María Guadalupe

මෙක්සිකෝවේ සුපිරි අපරාධ කල්ලියක ප්‍රබල සාමාජිකාවක් වූ සුරූපී María Guadalupe වෙඩි තැබීමකින් මියගිය දර්ශණ පෙළක් මේ වනවිට අන්තර්ජාලය උණුසුම් කරමින් හුවමාරු වනවා.

21 හැවිරිදි වියේ පසු වූ María Guadalupe, ‘ලා කැට්රිනා’ (La Catrina) යන අන්වර්ථ නමින් හැඳින්වූ අතර තවත් තැනක ඇය හඳුන්වා දෙනු ලැබූවේ මෙක්සිකෝවේ ‘Grande Dame of Death,’ යනුවෙනුයි.

මීට පෙර අවස්ථාවක ඇය හා ඇගේ කල්ලියේ සාමාජීකයින් පිරිසක් පොලිස් නිලධාරින් හා ගැටුමක් ඇති කරගෙන ඇති අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මසදී ඇතිවූ එම ගැටුමින් පොලිස් නිලධාරින් 14 දෙනෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා දිනයේ ඇගුවිල්ලාහිදි සිදුවූ වෙඩි හුවමාරුවේදී 21 හැවිරිදි සුරූපීණිය වෙඩි පහරකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුවත වාර්තා වූ මුල් අවස්ථාවේ අදාළ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළි නොකර තිබුණු අතර පසුගිය ඉරුදින රාත්‍රීයේ අන්තර්ජාලයේ සැරිසැරූ ඡායරූප මඟින් ඇය කවුදැයි යන්න බොහෝ පිරිස් හඳුනාගෙන තිබෙනවා.

විශේෂයෙන්ම ඇගේ කලවා ප්‍රදේශයේ තිබූ පච්චයක් මේ හඳුනාගැනීමට ඉවහල් වූ බවයි සඳහන් වන්නෙ.

වීඩියෝවේ දැක්වෙන පරිදි María Guadalupeගේ ගෙල පෙදෙසට වෙඩි තබා ඇති අතර අධික රුධිරය වහනය වෙමින් පැවතීම නිසා ඇය මියයන්නට ඇතැයි වාර්තා වනවා.

එම ස්ථානයේ සිටි මෙක්සිකානු සොල්දාදුවෙකු ඇයට සඳහන් කරන්නේ, වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන තුරු ඉවසා සිටින ලෙසයි.

“සන්සුන් වෙන්න! හෙලිකොප්ටරය ඔබ වෙනුවෙන් පැමිණෙනවා. ඔයාට හොඳ වේවි. දිගටම උත්සහ කරන්න..” යැයි ඔහු ඇයව අස්වසමින් සඳහන් කරනවා. කෙසේ වෙතත් පසුව රෝහල්ගත කළ ඇය මියගොස් තිබුණා.

මෙම දරුණුතම අපරාධ කල්ලියේ සෙසු සාමාජිකයන් ද පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන්ගේ නම් නීතිමය ගැටලු හේතුවෙන් මෙතෙක් හෙළිදරව් කර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *