The Story behind the photo

පිරිමින් කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් වට්ටුවකට සිය යට ඇඳුමින් පැමිණි හෙදියක සම්බන්ධයෙන් පුවතක් රුසියානු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට, මොස්කව් සිට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි රෝහලකයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

තම නිල ඇඳුම සමඟින් ආරක්ෂිත වස්ත්‍රය ඇඳීමෙන් ශරීරයට දැඩි උෂ්ණත්වයක් දැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඇය කියා සිටියා.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් රෝහලේ පාලනාධිකාරිය පියවර ගැනීමට තීරණය කර ඇති බව ද සඳහන්.

20 හැවිරිදි ඇය, කියා සිටියේ, මෙහි විනිවිද පෙනෙනු ඇති බව තමන් නොදැන සිටි බවයි.

ඇයට එරෙහිව ගන්නා විනය පියවර මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ නැහැ.

හෙදියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්, වාට්ටුවේ සිටි කිසිදු රෝගීයෙකුගේ විරුද්ධත්වයක් නොමැති බවත්, යම් අපහසුතාවයකට පත් වූ බවත්, එහි සිටි රෝගීයෙකු ප්‍රකාශ කළා.මේ අතර සමාජ ක්‍රියාකාරීනියන් පවසා සිටියේ, අදාළ ක්‍රියාව හේතුවෙන් රෝගීන්ට යම් මානසික නිදහසක් ලැබෙන්නට ඇති බවයි.

මේ වනවිට රුසියාවේ වාර්තාවී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 308,705 ක්.

ඉන් පුද්ගලයින් 2,972 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: