Harshana Bethmage

නප්‍රිය නළු හර්ෂන බෙත්මගේ වොල්ගාගෙන් වෙන්ව ජීවත්වන බව දැන් හැමෝටම නොරහසක්. ඒ වගේම හර්ෂණ මේ වනවිට නැවතත් පෙම්වතෙක් වෙලා කියන කතාවත් හැමෝම දන්නවා. මුහුණු පොත පුරා හුවමාරු වන මෙම ආදරණිය යුවළගේ ඡායාරූප වලට බොහො දෙනා සුබ පැතුම් කඑක් කර තිබුණා. .මේ අතුර හර්ෂණගෙ පෙම්වතිය අරුණි ඇගේ මුහුණු පොතේ බොහොම අපුරු සටහනක් තබා තිබුණා. ඒ මෙන්න මේ විදිහට.

‘’අද තමයි ඒ දවස….හරියට ම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක දකින්නේ..රටවල් දෙකක දුර ඉඳන් ආදරය කරල ඔයාව බලන්න මම ලංකාවට එන්නෙ.හරි පුදුමයි ඒ ආදරේජීවිතේ හැම දේම බින්දුවටම නැති වෙලා ඔයා ඔයාගේ ඔයාගෙ ජීවිතෙත් අත්හැරලා ජීවත් වෙන කොට මට ඔයාව හම්බ වෙන්නේ හරි අහම්බෙන් .එදා ඉඳලා මට පුළුවන් වුණා ඔයාගේ දුක නැති කරලා ඔයාට ශක්තියක් වෙලා ඔයාව ආදරෙන් බලා ගන්න..

කලින් හිටපු ඔයා ම ආයෙත් ගේන්න.දුර ඉඳල ආදරේ කරපු අපි අපිව දැකල වත් තිබ්බෙ නෑ .ඒත් හරි පුදුම ආදරයක් අපි ගාව තිබ්බා .
ජීවිතය තනිවුන ඔයාට දැන් මම ළඟ සිටිය යුතුමයිඒ නිසා මම ලංකාවට ආවා.මගේ ආදරේ මම හොයාගෙන ආවා.අද වගේ මතකයි මං එයාර්පෝට් එකෙන් එනකොට ඔයා ඉස්සරහ ඉඳන් බලාගෙන හිටිය මං එනකම්.


මිනිස්සු මැද්දේ ඇවිත් මාව බදාගෙන ඉඹලා ඔයා මගේ අතින් අතින් තදකරල අල්ල ගත්තා.මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක.
අවුරුද්දකුත් ගත වෙලා එදා අල්ලා ගත්ත අත ඔයා තාමත් පරිස්සමට අල්ල ගෙන හරි ආදරෙන් මේ දුර ගමන මාව එක්ක ගෙන යනවා.
වචනයකින් වත් මගේ හිත නොරිදා හරි ආදරෙන් මාව රකිනවා.පණ වගේ මට ආදරේ කරනවා දි ය හැකි හැම සතුටක්ම මට ගෙනත් දෙනවා..
විටෙක පියෙක්,හොඳම යහළුවෙක්,සහෝදරයෙක්,ආදරණිය ප්‍රේමවන්තයෙක් ඔයා.ලගදී ම මගේ ආදරණීය සැමියා වෙනවා ඔයා.

හැමෝගෙම ආශිර්වාදය,චෝදනා,අපහාස,ආදරය මැද අපි මේ ආපු ගමන සුන්දරයි, කටුකයි.මොන දේ උනත් මම හරි වාසනා වන්තයි,මේ වගේ ආදරයක් ලබන්න..තව ගොඩක් දුර අපට යන්න තියෙනවා.මේ වගේම ඔයා අතින් අල්ලගෙන හැමදාම ආදරෙන් සතුටින්,සෙනෙහසින්,අවංක ව මේ ගමන මැරෙනකං අපි යමු..හැම සංසාරයක දිම මට ඔයාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *