Only 9 left…………

අද වෙළදපලේ විවිධ හැඩැති, විවිධ වර්ණයන් ඇති කොන්ඩම් වර්ග විවිධ මිල ගනන් වලට තිබෙනවා දැක ගැනීමට පුලුවන්. නමුත් ඒ සියල්ලම පාහේ ගත් කල කොන්ඩම් ප්‍රධාන වර්ග 9 ට බෙදා වෙන් කල හැකිය. එමගින් ඒවායින් සිදුවන කාර්‍ය කුමක්ද? ඔබට වඩාත් ගැලපෙන කොන්ඩම් වර්ගය කුමක්ද? කියා හදුනා ගැනීමට පුලුවන්.
01. Latex


බොහෝ දෙනා බොහෝ වශයෙන් භාවිතා කරන කොන්ඩම් වර්ගය මෙයයි. ගැබ් ගැනීම වැලැක්වීම හැරෙන්නට වෙනත් විශේෂ කාර්‍යයක් මෙමගින් සිදු වන්නේ නැත. මෙම කොන්ඩම් භාවිතා කර, යම් ආසාද්මිකතාවයකට ලක් වූවොත් වහාම වෛද්‍යවරයෙකු හමු විය යුතුය.

02. Non-latex

මෙම කොන්ඩම් වර්ගය latex කොන්ඩම් වලට වඩා කැඩෙනසුළු බවින් වැඩි බව් ඇතැම් පරීක්ෂකයන් පවසනවා.

03. Lambskin

ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සෑදූ තරමක් මතභේදාත්මක කොන්ඩම් එකකි. ගොඩාක් දෙනා පවසන්නේ මෙයට ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඇති නිසා මෙහි ඇති සංවේදී බව අඩුයි කියාය.

04. Spermicidal

 

තරමක් හොද අරක්ෂාකාරී කොන්ඩම් එකකි. මෙය නිපදවීමේදී යොදාගෙන ඇති රසායනික සංයෝග නිසා, ශුක්‍රාණු පැමිනි විටම ඒවා විනාෂ කිරීමේ හැකියාවක් මෙම කොන්ඩම් වලට ඇත.

05. Female condoms

පිරිමි අයට පමනක් නොවේ. කාන්තාවන්ට පැළදීම සදහාද කොන්ඩම් වර්ග ඇත. නමුත් ඒවා පිරිමි කොන්ඩම් තරම් ජනප්‍රිය නැත්තේ , ඒවා භාවිතා කිරීමට ඇති අපහසුතාවය නිසා ය. කාන්තාවගේ යෝනියේ ඇතුලට මේවා පැලදිය යුතුය.

06. Lubricated

මෙයත් අද වෙළදපලේ ඇති වඩා අරක්ෂාකාරී කොන්ඩම් වර්ගයකි. මෙම කොන්ඩම් පලදීමටනම් තරමක් පහසුය. ඒවා තරමක් තදට නිපදවා ඇත. එයට හේතුව වන්නේ කොන්ඩමය කිසි විටක කැඩී නොයෑමටයි.

07. Ultra-thin

හුගාක්ම තුනී ලෙස නිපදවූ කොන්ඩම් අයත් වන්නේ මෙම කොටසටයි. මේවායේ තුනී බව නිසා වඩා වැඩි සංවේදීතාවයක් ලැබෙනවා. එම හේතුව නිසාම හුගාක් දෙනා මෙම කොන්ඩම් වර්ග පාවිච්චි කිරීමට පෙළබෙනවා.

08. Novelty

අලංකාරයට මුල් තැන දී නිපද වූ කොන්ඩම් වර්ග අයත් වන්නේ මෙම කොටසටයි. ඉහත පිංතූරයේ ඇති කොන්ඩම් වර්ගය අදුරේදී දිළිසෙනසුළු කොන්ඩම් වර්ගයකි. එමෙන්ම මේවා පාවිච්චි කිරීමේදී අවදානමක් ද නැත.

09. Flavored

කාන්තාවන්ගේ වින්දනය මුල් කරගෙන සෑදූ කොන්ඩම් වර්ග ලෙස මේවා හැදින්විය හැකිය. විශේෂත්වය වන්නේ මෙම කොන්ඩම් වර්ග විවිධ රස අනුව පැමිණීමයි. තම සහාකාරියගේ කැමැත්ත අනුව කැමති වර්ගයක් තෝරාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: