සමාජ ජාළවල වැඩිපුරම ආකර්ෂණය දිනාගත් ෆොටෝ 20 මෙන්න

මේ දිනවල කාගෙත් කතාබහට ලක්වූ වගේම ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත් යුවතියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ.

ඔබ ගැන මුලින්ම කිව්වොත්?මම සඳනි මල්ෂා ප්‍රනාන්දු. වයස තාම අවුරුදු 19යි. මගේ ගම මාරවිල. දැනට වාණිජ අංශයෙන් උසස් පෙළ කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. ඒ අතරතුර තමයි මේ අනෙකුත් වැඩකටයුතු කරගෙන යන්නේ.

නිරූපණයට එකතු වුණේ කොහොමද?මම නිරූපණයට එකතු වුණේ 2016 අවුරුද්දේ. ඒ අයිටීඑන් අවුරුදු කුමාරි තරගයෙන් පස්සේ. ඉස්සෙල්ලාම වෙළෙඳ දැන්වීම් වලින් තමයි මම නිරූපණයට එන්නේ. වෙළෙඳ දැන්වීම් කරගෙන යද්දි මට ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2017 රූපවාහිනී අවුරුදු කුමාරි තරගය ජයග්‍රහණය කරනවා. එතැනින් එහාට මට මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ලැබෙනවා.

දෙමව්පියන්ගෙන් ඔබට මේ සඳහා ලැබුණ සහයෝගය මොන වගේද?ගෙදර අය මම ආස කරන හැමදේකටම මට උදව් කරනවා. මගේ අම්මා සහ අයියා තමයි අවුරුදු කුමාරි තරගය වගේම හැමදේකටම මගේ ළඟින්ම ඉඳලා සහයෝගය දුන්නේ. ඉන්පසුව වෙළෙඳ දැන්වීම් සඳහා ඉදිරිපත් වන විටත් ඒ අය මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.

ඔබ දායක වුණු වෙළෙඳ දැන්වීම් මොනවාද?මගේ පළවෙනි වෙළෙඳ දැන්වීම මන්චි කොමේ වෙළෙඳ දැන්වීම. ඉන්පසුව එටිසලාට්, එලිෆන්ට්හවුස්, HNB බෑන්ක්, කමර්ෂල් බෑන්ක්, මංචි සන් කැකර් වගේ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා. කරීම් ජුවලර්ස් ෆොටෝ ෂූට් එකත්, කොස්ටියුම් බ්රෑන්ඩ් කිහිපයකුත් කරලා තියෙනවා.

රංගනය පිළිබඳව හැදෑරීමක් නැතිව රංගනයට දායක වෙන්න චකිතයක් තිබුණෙ නැද්ද?තිබුණා. මම කිසිම දෙයක් නොදැනයි ගියේ. ඒ ඩ්‍රාමා එක පටන්ගෙන මාසයකින් විතර පස්සේ මම “ඉන්ෆාස් ඇක්ටින් ඇන්ඩ් පර්ෆෝමින් ආර්ට්ස්” ආයතනයේ රංගනපාඨමාලාව හදාරන්න යොමු වුණා. තවමත් එය හදාරනවා. ඒ ආයතනයෙන් මට ලොකු සහයෝගයක් තියෙනවා. මම මේ තත්ත්වයේ අද ඉන්නේ ඉන්ෆාස් ආයතනය නිසා. මම දෙයක් ඉගෙන ගත්තේ එතැනින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: