Atlee’s story………….

බුකියේ උඩ පහළ යන ඔබත් මේ ඡායාරූපය දකින්න ඇති අනිවාර්යෙන්ම. කළු කොල්ලෙක්… ලස්සන සුදු කෙල්ලෙක්.. බුකියම කතා කරපු මේ රූප තහඩුව හැමෝම හුවමාරු කළේ “අනිවා කොල්ලා සල්ලි කන්දක්” කියන “කැප්ෂන්” එක පාවිච්චි කරලා..

කොහොම වුණත්….. ඒ “කැප්ෂන්” එකට එහා ගිය කතාවක් මේ ඡායාරූප-වල තියෙනවා. ඒ ගැන සම්පූර්ණ කතන්දරයක් මුහුණු පොතෙන් අපිට අහම්බෙන් වගේ හමුවුණා.

මේ තියෙන්නේ ඒ කතාව…………………………..

මුලින්ම කියන්න ඕනේ මම මේක ලියන්නේ පෞද්ගලිකව මට ආපු තරහාකට.

කවුද මේ කලු කොල්ලයි, සුදු කෙල්ලයි.කොල්ලා උපතින්ම කෝටිපතියෙක් ද..? කොල්ලගේ තාත්තා කෝටිපතියෙක් ද..? නැත්තං මෙච්චර ලස්සන කෙල්ලෙක් සෙට් වෙන්නේ කොහොම ද..? කොල්ලා වශීයක්වත් කරල ද..?

උඩ තියෙන ප්‍රශ්න සේරම වගේ, දූපත් මානසිකත්වයක ඉන්න උන්ගේ ප්‍රශ්න. මේ ප්‍රශ්න සේරටම එක අකුරකින් උත්තර දුන්නොත් ඒ ” නෑ ” කියලා තමා. අවුරුදු ගානක් මොලේ වෙනුවට …. තියෙන පේජ්කාරයෝ හංවඩු ගහපු මේ කපල් එක එහෙනං කවුද..? කොහොමද මේ relationship එක පටන් ගන්න මොකක්ද හේතුව………??????

මීට, අවුරුදු හතරකට කලින් වැලන්ටයින් එකට indiaGilitz Tamil movie/Interviews කියන Yutube Chanel එකේ, ගිය progarme එකේ තමා මම මේ කතාව මුලින්ම අහන්නේ…

ඔය කියන කලු කොල්ලා ඉන්දියාවේ තමිල්නාඩුවේ සමාන්‍යය ෆැමිලි එකක, එකම පුතා…
ඔහු නමින් Atlee kumar. Atlee කියන්නේ සරලව ජීවත් උන කොල්ලෙක්, මම කිව්වනේ මම මේ කතාව මුලින්ම අහන්නේ මීට අවුරුදු 4 කට කලින් කියලා, Atlee කියන්නේ ඊට අවුරුදු පහකට විතර කලින් සමාන්‍යය රැකියාවක් කරපු (office job) ඒ එන අදායමෙන් ජීවත් උන තමන්ටම කියලා බයික් එකක් විතරක් තිබුන කොල්ලෙක්.

හැබැයි ඌට, අනිත් උන්ට වගේම උණක් එහෙමත් නැත්තං අපි කියන්නේ ” හීනයක් බං ඒක මගේ “කියලා…අන්න එහෙම එකක් ඌ⁣ට තිබ්බා.ඒ තමයි කවදා හරි Film director කෙනෙක් වෙනවා කියන එක. අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඉන්දියාව වගේ රටක ඒ වගේ දෙයක් කරලා තැනකට එනවා කියන එක කොච්චර කට්ටක්ද කියලා.

නොසෑහෙන කටු කාලා කාලා Assistant කෙනක් විදියට directors ලා ගාව වැඩ කරලා.shankar sir එක්කත් වැඩ කරා කියලා Atlee progarme එකකදී කියනවා මම අහලා තියෙනවා. අන්තිමට මේ පොඩි කොල්ලා තමන්ගෙම උත්සහායන් කතාවක් Filme එකක් විදියට එළියට දානවා. ඒතමයි Raja Rani කියන tamil film එක. ඒක ලංකාවෙත් සෑහෙන්න මිනිස්සු වැලදගත්ත ලස්සන love story එකක් තියෙන, බලන්න හිතෙන film එකක්.

⁣Atlee, tamil film ඉන්ට්‍රස්ටී එකේ ආපු ගමන, මම ටිකකට නතර කරන්නම්…

කවුද මේ සුදු කෙල්ල, ඇය නමින් krishna priya

Sun tv එකේ ගිය tamil teledarama කිහිපයකම ඇක්ට් කරනවා මම දැකලා තියෙනවා.ඇක්ට් කරන එක විවාහයෙන් පස්සේ නතර උනා කියලා තමයි ආරංචිය.priya and Atlee දෙන්නම family friends ලා, අවුරුදු 8 කටත් එහා යාලුමක්, දෙන්නට දෙන්නා හොදටම තේරුම් ගත්ත කපල් එකක් කිව්වොත් වැරදි නෑ, ඒකට හේතුව ඉස්සරහාදි කියන්නම්.

ඔහොම යාලුවෝ වගේ ඉද්දී, priya ට ගෙදරින් proposal ගේනවා, priya ඉතිං කිහිප වතාවක්ම Atlee ⁣ත් එක්ක මේ ගැන කතා කරනවා.එක වතාවකදී මීට් වෙලා මේ ගැන කියද්දී Atlee කියනවා මම එහෙනං මගේ හදහන දෙන්නම්,බලන්න කියලා.priya ඒ ගැන shok වෙලා ගෙදරි ගිහින් ආයේ කෝල් එකක් දීලා Atlee ගෙන් අහනවා මොකක්ද ඔයා ඒ කිව්වේ කියලා.Atlee ඕපන් එකේම විස්තරේ කියලා දානවා.පස්සේ ගෙවල් දෙකේම කැමැත්ත උඩ මේ wedding එක කෙරෙනවා.

ඒ වෙනකොටත් Atlee කියන්නේ, ඉන්දියාවේ මිනිසුවත් හරියට දන්නැති චරිතයක්.

Raja Rani / විජේගේ theri, Mersal, Bigil වගේ උබලා අසාවෙන් බලපු ෆිල්ම් වල director මේ පොඩි කොල්ලා කියලා ගොඩක් උන් දන්නෑ, ඌ අද මේ තැනට ආවේ පලවෙනි step එකේ ඉදලා කියලා ගොඩක් ලංකාවේ ඉන්න බයියෝ දන්නෑ. ලංකාවේ ගෝත්‍රික සෙට් එක දන්නේ හැම සිද්ධියකම හිනාවෙන පාට් එක, උලුප්පලා පෙන්නන විතරයි.

Galata එකෙන් අවුරුද්දක් ගානෙ තියෙන award ceraminy එකේදී,2019 wonder women award එක priya ට හම්බෙනවා. ඒක දෙන්න එන්නේ Atlee. Stage එකට එනකන් priya ඒ ගැන දන්නෑ, සප්‍රයිස් එකක් විදියට Galata එකෙන් කරපු වැඩක් නිසා.

එතනදී Atlee කියනවා, ” අද ඔයාලට තේරෙනවා ඇතිනේ, මැච් වෙන් නැති කලිසමකුයි,කමිසෙකුයි ඇදන ඇවිත් තියෙද්දිම ප්‍රියා⁣ දන්නැතුව මම ආපු ගමනක් මේ කියලා ” Atlee ගොඩක් hard work කරන පොරක්, ඕනම director කෙනෙක් එහෙමයි.

ඉතිං ඒ හින්දා Atlee අදින ඇදුම උනත් selected කරලා දෙන්නේ ප්‍රියා…සරලවම කිව්වොත් Atlee ගේ හැම move එකක්ම ප්‍රියා දන්නවා.priya එතනදි හරි ආස හිතෙන කතාවක් කියනවා.” මගේ ජීවිතේ මට හම්බුන ලොකුම award එක තමා Atlee ” කියලා. දෙන්නට දෙන්නා තේරුම් අරන් තියෙන දුර ආයේ අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ, ඒක තේරුම් යනවා.

Atlee ගේ 29 වෙනි උපන් දිනේට ප්‍රියා දුන්න සප්‍රයිස් එක ඇහුවම ඒක තවත් තේරුම් යයි කියලා හිතනවා. මම කිව්වනේ Atlee කියන්නේ සමාන්‍යය ෆැමිලි එකක කොල්ලෙක් කියලා.පුංචි කාලේ ඉදන් අග හිඟකන් නිසා ගන්න බැරිවුන දේවල් ඌගේ ජීවිතෙත් තිබුනා.ඒ අතර පුංචි රිමෝට් කන්ට්‍රොල් කාර් එකකුත් තිබුනා කිව්වොත් පුදුමත් හිතෙනවා.

තමන්ට ජීවිතේ අහිමිවුන හැමදෙයක්ම,priya එක්ක Atlee කියවනවා, යාලුවෙක් විදියට ඉන්න කාලේ ඉදන්ම, Atlee ගේ 29 උපන් දිනේ තමන්ගේ ජීවිතේ අමතක නොවෙනම brith day එක කරන්නෙත් මේ කෙල්ල.

Atlee ට මඟහැරැන දේවල්, ගන්න බැරි වෙච්ච දේවල් Gifet 29ක් විදියට ,Atlee ගේ උපන් දිනේ දවසේPriya තෑගි දෙනවා.

ජීවිතේ තේරුම් ගත්ත යාලුවා, wife උන එක ගැන Atlee අද දහාස් ගානක් ඉන්න stage වල මාර ආඩම්බරයකින් කතා කරනවා, අහන් ඉන්න ආසයි.

“ප්‍රියා කියන්නේ , මට තව අම්මා කෙනෙක් වගේ, මගේ අම්මගේ තැනට මම බය නැතුව ප්‍රියාව රීප්ලේස් කරනවා. අපේ අම්මත් ඒ ගැන මාත් එක්ක කියනවා, ඔයාට පුතේ තව අම්මා කෙනෙක් ප්‍රියා කියලා…”

ඒ Atlee, priya ගැන කියන දේවල්…..

මට මේකෙන් මේ දූපතේ ඉන්න උන්ට ආදරේ කියන එක තේරුම් කරවන්න උවමනාවක් නෑ…ලීක් කර ගන්න, බෙලි කපන සමාජයකට ආදරේ මොකක්ද කියන එක තේරුම් කරවන්න බෑ…

මේ කපල් එක මම පෞද්ගලිකව ආදරේ කරන, ගෞරව කරන කපල් එකක්. විශේෂයෙන් Atlee.

මම ආදරේ කරන මිනිහෙක්ගේ හරියි, ගෑනියෙක්ගේ හරියි චරිතයකට අපහස කරන එක දිහා මට බලන් ඉන්න බෑ…අවුරුදු ගානක් පේජ්කාරයෝ රීච් ගන්න දාන අදම පොස්ට් මැද්දෙ කාගේ හරියි චරිතයක් විකෘති කරනවනං ඒක සදාචාර සම්පන්න නෑ…අද ⁣මේක මෙහෙම ලියන්න උනේ යටින් වත්කමත් දාල තියෙනවා දැක්ක නිසා.

ඒ තමයි අද ඉන්න Atlee….

නන්බා love you ඩා…(Atlee kumara )

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය –
Priyadarshana- නානායක්කාර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: