Kavindya’s Reply……………………………………

ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා එරන්දතී මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වන කාවින්ද්‍යා අදිකාරි විසින් මීට දින කිහිපයකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

ඒ සිය මව ගැන, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවකට පිළිතුරු සපයමිනුයි.

ඒ සම්පූර්ණ සටහන පහතින් බලන්න…

මට, අම්මට, මගේ මල්ලිට ලංකාවේ ඉන්න බහුතරයක් කියන්න ඕන කතා ඔක්කොම කිව්වා… එදත්, අදත්, හෙටත්, ඉදිරියටත් එයාලා නොයෙකුත් දේවල් කියයි…ඒ හැම වචනයකින්ම හිත රිදුන කාලයක් තිබුනා මොකද තමන්ගෙ ලඟම හිටිය යාලුවොත් මං ගැන කියන කතා ආරංචි වෙලා. ඒත් දැන් වෙනකොට ඒ හැම වචනයක් ම මට හයියක් වෙලා.

මගේ අම්මා හොඳින් හිටියත් අහගන්න ඕන හැම කුණු කතාවක්ම අහගත්තා, ඒත් එයා වැටෙන්නේ නැතුව තනි මවක් විදිහට මාවයි මගේ මල්ලිවයි ඇස් දෙක වගේ බලාගත්තා, බලාගන්නවා. ඒක නිසා මගෙ අම්මාගෙ ජීවිතේ ගන්න තීරණ ගැන මටයි මගේ මල්ලිටයි ප්‍රශ්නයක් නැත්තම් අනිත් අය ප්‍රශ්නයක් කරගන්න ඕනෙම නෑ. අපේ ප්‍රශ්න උන්ගේ ප්‍රශ්න කරගෙන පුදුම නැටිල්ලක් නටන්නේ Comments වල මේ මිනිස්සු… පවු අප්පා…

කොහොම උනත්,
මගේ අම්ම මේ ලෝකේ ඉන්න දික්කසාද උන පළවෙනි ගැහැණිය නෙමේ. අනික ඇය දික්කසාද වෙලා දැනට අවුරුදු හරියටම 10 වෙනවා. ඇයගේ ජීවිතේ ගන්න කිසිම තීරණයකට ඇත්තටම කිව්වොත් මට වත් ඇඟිලි ගහන්න අයිතියක් නෑ කියන තැන මම ඉන්නේ, මොකද මගේ තාත්තා මාවත් එපා කියලා දාලා ගිහින් මම ඉන්නවාද නැද්ද කියලාවත් බලන්නේ නැති එකේ මගේ අම්මත් මාවා දාලා ගියා නම් මට මෙලහකට මොනා වෙලා ඇති ද?… මගේ අම්ම ට දහදහස්වාරයක් පිං මාවයි මල්ලිවයි ඒ හැම දුකක්ම උහුලගෙන අපිව ඇස් දෙක වගේ බලාගන්නවට.

බුදුන්ටත් කතන්දර හැදුවානම් මිනිස්සු, අපි කවුද ?
හැමෝටම බුදුසරණයි!
-කවී-
*මේ මාතෘකාව සම්බන්ධව දාන අන්තිම post එක*

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: