Yureni reply to her fan

යුරේනි නොෂිකා කියන්නේ වර්තමානයේ අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත තරුණ රංගන ශිල්පිනියක්.

නිවේදිකාවක්, ගායිකාවක්, මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් වගේම නර්තනයටත් දස්කම් දක්වන මේ තාරකාවියක් නිතර නිතර අලුත් වැඩවලින් තමන්ගේ දක්ෂතා පෙන්වන්නියක් විදිහට හැමෝගෙම හිතේ අමතක නොවන චරිතයක් වෙලා හමාරයි.

ඒ වගේම වර්තමාන කලා පරපුරේ ඉන්න නම කියපු සැණින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඕනෑම කෙනෙක්ගේ මතකයට එන තාරකාවියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ.

මේ කියන්න යන්නේ ඇය ගැන මුහුණු පොතේ පළ වූ අපූරූ සටහනක් ගැනයි. ඒ විතරක් නෙමෙයි ඇය එම සටහනට ලබාදුන් පිළිතුරත් අපූරුයි.

මුහුණු පොතේ පිටු අතර පසුගියදා ඇය ගැන මේ විදිහේ සටහනක් පළවුනා.

යුරේනි නොෂිකා කියන්නේ මම ආසම සහ ලස්සනම නිළියක්. ඒ නිසාම මේ ගෲප් එකේ ඇය ගැනත් පෝස්ට් එකක් පළවෙනතුරු බලාගෙන ඉන්න ගමන් ඇය ගැන මගේ අදහස ලියන්න හිතුවා..

ඇත්තටම මම යුරේනිගේ දකින්නේ අමුතුම ලස්සනක්.. ඇය සුදුවෙන්න දගලන්නේ නැති, ඇගේ ස්වභාවික ලස්සන ඔප්නංවගෙන සිටින සුන්දර නිළියක් විදියටයි මම දකින්නේ..

ඒ වගේම කිසිම නිළියකගේ නැති තරමේ personality එකක් මම යුරේනි තුළින් දැක්කා..

ලංකාවේ නළු නිළියන්ගේ ප්‍රධාන අඩුපාඩුක් විදියට මම දකින්නේ personality එක. තවමත් තරු උන්මාදයක් ලංකාවේ බිහි නොවෙන්න ඒකත් හේතුවක් වෙන්නැති කියලා මට හිතෙනවා. මොකද එහෙම පිස්සු වැටෙන්න තරම් නළුවෙක් වර්තමානයේ මම දැකලා නැති තරම්.

ඒත් යුරේනිගේ අමුතුම ලස්සන ඇතුළේ තියන personality එක ඇයගේ සුන්දරත්වය වැඩිකරනවා කියලා මට හිතුනා. ඇය තුළත් අඩුපාඩු ඇති. ඒත් කවුරුත් ළඟ දෙකට නොනැවෙන, කියන්න තියන දේ කෙලින්ම කියන, හැම මොහොතකම හිනාවෙන් ජීවත්වෙන ඇය ගැළපෙන්නේ බොලිවුඩයට කියල හිතුන අවස්ථා එමටයි.

ජැක්ලීන් ෆර්නැන්ඩෝටත් වඩා මට ලස්සනට පේන්නේ යුරේනිව.
(ඔයාලා දකින විදිය වෙනස් ඇති.. ඒත් මම කිව්වේ මම දකින සහ පේන විදිය..)

ඇයගේ සිරුරේ හැඩය පවත්වාගෙන යන ආකාරය පවා හරි අපූරුයි. හරියට බොලිවුඩයේ තරුවක් තරමටම ඇගේ සිරුරේ හැඩය ලස්සනයි.

රශ් ෆිල්ම් එකේ යුරේනිගේ dance එකේදි එයාගේ ඇඟේ හැඩය සහ ලස්සන ප්‍රධාන නිළිය අභිබවා ගියා කියලා මට හිතුනා)
ඒත් දුක හිතෙන්නේ අපේ රටේ තවමත් යුරේනිව හරියට යොදාගෙන ෆිල්ම් එකක් කරලා නැති එක. ඇත්තටම ඇයට ගැළපෙන්නේ ක්‍රියාදාම සහිත චිත්‍රපටයක් කියලා හිතෙනවා. ඒක මගේ පෞද්ගලික අදහස විතරයි.

තවමත් මම හීන දකිනවා යුරේනි ලස්සන සරාගී ක්‍රියාදාම චරිතයකට පණ පොවනවා දකින්න. එහෙම වුණානම් යුරේනි තරු උන්මාදයක් පවා ඇතිකරාවි.

මොකද තරු උන්මාදයක් ඇති කරන්නට සමත් සිරුරේ හැඩයක්, ලස්සනක් සහ පෞරුෂත්වයක් තියන වර්තමාන නිළියන්ගෙන් අංක එකට මම දකින්නේ යුරේනිව. ඒත් තවමත් එහෙම තරු උන්මාදයක් ඇතිවෙන්න තරම් නළුවෙක්ව මම දැකලා නැහැ.

දවසක තරුවක සයින් එකකට පොරකන චිත්‍රපට ක්ෂේත්‍රයක් හැදෙන තුරු බලා ඉන්න සහ ඒ වෙනුවෙන් හැකි දායකත්වයක් සපයන්න උන්මාදයෙන් පෙළෙන්නන් අතරේ මමත් එක්කෙනෙක්.

පෞද්ගලිකව කලා ක්ෂේත්‍රයේ සිටින කිසිම කෙනෙක්ව මම හඳුනන්නේ නැහැ.

ඒත් ටීවි එකෙන් සහ සමාජ ජාලා මාධ්‍ය තුළින් දකින යුරේනිගේ චරිතය ඒ තරමටම මගේ හිතට දැනුන නිසයි මේ සටහන මේ විදියට ලියන්න හිතුවේ.

මේ සටහනට යුරේනි දැම්ම පිළිතුරු සටහන තමයි මේ….

නෙත්මි තෙන්නකෝන් මා ගැන ඔබගේ සටහනට බෙහෙවින් ස්තුතියි මම කවදාවත් සුදු හුනුගාගන්න දැගලුවේ නැති නිසාම මේ රටේ බහුතරයකට මාව දිරෙවුවේ නැහැ . හැම නිලියකටම තියෙන ආසාව තමයි තමන්ගේ දක්ශතාවයන් ඇගයීම. එහෙම ඇගයිමක් මට ලැබුනේ නැ . මට ලැබුන එකම ඇගයීම සහ නම්බු නාම තමයි බඩුව ගනිකාව වේ., හු..

නමුත් කලාවට පුදුම විදිහට ආදරය කරපු නිසා කිසිම හොඳක් ඇසීමේ බලාපොරොත්තුව අමතක කර ,අඩුම තරමේ නිලියක් විදිහට එක සම්මානයක් හෝ ගනීවි කියන බලාපොරොත්තුත් අත් හැර සියල්ල මම මේ විශ්වයට, කාලයට බාර කලා. මම හැමදාමත් සොබාදහමෙන් ඉල්ලුවේ මට හරි නිරමාන තෝරගන්නත් මට මගේ උපරිමය කරන්නත් අවශ්‍ය ශක්තිය දෙන්න කියලා .

මිනිස්සු එක දිගට තමන්ගේ ආත්ම ගරුත්වය නොමරා මරන එක මම මේ ක්ෂ්ත්‍රරයට ආපු මුල්ම කාලේ දාරා ගන්න අමාරු වුනත් පසුව එ අපහස මට ආශිර්වාදයක් උනා. මගේ life එකේ ඉලක්කවලට යන්න මට ඉබේම පන්නරයක් ආවා. මට හිතේ පුංචි විශ්වාසයක් තිබ්බා මේ සොබාදහම කවදාහරි සාධාරණයක් කරයි කියලා .හිතපු නැතිවෙලාවක මට කූබියෝ හම්බවෙන්නේ එතකොට . හිතපු නැති විදිහට Nino Live අවුරුදු 10 ට පස්සේ තිරගත වෙන්නේ එතකොට .

කලා ජීවිතයේ කිසිම දවසක සම්මානයක් ගන්න ලැබෙන එකක් නෑ කියලා හිතපු මට කූම්බියෝ Nino Live හරහා සම්මාන ,විශාල ප්‍රෙක්ෂක ප්‍රතිචාර ලැබුනා.එ සතුටු කදුලු අද වගේ මතකයි . මාව මේ ක්ෂ්ත්‍රයෙන් මුලුමනින්ම අයින් කරන්න මහන්සි වුන කට්ටියට කර කියාගන්න දෙයක් නැතුව ගියා. මගේ ඉදිරි කලා ජීවිතය මොනවගේ ගමනක් යයිද කියලා කියන්න දන්නේ නැහැ .

ජාත්‍යන්තරයට යෑමට හැකිවෙවිද කියන්න දන්නෙත් නැහැ .හැබැයි ඒ උත්සාහය මම අත්හරින්නේ නැහැ . නමුත් ඔයාලගේ කාලය කැප කරලා දාපු comment කියේවුවම හිතුනා මා කරපු නිර්මාණ අතලොස්සක් උනත් මේ රටේ 0.001% ආදරය හා විශ්වාසය මම දිනාගෙන තියෙනවා කියලා. එක මගේ ඉදිරි සිහින සැබෑ කරගන්න ලොකු ශක්තියක් . මාව අගය කරපු සියලු දෙනාටම ගොඩාක් පිං.

Nethmi Thennakoon ඔයාට නැවතත් ස්තුති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: