believable story…………………………

“අයියේ ඔයා කිව්ව විදිහේ හාදයෙක් ඉන්නවා.. ආටිකල් එකට ගැළපෙනම විදිහේ…”

ඒ මාතෘකාව බොහෝම බැරුරූම් එකක්. ඒක මේ විදිහට ඔබට පැහැදිලි කරන්න පුළුවන්.

“මළසිරුරු සමඟ ලිංගිකව එකතු වෙන මිනිස්සු..”

ඒක ටිකක් විතර (ටිකක්මත් නෙවෙයි.) අප්‍රසන්න මාතෘකාවක්. කවුරුත් කතා කරන්න අකැමැති පිළිකුල් සහගත මාතෘකාවක්. ප්‍රැක්ටිකලි මේ ගැන කතා කරන්න පුළුවන් විදිහේ හාදයෙක්ව මම හොයමින් හිටියේ බොහෝ කාලෙක ඉඳලයි..

නමුත් මොකද්දෝ හේතුවකට එහෙම කෙනෙක් හොයාගන්න එක මට තරමක් අපහසු කාරණාවක් වෙනවා. මේ කාලය අතරතුරදී තමයි සුදේශ් වසන්තගේ “හුස්ම” ෆිල්ම් එක රිලීස් වෙන්නේ. “හුස්ම” ෆිල්ම් එක ඔබ දැනටමත් බලලා තියෙන කෙනෙක් නම්.. මම ඒ ගැන වැඩිය කියන්න සුදානමක් නෑ.

අපි මේ කතා කරමින් ඉන්න “මළසිරුරු සමඟ ලිංගිකව එකතු වෙන අරුම පුදුම මිනිස්සු” කියන කාරණාව “හුස්ම” ඇතුළේ අපූරුවට පෙන්වා දෙනවා. පසු කාලයක රුපියල් සියයේ පන්සියයේ නෝට්ටු-වලින් මළසිරුරක් සමඟ “ආතල් එකක්” ගන්න තලු මරන තරුණයෝ ගැන කතාවකුත් මුහුණු පොතේ පළ වෙලා තිබුණා.

ඉතින් දැන් ප්‍රශ්නයක්…? ඇත්තටම මේ කියන දේවල් වෙනවද? වෙනවා නම් ඒ කොහෙද කොහොම ද?

මේක එහෙම් පිටින්ම විශ්මය ජනක සහ අරුම පුදුම කාරණාවක් නිසාම ප්‍රගීත් හා එකතුව මම ගවේෂණයක නියැලෙන්න තීරණය කරනවා. ප්‍රගීත් කියන විදිහට එහෙම හාදයෙක් දැන් ඔහු සමීපයේ ඉන්නවා…

“මිනිහා කැමතිද සේරම කියන්න…?”

“කැමතියි.. ඌ ගාල්ලේ කොල්ලෙක්… ඒත් මම හිතන් නෑ.. අයියා හොයන විදිහේ විස්තරයක් මිනිහා ළඟ තියේවී කියලා..?” ප්‍රගීත්ගේ කටහඬ. මම මගේ ලැප්ටොප් එක අකුළ ගත්තා.

“ඌව විනාඩි පහක් නවත්ත ගනින්.. අයැම් ඔන් ද වේ….!!”

138 නැඟලා කොටුවෙන් බහිනකොට වෙලාව හරියටම පහ හමාරයි. ඔරලෝසු කටුවේ තප්පර ගණනේ ගණන් හැදෙනකොට කොරෝනාවට යට වෙච්ච මුළු කොළඹම පාළුවට ගිහින් තිබුණා. ඒත්… කෙළවර හෝල්ටුවක් සැමන් ටින් අඩුක් කළා වගේ පේන්න තිබුණා. මම කොළඹ අහස දිහා නුහුරෙන් බලාගෙන ප්‍රගීත්ගේ ඇමතුම දිගේ හෝල්ටුවේ කෙළවරක් වෙනකන් බඩ ගෑවා.

ඔහු සමන්………….. අපේ කතා නායකතුමා..! හීන්දෑරි හාදයෙක්.! (ඇත්තටම මේක ඔහු ගැන වරුණාවක් නෙවෙයි.) මල් ශාලාවක වැඩ කරපු.. ඒ හැම අහු මුල්ලක්ම හොඳින් දැන අඳුනන එකෙක්…

“සර්ලා ඔය සහසුද්දෙන්ම අහන්නේ මළිමිනී එක්ක සෙක්ස් කරන සීන් එක ගැනනේ..?” ඌ කතාව පටන් ගත්තේ එහෙම. මම ලැප් ටොප් එක දිග අරිනකන් නෝට් බුකියේ තිබුණු ප්‍රශ්න පත්තරය ප්‍රගීත් උගේ අතට ගත්තා.

“ඔව්.. පැහැදිලිවම ඒක තමයි.. අපිට දැනගන්න ඕනි.. මේ දේවල් ඇත්තටම අපේ රටේ වෙනවද කියලා…?”

“කවුරුත් එහෙම වෙන්නේ නෑ කියලා කිව්වද සර්ලාට…” හීන්දැරී කොලුවා හෝල්ටුවේ එක ළඟ අලවා තිබුණු ප්ලාස්ටික් පුටු රොත්තකින් එකකට බර දුන්නා.

“මුල ඉඳන් පටන් ගමු…”

“මේකයි සර්.. සර්ලා දන්නවනේ මළමිනියක් කියන්නේ කුණු ගඳ ගහන අප්‍රසන්න දෙයක්නේ.. කවුද මිනීයක් එක්ක සෙක්ස් කරන්න හිතන්නේ. ඒක ටිකක් හිතෙනකොටත් අවුල් කියලා හිතෙන් නැද්ද? හැබැයි… මේ මෑතක ඒ වගේ සීන් වෙනවා කියලා දැනගන්න ලැබුණේ නෑ…”

“මේ අහන්නකෝ.. මට කියන්න ඔයා කවදහරි.. ඔය දන්න අඳුනන කෙනෙක් ඒ වගේ දේවල් කරනවා කියලා අහලා තියනවද?” මගේ ඊළඟ ප්‍රශ්නය. හීන්දෑරි හාදයා හිනාවුණා. යන්තමින්…

“දෙයියම්පා සර් ! මගේ ඇස් දෙකෙන් නම් මම දැකලා නෑ. බොරු කියන්න ඕනි නෑනේ.. හැබැයි දැනට අවුරුදු ගාණකට කලින් මම එම්බාම් වැඩ-වලට ආපු මුල් දවස්වල.. මම හොඳටම දැනන් හිටපු කොල්ලෙක් මළමිනී-වලින් ආතල් අරන් තිබුණා. ඌ ඒවා මට කිව්වා.. (මේ සර්ලා මේකේ මගේ නම නම් දාන්න එපා හොඳේ.) ඒක අහන් ඉන්න අප්පිරියයි.. ඉස්සර අද කාලේ වගේ නෙවෙයිනේ සර්. මිනී එම්බාම් කරද්දි සාමාන්‍ය යෙන් කාටවත් ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඒක නිකන් රහසිගත වැඩක් කියලනේ කියන්නේ. ඌ වැඩකරපු….. (ඔහු මල් ශාලාවක නමක් කියයි.) එකෙන් කොහොමත් ඔය විදිහට මිනී එම්බාම් කරන්න එවනවා…. සමහරක් මිනී ගන්න එන්නේ පහුවදාට.. මේ කියන කොල්ලාට මුලින්ම ඔය ආසාව ඇති වෙලා තියෙන්නේ ලස්සන කෙල්ලෙක්ගේ ඇඟ දැකලා…?”

“දෙයියනේ…!!” ප්‍රගීත් මගේ දිහා බැලුවා. මම තාමත් මේ කතා කියන හාදයා දිහා විශ්මයෙන් බලාගෙන.. ඔහු ඒක කියන්නෙත් බයෙන්… හරියට පාපොච්චාරණයක් කරනවා හා සමානව… ඉතින් දෙයියනේ!! මේ වගේ දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

“එක ලස්සන කෙල්ලෙක් මැරිච්ච.. ඕකට ඉතින් ඔය පරීක්ෂණ එහෙම කරලා හොස්පිට්ල් එකෙන් එවද්දි රෑ වෙනවනේ.. අපේ කොල්ලාට තමයි ඕක එම්බාම් කරන වැඩේ භාරවෙලා තියෙන්නේ.. ඒකි ලස්සනයිලූ.. මූ වශී වුණාලූ.. කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා කිව්වා… ඒ විදිහට මූ එළිවෙනකන්ම අර මිනීයත් එක්ක සතුටු වෙලා. හිතන්නකෝ සර්… මළමිනියක් එක්ක.. ඌ කියනවා ඒක හරියට හනිමුන් එකක් වගේ දැණනලු ඌට.. හැබැයි මේ ගැන කවුරුත් දන්නේ නැහැ…” ඌ ඒ ටික කියන්නේ බිරාන්ත වෙලා වගේ.. සමහරක් රූපණ මේ චිත්‍රපටි කතාවට ගළපන්න අමාරුයි. මම වේගයෙන් හුස්ම ඉහළ පහළ අරන් ගියා.

“ඉතින්… තවත් අය එක්කත් එයා එහෙම ලිංගිකව එකතු වෙලාද?”

“නැත්තම් සර්… ඌට මේ සෙල්ලම නවත්තගන්න බැරිවෙලා.. කොටින්ම ලස්සනද නැද්ද බලන්නේ නැතුව එම්බාම් කරන්න එන සමහරක් ඔය අවුරුදු හතළිහේ පනහේ ගෑනු එක්කත් මූ ඉඳලා..”

“මට මේක කියන්නකෝ.. ඔය කියන කොල්ලාව ඔයා හොඳට දන්නවද? මම මේ කියන්නේ.. සාමාන්‍ය යෙන් අපි ඕක මානසික රෝගී තත්ත්වයක් කියලනේ කියන්නේ. එහෙම වෙන්න නම් එයාට මොකක් හරි අවුලක් වෙලා තියෙන්නත් පුළුවන්…” මගේ ප්‍රශ්නය අවසානයේ ඔහු මහා අමුතු විදිහට හිනාවුණා.

“මොන අවුලක්ද සර්.. ඌට මම දන්න විදිහටනම් කිසි අවුලක් නෑ. හැබැයි අම්මා පොඩි කාලේ නැති වුණ කතාවක් කිව්වා. ඒ ඇරෙන්න ඌ ඔය ගණිකාවන්ට එහෙම ඇබ්බැහි වෙච්ච එකෙක්. කොයි වෙලෙත් උන්ව සෙට් කරන් උන් එක්ක ඉන්න යනවා.. ඔය සර්ලා කියන විදිහේ ප්‍රශ්න අවුල් කිසි දෙයක් ඌට නැහැ.. උගේ මානසිකත්වය කෙසේ වෙතත්… ඌ මහා සතෙක් කියලා විතරයි මට කියන්න තියෙන්නේ. මොන අසහනාකාරයෙකුටද සර් මළමිනියක් එක්ක බුදියන්න පුළුවන්…? මමත් එම්බාම් කරලා තියනවා.. ලස්සන අවලස්සන ගෑනු ඕනෑ තරම්.. දෙයියම්පා ! මට එහෙම ආසාවල් දැනෙන් නෑ.. මට තාමත් ඌ ඒ කතාව රහ කරලා කියපු විදිහ මතක් වෙද්දි අප්පිරියයි…”

“මේ කතාවේ හැටියට හුඟක් උන් ඉන්නවා මේකට ඇබ්බැහි වුණු? එහෙමද?” මගේ ඊළඟ ප්‍රශ්නය.

“ඔව් සර්… ඔය ගොඩාක් උන් මිනී එම්බාම් කරන… මල් ශාලාවලට වැඩ කරන උන්මයි. උන්ම තමයි ඔය කියන සීන් එකේ වැඩියෙන්ම ඉන්නේ…. අරූ කියනවා එහෙම අය ඌටත් හම්බෙලා තියෙනවලූ.. ඒක ආතල් එකක් මිසක් ඒ මිනිස්සුන්ට වරදක් කරනවා කියලා ඌ හිතන් නෑ. ඌ කියන්නේ මළමිනියක්.. පණ නැති කෙනෙක්නේ. ඒකට මුකුත් කළාට අවුලක් වෙන් නෑ කියලා..”

“දැනුත් ඔය දේවල් වෙනවද? මම මේ ඇහුවේ දැන් ඔයා කියන්නේ අවුරුදු ගාණකට කලින් වෙච්ච කතාවක්නේ… මට කියන්නකෝ.. දැන් තත්ත්වය ගැන..?”

“අනේ නෑ සර්.. දැන් ඔය සෙල්ලම් වෙන්නේ නෑ මම දන්න විදිහට. ඉස්සර තමයි ඔය බඩවැල් එළියට අරන් එම්බාම් කොරලා මල් ශාලාවේ තියලා පහුවදාට අරන් යන්නේ.. දැන් ඔය හැමදේම අපි කරන්නේ ඒ අයගේ ගෙවල්වලට ගිහිල්ලයි.. කෙළින්ම ෆෝමලීන් ගැහුවා. වැඩේ ක්ලෝස් කළා. ඔය කියන සෙල්ලම් නටන්න බෑ දැන්.. මොකද සමහර වෙලාවට වැඩේ කරන තැනට ගෙවල්වල කෙනෙක් දානවා බලන් ඉන්න.. මම හිතන්නේ එහෙම සංස්කෘතියක් හැදුනේම ඒ සීන් ගැන මිනිස්සු දැනගත්ත නිසා තමයි.. මම මේ කියන්නේ සර්ලා නෙවෙයි ඔය මළමිනී සෙක්ස් ගැන මගෙන් මුලින්ම අහපු කෙනා.. හුඟක් අය හිතන් ඉන්නේ එම්බාම් කරන හැම එකාම මළමිනී එක්ක බුදියලා ආතල් ගන්නවා කියලා.. ඒත් ඒක ඇත්ත නෙවෙයි සර්…!!” උගේ හඬ බාල වුණා. ප්‍රගීත් නෝට් බුකිය වැහුවා. කතාවට තිත් කොමා නොතියා මම ටික වෙලාවක් මුනිවතින් උන්නා..

දැන් ආකාසේ නිදාගන්න වෙලාව. කළු වළාකුළු ඒ අහස පොරෝගන්න ගමන්… තවත් එක අප්‍රසන්න කතා පුවතකට පස්සෙ මම අර හාදයාට ස්තුති ප්‍රශංසා කළා. ඌ උගේ අත් දෙක එක්කහු කළා විතරයි.

“සුළු දෙයක් සර්… ඕනෑ වෙලාවක කතා කරන්න.. අනේ මගේ නමක් නම් ගාවන්න එපා…!! මම ඔය සීන් ගැන දන්න ටික තමයි ඔය කිව්වේ.. මළිමිනී එක්ක ලැග්ගට අපි කරන්නෙත් රස්සාවක්.. මම මිනියක් එම්බාම් කරලා අනිවා අරක්කු කාලක් ගහනවා. නැත්තම් මට ඒ වෙලාවට ඉන්නම අමාරුයි… සර්ලාට තේරෙනවා ඇතිනේ.. සර්ලා වගේ ඔය ලැප්ටොප් උස්සන් යන එන ජොබ් එකක් නෙවෙයිනේ.. අපි වැඩ කරන්නේ කුණු වෙච්ච ඇඟ පතවල් එක්ක..” ඌ ඒක කියන්නේ දුකකින්. ප්‍රගීත් මගේ දිහා බැලුවේ මුකුත්ම නොකියා. අඩුම ගාණේ පැහැදිලි නාම පුවරුවක්වත් නොදක්වා… මම ආයෙම අර හාදයා දිහා බැලුවා.

“අර කියපු කොල්ලා හම්බුණේ නැද්ද ආයෙම?”

“නැහැ… ඌයි මායි ගොඩක් කල් එකට වැඩ කළා. දැන් ඌ මෙහේ නෑ කියලයි ආරංචි.. මම දන්නේ නෑ ඌ ගැන කිසිම විස්තරයක්.. හොයන්න උවමනාවකුත් නෑනේ ඉතින්… හැබැයි සර් එක දෙයක්.. අඩියක් ගහන ගමන් ඌ කියන ඒ දේවල් ඇහුවාම මට හිතෙන්නේ… ඌ මානසික ලෙඩෙක් කියලා තමයි.. ඌ ඇත්තටම ඒක රස කරලා කියනවා. ඌ ගත්තු ආතල්.. (ඒ හැම ආතල් එකක්ම මෙහි ලිවීම සුදුසු නොවේ.) ඒවා ඒ වුණාට අහන්න පුළුවන් විදිහේ ආතල් එහෙමත් නෙවෙයි….”

බස් එකක් හෝල්ටුව ළඟ ගාල් වෙද්දි ඌ අන්තිම පාරට අපිට අත වැනුවා. මම උගේ අත් මිටට රුපියල් පන්සීයේ නෝට්ටුවක් ගුලි කළා.

ප්‍රගීතුයි මායි බෝඩිමට කඩා පාත් වෙද්දී මධ්‍යම රාත්‍රීය 12 පහුවෙලා තිබුණා.

By Samitha Lakshan
(විශේෂ ස්තුතියි ප්‍රගීත් එස්. නාලින්ද.)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: