Ranjan House

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රි නිල නිවාස සංකීර්ණයේ එක් නිවෙසක් ගණිකා මඩමක් බවට පත්කරන ලද හිටපු රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා එම මන්ත්‍රි නිල නිවාස සංකීර්ණයෙන් වහාම ඉවත් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂයෙත්, විපක්ෂයෙත්, මුළු පාර්ලිමේන්තුවේත් ගෞරවය වෙනුවෙන් තමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කථානායකතුමාගෙන් වාචිකව මෙම ඉල්ලීම සිදුකළ බවත් ඊට කථානායකතුමාගෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ලිඛිතවම මෙම ඉල්ලීම සිදුකිරීමට තමා තීරණය කළ බවත් නිමල් ලන්සා රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රි නිල නිවාස සංකීර්ණයෙන් කඩිනමින් ඉවත් කරන ලෙසට කරන ලිඛිත ඉල්ලීම අද හෙටම කථානායකතුමා වෙත භාරදෙන බවද ලන්සා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ හඬ පටවලින් මන්ත්‍රි නිල නිවාස සංකීර්ණයට ගණිකාවන්ද පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බවත් අධි ආරක්ෂිත කලාපයකට මේ ආකාරයෙන් ගණිකාවන් ගෙන්වා ගැනීමට රන්ජන් රාමනායක මහතා කටයුතු කළේ කෙසේදැයි සෙවීමට නිසි පරීක්ෂණයක් පැවැත්වීමටද පියවර ගන්නා ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ලන්සා මහතා සඳහන් කරයි.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬ පට, මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයේ ඛ්ඛ්ඊඍ දර්ශන, රන්ජන් රාමනායක මහතා හමුවීමට පැමිණි පිරිස් පිළිබඳව පොලිසියේ

ගේට්ටුවේ තිබෙන නාමලේඛනය සැලකිල්ලට ගෙන මීට අදාළ විමර්ශන සිදුකළ හැකි බවද ලන්සා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *