැත්තට ඔළුව හදාගත්තා’

ලංකාවේ මිනිස්සු ඇයි නිරුවත් හෝ අඩ නිරුවත් නිර්මාණවලට බනින්නේ?

අපේ මිනිස්සු විවෘත නැහැ’ ගොඩක්ම ඉන්නේ හැංගිලා වැරදි කරන මිනිස්සු’ පටු අදහසකින්” පටු මානසිකත්වයෙන් තමයි සමාජය දිහා බලන්නේ’ ඉතින් ඒ අය බනිනවා’ ඕක දැක්කා කියලා ඇත්තටම මොකක්ද වෙන්නේ’

ගෙදරින් බලපෑමක් ඇවිත් නැද්ද?

නැහැ’ අම්මයි” තාත්තයි දෙන්නටම තේරුමක් තියෙනවා මගේ වැඩ ගැන’ ඒ නිසා කිසිම දෙයක් කියන්නේ නැහැ’

හෂිනි වැඩිපුර කැමති රංගනයටද” නිරූපණයටද?

දෙකටම එක වගේම ආසයි’

චිත‍්‍රපටයක නිරුවත් දර්ශනයකට ඇරයුමක් ලැබුණොත්?

හොඳ නිර්මාණයක් නම් මම බාර ගන්නවා’

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

චිත‍්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා’ ඒකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා’ ඊට අමතරව තව නිර්මාණ ලැබුණොත් ඒවාටත් සම්බන්ධ වෙනවා’

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්මාව” තාත්තාව මතක් කරන්න ඕනේ’ එතකොට මගේ පෙම්වතා මට විශාල සහයෝගයක් ලබාදෙනවා’ එතකොට මගේ ඩ‍්‍රාමා ක්ලාස් එකේ හැමෝවම මතක් කරනවා’ ඒ වගේම මගේ වැඩවලට උදව් කරන හැමෝමවත් මතක් කරනවා’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: