Noylin perera’s life story……….

ලෝකේ වෙනස් කරන්නේ වෙනස් විදියට හිතන අය. ඇත්තටම කිව්වොත් ලෝකේ වෙනස් කරන්න ප්‍රධාන විදියට දායක වෙන පිරිසක් තමයි ව්‍යවසායකයන් කියලා කියන්නේ. මේ කියන්න යන්නේ ලංකාව තුල වෙනස් දෙයක් කරලා, ලෝකෙම පිලිගත්ත චරිතයක් බවට පත් වුණු තරුණියක් ගැන. ඇය ලංකාව තුළ දැනට ඉන්න මිලියනපතිනියක්. මේ හැමදේම ඇයට ලැබුණේ ඇගේ උත්සාහය, කැපවීම වගේම වෙනස් විදියට හිතන්න ඕන වුණ නිසා කිව්වොත් නිවැරදියි. ඇය නමින් නොයෙලින් පෙරේරා හෙවත් CameraLK හි අධ්‍යක්ෂිකාව.

2010 වසරේදී නොයෙලීන් මේ සමාගම පටන් අරන් තියෙන්නෙ ඇගේ ස්වාමිපුරුෂයාත් සමගයි. පොඩිවට පටන් ගත්ත මේ ව්‍යාපාරය මේ වෙනකොට දකුණු අසියාවේ තියන අග්‍ර ගනයේ කැමරා භාණ්ඩ සහිත ව්‍යාපාරයක් බවට පත් වෙලා තියනවා. තමන්ගේ ව්‍යාපාරයත් එක්ක ගණුදෙනු කරන පාරිබෝගිකයන්ට ඕන කරන විදියේ ඉහළ සේවාවක් ලබාදීම නිසාම මේ වෙනකොට ලංකාව පුරාම සුප්‍රසිද්ධ සමාගමක් බවට CameraLK පත් වෙලා තියනවා. මේ හැම ව්‍යාපාර කටයුත්තක් අතරෙදිම තමන්ගේ පෞද්ගලික ජීවිතයට අවශ්‍ය අවධානය ලබාදෙන්නත් ඇය අමතක කරන්නේ නෑ. ලංකාවේ විතරක නෙවෙයි, ලෝකෙම ඉන්න කාන්තාවන්ට ඇය බොහොම හොද ආදර්ශයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: