O/L 2019 Sri Lanka

කැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම,ජයා මුස්ලිම් පාසලේ අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට පාසල් නිල ඇදුමින් සැරසි ගිය සිසුවියන් පිරිසක් විභාග මධ්‍යස්ථානාධිපතිවරයා විසින් ඊයේ (02)දින ආපසු හරවා යවා ඇතැයි වාර්තා වෙනවා.

පාසල් නිල ඇදුමට ෆර්දාව පැළද මෙම සිසුවියන් විභාග මධ්‍යස්ථානයට ඇතුලු විම නිසා ෆර්දාව ඉවත් කර පැමිණෙන ලෙස දන්වා මොවුන් ආපසු හරවා යවා ඇති බව දරුවන්ගේ දෙමව්පියන් පවසනවා.

පසුව එම සිසුවියන් ෆර්දාව ඉවත් කර නැවත හිස සෝල් එකකින් ආවරණය කර ගෙන විභාගයට පෙනිසිට තිබිණි.

කැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම, ජයා මුස්ලිම් විද්‍යාලයේ සිසුවියන් අසු දෙනෙකු පමණ ඉස්ලාම් ආගම ප්‍රශ්න පත්‍රයට පෙනි සිටීමට ඊයේ (02) එම විභාග මධ්‍යස්ථානයට උදෑසන ගොස් තිබුන විට මෙම සිදුවීම සිදු වී ඇත.

විභාගයට සුදානම් වී පැමිණි දරුවන්ව එලෙස නැවත හරවා යැවීමෙන් ඔවුන් මානසික තත්වය බිඳ වැටි ඇති බව දෙමාපියන් පවසනවා .

ලංකා ගුරු සංගමයද මෙයට සිය විරෝධය පළකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *