Dinakshi strong reply

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ වන විට රසික ආදරය වැඩියෙන් දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්නෙ.

රූපයෙන් වගේම රංගන හැකියාවෙන් දිනක්ෂි හැමෝගෙම හිත් දිනාගත්තු රංගන ශිල්පිනියක්.

ඉතින් දිනක්ෂිටත් රසික රසිකාවියො ගොඩාක් ඉන්නවා වගේම ඒ අතරත් එක එක මාදිලියේ අය ඉන්නවානෙ. උමතු රසිකයන් නිසා ජනප්‍රිය පුද්ගලයන්ට කරදර විඳින්නත් සිදු වෙනවා. මේ අතර ගොසිප් හොයන, විවේචන කරන පිරිසකුත් ඉන්නවා.

ජනප්‍රිය වෙනවා කියන්නෙ එක පැත්තකින් පෞද්ගලිකත්වය අහිමි වීමක් තමයි.

විශේෂයෙන්ම සමාජජාල මාධ්‍යය නිසා ජනප්‍රිය තරු දැන් දැන් වැඩි වැඩියෙන් අපහසුතාවන්ට පත් වෙනවා. තැනක් නොතැනක් නැතිව මිනිස්සු තමන්ගේ අගය කිරීම් සේම ගැරහීම් ද සමාජ ජාල මාධ්‍යය ඔස්සේ විවෘතව කියනවා.

මෙහෙම අනවශ්‍ය කතාවක් ඇදලා ගත්ත පුද්ගලයෙක්ට දිනක්ෂි ප්‍රියසාද් දවසක හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඒ ඇයගේ සමාජජාල ගිණුම හරහා. කොහොම වුණත් මේ පුද්ගලයා දිනක්ෂිගේ පෞද්ගලික ජීවිතයට අදාල කාරණාවක් තමයි මේ විදියට අවුස්සලා තියෙන්නේ. ඊට ප්‍රතිචාර දක්වන දිනක්ෂි කියලා තිබුණේ, මගේ රංඟනය ගැන කියන ඕනම දෙයක් මම පිළිගන්නම්, හැබැයි මගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න කරන්න ඔයාට අයිතියක් නැහැ කියලයි.

තමන්ට අකමැති නම් අන්ෆලෝ කරන්න කියලත් කියලා තිබුණා. ප්‍රමාණය ඉක්මවා තව කෙනෙක්ගේ අතිශය පෞද්ගලික කාරණා සම්බ්න්ධයෙන් උනන්දුවන මිනිස්සුන්ට දිනක්ෂි දීලා තිබුණේ සැර පිළිතුරක්. කොහොම වුණත් ඒ ප්‍රශ්නය තවත් දුර ගෙනියන්න දිනක්ෂිට ඕන වෙලා තිබුණේ නෑලු.

ඒ වගේම දිනක්ෂි සහ සාරංග පුංචි බබෙක් එකක් ගත්තු ෆොටෝ එකකුත් පහුගිය කාලේ එයාගෙ ෆේස්බුක් පිටුවට එකතු කරලා තිබුණා. මේ ෆොටෝ එක නිසත් දිනක්ෂිට එක එක Comments ඇවිල්ලා තිබුණා. ටිකක් හිනා යන Comments වගේම ගොඩක් අපහසුතාවයට පත්වෙන Comments ඇවිල්ලත් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *