Here’s the movie………

හොලිවුඩයේ තිරගත වූ “ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්” (Ghosts Can’t Do It) චිත්‍රපටය බෝ ඩෙරෙක් හා ඇන්තනි ක්වින් ප්‍රධාන චරිත රඟපෑ අතර, මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වූවේ ජෝන් ඩෙරෙක් ය. ඒ වගේම මෙම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා වූවේ ප්‍රවීන ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතාය.

ලංකාවේ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙන්ම මාල දිවයිනේද දර්ශන රූපගත කර ඇති මේ චිත්‍රපටයේ හෙන්රි ජයසේන, ඇතුළු ලාංකික නළු නිළියන් කිහිප දෙනෙකුද. ඇමෙරිකාණු රාජ්‍ය නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද රංගනයෙන් දායක වූවා.

කතා සාරාංශය පොඩ්ඩක් කියන්නම්. :

තරුණ, රූමත් කේට් විවාහ වී සිටියේ ඇයට වඩා වසර තිහකින් වැඩිමල් ධනවතෙකු වූ ස්කොට් සමඟය. හෘදයාබාධයක් වැළඳීමෙන් පසු තවදුරටත් සිය තරුණ බිරිඳ හා එක්ව සතුටු විය නොහැකි වීම නිසා ජීවිතය එපා වන ස්කොට් සිය දිවි නසා ගනී. කෙසේ වුවද, මියගිය ස්කොට්ගේ ආත්මය දිගටම කේට් සමඟ සම්බන්ධතා පවත්වාගනී. එහෙත්, ස්කොට්ගේ ආත්මය සමඟ කතා කළ හැක්කේත්, එම ආත්මය දැකිය හැක්කේත් කේට්ට පමණි. කේට් සමඟ මෙසේ සම්බන්ධතා පවත්වාගත්තත් මියගිය ස්කොට්ට කේට් සමඟ අවශ්‍ය කටයුත්ත කරගැනීමට හැකි වනවාද නැද්ද කියා බලලම තමා දැන ගන්න වෙන්නේ.

“ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්” චිත්‍රපටය 1990 වසරේ නරකම චිත්‍රපටය සඳහා ලැබෙන රාසීස් සම්මානයෙන් (රන් රාස්බෙරි සම්මානය) පුද ලැබූ අතර එම වසරේ නරකම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානයද ලැබුණේය. මේ චිත්‍රපටයේ කේට්ගේ චරිතය රඟපෑ බෝ ඩෙරෙක් වසරේ නරකම නිළිය ලෙසද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතය රඟපෑ ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ නරකම සහාය නළුවා ලෙසද සම්මානයට පාත්‍ර විය. තමාගේම චරිතය රඟපා නරකම රඟපෑම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන්නට හැකි වීම සුවිශේෂී කරුණකි.

දශක දෙකහමාරකට පෙර සහාය නළුවෙකු ලෙස එවැනි නරක රඟපෑමක් කළත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ලෝකයේ ප්‍රධාන චරිත භූමිකාවක ලොකු හිමි කාරයෙකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑ චිත්‍රපට අතර වඩා ජනප්‍රිය චිත්‍රපටයක් වන්නේ “හෝම් එලෝන් -2” චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ නිවුයෝර්ක්හි ප්ලාසා හෝටලයේ හිමිකරු ලෙස ඔහු රඟපෑවේද ඔහුගේම චරිතයයි.

චිත්‍රපටය නැරඹිය යුතුමයි කියානම් නිර්දේශ කරන්නෑ. නමුත් නරඹන්නේ නම් මැනවි.

සටහන-#prashan_malith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: