Maithree explain the reason

පසුගිය දින පැවැති එජාප මන්ත්‍රී කබීර් හෂීම්ගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් රැගත් වාහනය මගදී නැවැත්වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.

එතැන් සිට තමන්ට පයින් යෑමට සිදුවූ බවද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයේදීද එම සැලකිල්ල තමන්ට ලැබෙනු ඇතැයි සිතා නිදහස් උත්සවය වර්ජනය කළ බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා සිය හිතවතුන් සමග ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: