How they spread it

චීන විදේශ අමාත්‍ය වරයා ජර්මනියේ විදේශ සංචාරයක නිරත වෙන අතර ඊයේ දින ඔහු ජර්මනියේ විදේශ අමාත්‍ය වරයා සමග පැවති නිල සාකච්ජාවකදී ප්‍රකාශ කලේ මෙය චීනයට පමනක් අදාල ගැටළුවක් නොවී ඇති බවත් “COVID -19” වෛරසය ට දේශසීමාවන් නොමැති මට්ටමක පවතින බවත් , එය පාලනය කිරීම සදහා ජර්මනියේත් මුළු ලොවෙම්ත් සහය චීනයට ලබා දෙන ලෙසයි..එසේම චීන විදේශ අමත්‍යවරයා පවසා සිටියේ චීනය හැකි උපරිම ලෙස “COVID -19” වෛරසය මර්ධනය කිරීමේ ක්‍රියා මාර්ග ගනිමින් නව රෝහල් ඉදිකිරීම්. හමුදාව කැදවීම හා quarantine කිරීම වැනි ක්‍රියා මාර්ග ගත් බවත් ඉදිරියටත් උපරිම ලෙස මෙම “COVID -19” වෛරසය මර්ධනය කිරීමට කැප වන බවයි…
එයට එකග වූ ජර්මානු විදේශ ඇමතිවරයා හැකි ලෙස මෙම ගැටලුවට සහය වීමට ජර්මනිය හා යුරෝපා සංගමය සුදානම් බවයි…දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර මෙම අදහස් හුවමාරු වුයේ ජර්මනිය හා චීනය අතර උපයමර්ගික සාකච්ජා වල 5 වන වටයේ හමුව ජර්මනියේදී පැවති අතරදීය ..


හොං කොං

අද දින හොං කොං හිදී තවත් “COVID -19” වෛරසය ආසාධිත රෝගීන් 3 නෙක් සොයා ගත් අතර එක් අයෙකු වුයේ 43 හැවිරිදි පුද්ගලයෙකි..ඔහු ජනවාරි 30 දින රාත්‍රී භෝජන සංග්‍රහයකට 66 හැවිරිදි පුද්ගලයෙකු සමග සහභාගී වී තිබු අතර පසුව එම 66 හැවිරිදි පුද්ගලයා පැවති උණ තත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටියදී “COVID -19” වෛරසය ආසාධිත බව ජනවාරි 11 සොයා ගත් අතර ඔහු මේ වනවිට රෝහල් ගත කර ඇත..
ඔහුගෙන් මෙම 43 හැවිරිදි පුද්ගලයට “COVID -19” වෛරසය ආසාධිත වී ඇති බව දැනට සැක කරයි…මෙම 43 හැවිරිදි පුද්ගලයා චීනයේ මැතක සංචරය කර නොමැති බවට හෙළි වී ඇත .. එසේම ඔහු සේවය කරන ආයතනයේ 10 වැඩි නිලධාරීන් අනිවාර්ය quarantine තත්වයේ අද සිට තබා ඇත ..

“COVID -19” වෛරසය ආසාධිත බවට හදුනා ගත් අනෙත් දෙදෙනා වුයේ 67 හැවිරිදි මවක් හා ඇයගේ 37 හැවිරිදි පුතා වන අතර ඔවුන් දෙදෙනාම ජනවාරි 26 දින පිරිසක් සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබු අතර එම සාදයට සහභාගී වී සිටි තිදෙනකු මේ වනවිට “COVID -19” වෛරසය ආසාධිත ව රෝහල් ගත කර ඇත ..ඔවුන්ගෙන් මෙම මවට හා පුතාට “COVID -19” වෛරසය ආසාධනය වන්නට ඇතැයි සැක පල කරයි…

චීනය-අද චීනයේ jiangxi පළාතෙන් වාර්තා වුයේ “COVID -19” වෛරසය ආසාධිත ව ප්‍රතිකාර ලැබූ මාස 4 ක සිගිති දියණියක් සුව වීමෙන් පසුව රෝහලෙන් පිට වී ගිය බවයි…එසේම දැනට දින කීපයකට පෙර උපතේදීම මවගෙන් “COVID -19” වෛරසය ආසාධිතව මොලොවට බිහි වූ දින කීපයක් වයසැති දියණිය හාඇයගේ මවද රෝහලේ සුව වෙමින් පවතින බවට වාර්තා වේ…

ශ්‍රී ලංකාව-චීනයේ සිට ගුවන් මගින් පැමිණි සිසුන් 33, සිය quarantine තත්වය අවසන් කිරීමෙන් පසුව වෙද්‍ය අනුමැතිය ලැබීමෙන් පසුව නිවෙස් බලා යාමට දියතලාව හමුදා කදවුරෙන් පිටත් වී ඇති බවට වාර්තා පල වේ ..
සිංගප්පුරුවshell සමගම වාර්තා කලේ තම සේවකයෙකුට අද උදැසන “COVID -19” වෛරසය ආසාධිත ව බවට තහවුරු වූ බවත් , එම හේතුවෙන් සේවකයින් පිරිසක් කඩිනමින් නිවෙස් බලා පිටත් කර යැවූ බවත් . එසේම ඔවුන්ට ඉදිරියේදී නිවෙස් සිට සේවය කරන ලෙස දැනුම් දී ඇත .

එසේම රෝගය වැළඳුණු පිරිස් විසින් එය අන් අයටත් බෝ කිරීමට දරන උත්සාහයන් ඇතුලත් වීඩියෝවක්ද මේ වනවිට එළියට පැමිණ තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *