UN Vehicle incident………….

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල රථයක් තුළ දෙදෙනෙකු අසභ්‍ය ලෙස ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

සාමසාධක හමුදාවට අයත් ඊශ්‍රායලයේ ටෙල් අවීව් හි රාජකාරියේ නිරතව සිටින එම සංවිධානයේ සේවකයෙකු සහ සේවිකාවක් මෙලෙස එම රථය තුළදී ලිංගිකව හැසිරී ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තමන් එම වීඩියෝව දැකීමෙන් පුදුමයටත් කම්පාවටත් පත්ව සිටින බවයි.

මේ අතර අදාල වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අදාළ සේවිකාවගේ සහ සේවකයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා මූලික විමර්ශන ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ 2019 වසරේදී පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් සම්බන්ධයෙන් අපයෝජන සිද්ධීන් 175ක් වාර්තාවී ඇති අතර ඉන් 16ක් තහවුරු වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: