Stars vacation time

දීපිකා පදුකෝන්

කොරෝනා වයිරසය අතරතුර ඉතා විශාල ප්‍රමාණයේ හානිදායක තත්ත්වයක් මුළු ලොව පුරාම පැතිරී යන මොහොතක ඉන්දියානු සුපිරි නිළි දීපිකා පදුකෝන් මේ දිනවල නිවසේ රැඳී සිටිමින් අපූරු ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. ඇය මේ දිනවල ඇගේ පියානෝ සංගීත භාණ්ඩය වාදනය කිරීමට පුහුණුවෙමින් සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා. එසේම ඇය ඇගේ රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ මේ දිනවල වඩාත් උනන්දුවෙන් කටයුතු කරන බවත් සමාජ මාධ්‍ය තුළ සඳහන් කර තිබෙනවා.

කරීනා කපූර්

ඉන්දියානු සිනමාවේ තවත් නොමැකෙන සටහන් තැබූ ජනප්‍රිය නිළියක් වන කරීනා කපූර් මේ දිනවල සිය පවුලේ සාමාජිකයන් සමඟ වඩාත් ප්‍රියජනක කාලයක් ගත කරමින් සිටිනවා. ඇය මේ දිනවල ඉතා රසවත් ආහාරපාන සකස් කරමින් සිටින ආකාරයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. ඇගේ සැමියා වන සයිෆ් අලී ඛාන් මේ දිනවල පොත්පත් කියවමින් සිටින ආකාරයේ ඡායාරූපයක් ඇය අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

මලයිකා ආරෝරා

ඉන්දියානු නිළියක් මෙන්ම නර්තන ශිල්පිනියක් වන මලයිකා ආරෝරා ඛාන් මේ දිනවල තම නිවස තුළ ලඩ්ඩු සකස් කරන ආකාරය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. ඇය පහත සටහනද ඒ සමඟ අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

“cook, clean, workout, staying positive, sleep, some introspection, family time, repeat. All the perks of staying at home.”

එසේම මේ මොහොත වන විටත් මුළු ලෝකයම වසා ගනිමින් පැතිර යන කොරෝනා වයිරසය ලොවින් තුරන් කරන්නට නම් ඒ වෙනුවෙන් අපත් කටයුතු කළ යුතුමයි. මතක තබා ගන්න මේ ඔබත් මමත් වගකීම් සහගතව කටයුතු කළ යුතු කාලය වන බව.

අමිතාබ් බච්චන්

ඉන්දීය සිනමාවේ මුල් පරපුර මෙන්ම මේ අවස්ථාව තුළත් මුළු මහත් ලොවක් තුළ තම රංගන හැකියාව විදහා දැක්වූ අමිතාබ් බච්චන් මේ දිනවල ස්වයං නිරෝධායනය පිළිබඳ අදහස් අන්තර්ජාලය වෙත මුදාහරිමින් පවතිනවා. එමෙන්ම ඔහු ඔහුගේ රසික රසිකාවියන් සමඟ ඉරිදා දිනයේදී පවත්වන සාකච්ඡා සියල්ලම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

සිතාරා මධුෂාණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: