chamathka’s latest interview……..

හුස්ම’ට නිරුවත් වුණු චමත්කා ලක්මිණි දැන් පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. චිත්‍රපටයත් එක්ක හැමෝගෙම අවධානය හා කතාබහට ලක්වුණු චමත්කා කෙටි නිවාඩුවකට පස්සේ අයෙමත් රගපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කැමරාවට නිරුවත්විම නිසා චමත්කාට මුහුණ දෙන්න සිදුවුණු සිදුවීම් හා ඇයගේ අලුත් තොරතුරු ගැන කතා කරන්නේ මෙහෙමයි.

චමත්කා කොහොමද අලුත් ජිවිතේ, පුතා එක්ක ගත කරන ජිවිතේ වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති..?මව් පදවිය කියන්නේ වෙනස්ම අත්දැකීමක්. නමුත් මට ඒක අරුමයක් නෙමෙයි. හැම අම්මා කෙනෙක් වගේම මමත් මගේ දරුවා හදාවඩා ගන්න, එයාව ආරක්ෂා කරගන්න උත්සහ කරනවා. බබාගේ නම අග්‍ර. තවම එයාගේ වයස මාස 4යි. දැනෙන විදිහට එයාට තියෙන්නේ මගේ ගති ගුණමයි. හැබැයි එයා හස්බන්ඩ් වගේ කියලයි හැමෝම කියන්නේ. ඉතින් එයත් එක්ක සතුටින් ජිවත් වෙනවා.

හැම දෙයක්ම තනියමද කරගන්නේ..?මගේ හස්බන්ඩ් නැවක වැඩ කරන්නේ. එයා එන්නේ මාස හයකට සැරයක්. අම්මත් රට හිටියේ. දෙන්නම ඇවිත් ගිය සතියේ ගියා. දැන් මම තමයි හැමදේම කරන්නේ. වැඩට කෙනෙක් හිටියත්. ඉස්සර නම් හස්බන්ඩ් නිවාඩුවට ඇවිත් දුකෙන් නෙමෙයි යන්නේ. මේ පාර නම් එයා බොහොම දුකෙන් තමයි අපිව දාලා ගියේ. මොකද පුතා එක්ක ඉන්න කාලයක් නැති නිසා. අම්මත් එහෙමයි.

දරුවෙකුත් ඉන්න නිසා සැමියත් ලග නැති නිසා නිර්මාණ වලට සම්බන්ධ වෙන්න එපා කියලා සැමියා වාරණ දන්නේ නැද්ද..? නැත්තම් ස්වයං වාරණයකට වැඩ කරනවද..?මම කවදත් මට ඕන දේ කළා. ඒ නිසා එයා දන්නවා මට ඕන දේ මම කරනවා කියලා. මම කොහොමත් නිර්මාණ බදාගෙන කරන්නේ නැති නිසා එයා එපා කියලා නැහැ. මාව විස්වාස කරලා මට තනි තීරණ ගන්න ඉඩ දීලා තියෙන නිසා මම දැනගන්න ඕන ඒ සිමා පන්නන්නේ නැතුව ජිවත් වෙන්න. ඒ නිසා මම මටම සිමා දාගෙන වැඩ කරනවා.

පුතාගේ වැඩකටයුතු නිසා කලාවට සමුදෙනවද..?කොහෙත්ම නැහැ. මම ලබන මාසේ ඉදලා ආයෙමත් වැඩ පටන් ගන්නවා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 5ක් වෙනවා. නමුත් තෝරා ගත් සිනමා නිර්මාණ වලට විතරයි සම්බන්ධ වුනේ. ඉස්සරහටත් සිනමා නිර්මාණ හා වෙළෙද දැන්වීම් වගේම රූප රචනා සදහා සම්බන්ධ වෙනවා.

අයෙමත් කැමරාව ඉදිරියට එනවා නම් ශරීරයේ හැඩය හදාගන්නත් වෙයි නේද..?මම කොහොමත් ගොඩක් මහත් වෙලා නැහැ. ව්‍යායාම් කළ නිසා. ඒ වගේම පුතාගේ පෝෂණයට බාධාවක් නොවන විදිහට මම ඩයට් කළා. පසුගිය කාලේ ඇදිරිනීතිය නිසා ජිම් යන්න බැරි වුනා. කොහොමත් තව දවස් කිහිපයකින් ආයෙමත් ජිම් ගිහින් සාමාන්‍ය විදිහට ඇග හදාගන්න ඕන.

රගපාන්නේ සල්ලි හොයන්නද..?නැහැ. සල්ලි හොයන්න නම් මට ලැබෙන හැම චරිතයම භාර ගන්න ඕන. මම මගේ ආත්මතෘප්තියට මම කලාවට සම්බන්ධ වෙන්නේ.

ඉඩහිටලා නිර්මාණ භාර ගන්න නිසා අය කිරීම් සැර ඇති..?කලාකරුවෝ විදිහට අපි කවුරුත් අපිව ඩිමාන්ඩ් කරන්න ඕන. එතකොට තමයි පැවැත්මක් තියෙන්නේ. නමුත් ගොඩක් අය එහෙම නැහැ, මට විතරක් ඩිමාන්ඩ් එක හදා ගන්න අමාරුයි. නමුත් මමත් අය කරන මුදලක් තියෙනවා.

ඔබ හුස්ම’ට නිරුවත් වුනා. ඒ වෙද්දී ඔබ විවාහ වෙලා නෙමෙයි හිටියේ. එය විවාහ ජිවිතයට බලපෑමක් වුනේ නැද්ද..?ෆිල්ම් එක රිලීස් වුනේ මම විවාහ වෙන්න සති දෙකකට කලින්. අපි දෙන්නා ආදරේ කරන්නේ විවාහ වෙන්න අවුරුදු හයකට කලින්. මගේ බෝයි ෆෙන්ඩ් විදිහට එදා එයා ඒක වරදක් විදිහට දැක්කේ නැහැ. විවාහ වුනාට පස්සේ බලපෑමක් වුනෙත් නැහැ. ඒක නිර්මාණයක් විතරයි. මමත් එයත් ඒ ගැන හොද අවබෝධයකින් ඉන්නේ. එයාගේ විස්වාසය මම කඩ කරලා නැහැ. මම හැමතැනකම නිරුවත් වෙන්නෙත් නැහැ. ඒ වගේම හැමදාමත් මගේ ජිවිතේ මම හිතුවේ පවුල මගේ ජිවිතේ මුල් තැන කියලා. මම පවුල රකිනවා.

ඒ විතරක් නෙමෙයි මම සම්පුර්ණයෙන්ම නිරුවත් වුනේ නැහැ. අඩනිරුවත් වුනා විතරයි. ඒක කැමරාකරුගේ දක්ෂතාවය තමයි. හුස්ම රගපෑම ගැන බොහෝ දෙනෙක් හොද කිව්වා. මාව නොදන්න පිට පිරිස මට දොස් කිව්‍වා. කොපියකට නිරුවත් වුනා නම් අනිත් ඒවාට මොනවා කරයිද දන්නේ නැහැ කියලා එහෙම. මම ඒවා ගණන් ගන්නේ නැහැ.

කවදා හරි දවසක ඔබේ පුතාට එය බලපෑමක් වෙයි කියලා හිතුනේ නැද්ද..?හොලිවුඩ් නිර්මාණවල නාකි නිලියෝ පවා නිරුවත් චරිත රගපානවා. මේක නිර්මාණයක් විතරයි කියලා එයා කවදා හරි තේරුම් ගනියි.

ක්ෂේත්‍රයේ රැදෙන්නද නිරුවත් වුණේ..?මම කැමරාව ඉස්සරහ රෙදි ගැලෙව්වේ මේකේ රැදෙන්න බලාගෙන නෙමෙයි. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 5ක් වෙනවා කියලා කිව්වා. එහෙනම් මම නිරුවත් වෙන්නේ පස්වෙනි අවුරුද්දේ නෙමෙයි පළවෙනි අවුරුද්දේ. හැම රංගනයකටම වඩා නිරුවත්ව රගන එක අමාරුයි. ඒක ලෙහෙසි වැඩක් නෙමෙයි. අභියෝගයක් අරගෙන මම ඒ දේ කළේ. එහෙම නැතුව ජනප්‍රිය වෙන්න වත් රැදෙන්නවත් බලාගෙන මම ඒ දේ කලේ නැහැ.

හුස්ම’ට ඔබ අඩනිරුවත් වුවත් සම්පුර්ණයෙන් නිරුවත් වුනු බව තමයි පුළුල් තිරයෙන් ප්‍රේක්ෂයින් දකින්නේ. වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වූ ඒ සිනමා කෘතියේ ඔබේ නිරුවත දැකලා ඔබට අයුතු යෝජනා එහෙම ආවේ නැද්ද..?හුස්ම තිරගත වුනාට පස්සේ හිසේ කෙස් ගාණට මිනිස්සු ඉස්සරහ නිරුවත් වෙන්න යෝජනා ආවා..instagram වගේම Facebook එකට මට එන හැම මැසේජ් එකක්ම එන්නේ අයුතු යෝජනා කරලා. ඉස්සර නම් ඒ වගේ අයුතු යෝජනා දන්න මිනිස්සුත් ගෙනාවා. මම හරිම සැර කෙනෙක්. හරියට බැනලා තියෙනවා. දැන් නම් එහෙම ගෙනෙන යෝජනා දැක්කේ නැහැ වගේ ඉන්නවා. මැසේජ් ආවා කියලා මට හානියක් වෙන්නේ නැහැනේ. මගේ පාඩුවේ මම හිටියා නම්. මට වටින්නේ මගේ පවුල. මේ ජිවිතේ. ඒ නිසා මම පරිස්සමින් ජිවත් වෙනවා. මගේ හැටි දන්න අය දන්නවා මම කවුද කියලා. මම එහෙම යාලුවෝ ආශ්‍රය කරන කෙනෙකුත් නෙමෙයි. වැඩකට ගියොත් වැඩේ කරලා ගෙදර එනවා. මම එහෙම කෙනෙක්. ප්‍රශ්න මගහැරලා ජිවත් වෙන තරමට සතුටින් ජිවත් වෙන්න පුළුවන්.

හර්ෂණී වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: